මහින්ද යාපාගෙන් පොලීසියට අභියෝගයක්

views 313 2018-10-10 08:58:00 news

මුලතිව් ප්‍රදේශයෙන් හමුවූ බව කියන අවි ආයුධ තොගයක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ නිසියාකාරයෙන් ක්‍රියාත්මක වී  නොමැති බවත් , එය ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා ඝාතන  කුමන්ත්‍රණයේ සැලැස්මේ කොටසක්දැයි සැකයක්  පවතින බවත් ඒකාබද්ධ විපක්ෂය පවසයි.

අද (10) පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

එලෙස හමු වු අවී අයුධ තොගයේ ස්නයිපර් ගිනි අවියේ ස්කෝප් කණ්නාඩි තිබුණ බැවින් එ සම්බන්ධයේන් ත්‍රස්ත විමර්ශන ඒකකයට වාර්තා කරන ලෙස පොලිස්පතිට එදිරිපත් කළද එ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පරික්සණයක් සිදු කර නොමැති බව මන්ත්‍රීවරයා පවසයි.

මෙ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අභියෝග කරණ බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි පද්ම උදයශාන්ත මහතාද අදහස් දක්වීය.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post