ලැන්කෂයර් කණ්ඩායමට ක්‍රීඩා කරන්න මහේල ගිවිසුම් අත්සන් තබයි

views 485 2017-05-09 11:41:00 sport

මේ වසරේ නැට් වෙස්ට් 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ ලැන්කෂයර් කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ගිවිසුම් අත්සන් තබා තිබේ.

මහේල ජයවර්ධන දේශීය ක්‍රීඩකයෙකු ලෙස එම කණ්ඩායම වෙනුවෙන් ගිවිසුම් අත්සන් තබා ඇති බව වාර්තා වේ.

සිය බිරිඳට ඩෙන්මාර්කය සමඟ ඇති සබඳතා හේතුවෙන් ඔහුට දේශීය ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට ඇතුළත් වීමට හැකියාව ලැබී ඇති බව සඳහන්වේ.

2015 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාමගත් මහේල ජයවර්ධන  පසුගිය නැට් වෙස්ට් තරඟාවලි තුළ සමර්සෙට් සහ සසෙක්ස් කණ්ඩායම් සඳහා ක්‍රීඩා කරනු ලැබීය.

39 හැවිරිදි මහේල ජයවර්ධන මේ වන විට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස්  කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.


(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post