කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයට වැඩිම අයදුම්පත් තංගල්ලෙන්

views 875 2017-03-20 04:43:00 news

කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සඳහා අයදුම්කරුවන් 22,905 දෙනෙකු ඉල්ලූම්පත් භාර දී තිබෙනවා.

අයදුම්පත් භාර ගැනීම පසුගිය 17 වන දායින් අවසන් කෙරුණු අතර එය මධ්‍යස්ථාන 19කදී සිදුකෙරුණා.

ඒ සඳහා මෙවර වැඩිම අයදුම්පත් ප්‍රමාණයක් ලැබී ඇත්තේ තංගල්ල ප්‍රදේශයෙන්. එම අයදුම්පත් ප්‍රමාණය 3388ක්.

විභාග පැවැත්වෙන ස්ථානය සහ කාලවකවානු පිළිබදව පසුව දැනුම් දීම් සිදුකරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

මේ වන විට ශ්‍රී ලාංකිකයන් 30,000ක් පමණ දකුණු කොරියාවේ රැකියාවල නිරත වනවා.


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post