යාපනයේ ගොවීන් රටේම එළවළු මිල බස්සයි

views 3060 2017-03-07 10:00:00 business

යාපනය අර්ධද්වීපයේ වගා කෙරෙන එළවළු අස්වැන්න ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබීමත් සමඟ දිවයින පුරා එළවළුවල තොග මිල ගණන් සීග්‍රයෙන් පහත වැටී ඇති බවට ගොවීන් සහ වෙළෙන්දන් පවසනවා.

අද වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගෝවා සහ ලීක්ස් කිලෝවක් රුපියල් 14කටත්, කැරට්, වම්බටු, නෝකෝල්, රාබු, දඹල ආදී කිලෝවක මිල රුපියල් 10යේ සිට 20 දක්වා මිලකට අලෙවි වන බවටයි වාර්තා වන්නේ.

විශේෂයෙන්ම කන්දඋඩරට වගා කෙරෙන කැරට්, ලීක්ස්, බෝංචි ආදී එළවළු යාපනය අර්ධද්වීපයෙන් ලැබීම ඒවායේ මිල අඩුවීමට හේතුවක් වනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ වෙළදපොළට පැමිණෙන වෙළන්දන්ගේ ප්‍රමාණය ද අඩු වී ඇති බවයි.

එමෙන්ම තවත් එළවළු තොග විශාල ප්‍රමාණයක් යාපනය අර්ධද්වීපයෙන් ලැබීමට නියමිතව ඇති බව සඳහන්. 

(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post