හෙළ උරුමය සුළු කල්ලියක්.. අපි ව්‍යවස්ථාව ගේනවා..- චම්පිකට එරෙහිව රාජිත බරඅවි ඔසවයි..

views 1177 2017-03-21 10:06:00 news

අග්‍රාමාත්‍ය කාර්යාලය මෙහෙයවන “අලුත් ව්‍යවස්ථාවකින් රට ඉදිරියට” නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැකසීමෙි ක්‍රියාවලිය පිළිබද කේන්ද්‍රීය පුරවැසියන් දැනුවත් කිරීමෙි සම්මන්ත්‍රණය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) මතුගම ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“මම පසුගිය කාලය පුරා රජයන් හැදුවා. රජයන් පෙරලුවා. මා විසින් මෙතෙක් කළ ව්‍යාපෘති වැරදිලා නැහැ. 2015 ජනවාරි 08 වනදාට ප්‍රථම තරුණ පරම්පරාව හෙම්බත් වෙලා හිටියේ. ඔවුන් සමාජ වෙබ් අඩවි තුලින් රජය පෙරළීමට උත්සාහ කළා. ත්‍රස්තවාදයෙන් රට බේරාගත් පසුගිය රජය පසුව රට විනාශ කළා. පැවැති ක්‍රමය වෙනස් කිරීමට තමයි නව රජය බිහි කළේ. හිටපු ජනාධිපතිවරයාගේ ඔත්තු සේවා නිලධාරින්වත් දන්නේ නැහැ රජය පෙරලන්න යන බව. යහපාලන රජය බිහි කිරීම සදහා මැතිවරණ පොරොන්දු රැසක් ලබාදුන්නා. ඒවා ඉටු කරන බව ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් ප්‍රකාශ කළා. ජනතාව අපට ඡන්දය දුන්නේ වෙනසකට එම නිසා ව්‍යවස්ථාව හා මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයි. විධායක ජනාධිපති ක්‍රමයට මම 1978 සිට විරුද්ධයි. පවතින මැතිවරණ ක්‍රමය තුළින් මන්ත්‍රීවරු දුෂිතයින් කරනවා. මැතිවරණ කාලයේ දී පෝස්ටර් යුද්ධයක් තිඛෙනවා. දිස්ත්‍රික්කය පුරා මැතිවරණ රැස්වීම් පැවැත්විය යුතුයි. මැතිවරණ අපේක්ෂකයා ධනපතීන්ට යටත් වෙනවා. මෙම ඡන්ද ක්‍රමය ඔරොත්තු දෙන්නේ නැහැ. මෙම ඡන්ද ක්‍රමය ධනපතින්ගේ ඡන්ද ක්‍රමයක්. එම නිසා මැතිවරණ ක්‍රමය වෙනස් කර පැරණි මැතිවරණ ක්‍රමය යළි ආරම්භ කළ යුතුයි. සමහරු මෙම තීරණයට විරුද්ධව වාද කළා. මම කියන්න කැමැතියි පවතින ඡන්ද ක්‍රමය මට හොදයි. නමුත් රටට හොඳ නැහැ. පැරණි ඡන්ද ක්‍රමය ආරම්භ කළොත් එය මට අවාසි වෙන්නත් පුළුවන්. පැරණි ඡන්ද ක්‍රමය තමයි රටට හොඳ.

පසුගිය රජය සමයේ අධිකරණයට විනිසුරුවරුන් පත් කළේ ජනාධිපතිවරයා. අධිකරණයට බලපෑම් එල්ල කළා. රාජ්‍ය සේවයට බලපෑම් එල්ල කළා. මැතිවරණ පැවැත්වීමෙි තීන්දු තීරණ ගන්නෙත් ජනාධිපතිවරයා. පාර්ලිමෙින්තුව විසුරුවා හරින්නෙත් ජනාධිපතිවරයා. පොලීසිය වහල් හමුදාවක් වගේ ක්‍රියාත්මක වුනා. මෙිවා පිළිබදව අපේ තරුණ තරුණියන් දුක් වෙලා හිටියේ. රට තුළ යළි කැරැල්ලක් ඇතිවීම තමයි අපි ජනවාරි 08 වනිදා නතර කළේ. රට තුළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුවත්, ජනතාව වෙනසක් බලාපොරොත්තු වුනා. ව්‍යවස්ථාව වෙනස් කිරිම දැන් ආරම්භ කර දැන් ජනතා අදහස් ලබාගන්නවා. මෙය ජනතාවගේ වැඩක්.

මැතිවරණ ප්‍රකාශයට අනුව පොරොන්දු ඉටු කළ යුතුයි. එම පොරොන්දු එකිනෙක අපි ඉටු කරනවා. ඉදිරියේ දී ජනමත විචාරණයක් පවත්වනවා. රජයේ පොඩි කල්ලියක් ඊට විරුද්ධ වෙයි. නමුත් දෙමළ ජාතික සන්ධානයත් ව්‍යවස්ථා සංශෝධනයට හා ජනමත විචාරණයට එකඟයි. හිටපු ජනාධිපතිවරයාත් විරුද්ධ වෙයි. නමුත් රට හදන බලෙවිග ජනමත විචාරණයට හා ව්‍යවස්ථා සංශෝධනයට එකතු වෙනවා. නව ව්‍යවස්ථාවෙන් බුදු දහමට ප්‍රමුඛස්ථානය ලැඛෙනවා. බලය ඛෙදාහැරිම ඒකීය රාජ්‍යයක් යටතේ සිදු වෙනවා. ෆෙඩරල් රජ්‍යයක් ඉල්ලූ දෙමළ ජාතික සන්ධානයත් ඒකීය රාජ්‍යයක් යටතේ බලය ඛෙදන්න දැන් සුදානම්. දෙමළ ජාතික සන්ධානයට විරුද්ධවත් විවිධ මත ප්‍රකාශ කරන්නන් එම පක්ෂයේ ඉන්නවා. ඛෙදුම්වාදය ගැන පළාත් සභා වල දී කථා කළොත් එම පළාත් සභා විසුරුවා හැරීමෙි බලය මධ්‍යම රජය සතු වෙනවා. ග්‍රාම රාජ්‍ය සංකල්පය ඇති කරනවා. එම නිසා ලැබී ඇති ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස මම සියළු දේශපාලන පක්ෂවලින් සහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය
(under the courtesy of lankacnews news web)

පුවත්

Recent Post