ආරාධනාවක් ලැබුණොත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට කැමතියි

views 585 2017-03-13 11:35:00 sport

ආරාධනාවක් ලැබුණ හොත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බව බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි.
 
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ පවතින ගිවිසුම 2019 වසරේදී අවසන්වීමට නියමිතය.
 
ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට කැමැත්තෙන් පසුවන බව ඔහු පවසා ඇත.
 
චන්දික හතුරුසිංහගේ පුහුණුවීම් යටතේ බංග්ලාදේශ කණ්ඩායම පසුගිය වසර  කිහිපය තුළ ඉහළ දක්ෂතා පෙන්නුම් කර තිබේ.
 
ඔවුන් පසුගිය වසරේදී එංගලන්තයට එරෙහිව ටෙස්ට් ජයග්‍රහණයක් ද හිමිකර ගෙන ඇති බව සඳහන්වේ

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post