ඉරාකයේ ඓතිහාසික දේවස්ථානයකට අයි.එස්. ප්‍රහාරයක්

views 321 2017-06-22 10:01:00 world

ඉරාකයේ මොසූල් නුවර ඓතිහාසික අල් නුරි මුස්ලිම් දේවස්ථානයට අයි එස් ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට එරට ආරක්ෂක අංශ පවසනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම ප්‍රහාරයෙන් දේවස්ථානයට දැඩි අලාභහානි සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට තමන් සම්බන්ධ නොමැති බවට අයි.එස්. ත්‍රස්තයින් පවසනවා.

ඔවුන් ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය ඇමරිකානු ආරක්ෂක අංශ විසින් එල්ල කර ඇති බවටයි.

(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post