ස්වභාදහමේ අපූරු නිර්මාණය… ගෝනමරියාව නොසිඳෙන ජලඋල්පත..

views 894 2018-10-12 07:37:00 news

වසර දහස් ගණනාවක් තිස්සේ නොසිඳෙන ස්වභාදහමේ අපූර්වතම නිර්මාණයක් සේ සැළකිය හැකි ගෝනමරියාව ජලඋල්පත කැබිතිගොල්ලෑව නගරයට කිලෝ මීටරයක් පමණ ආසන්නයේ පිහිටා ඇති කුඩා කැළකොටසක පිහිටා තිබේ.

අධික පැවිල්ලකදී වුවද නොසිඳෙන ජලඋල්පතෙහි ජලය ඉතා සීතල පිරිසිඳු තත්වයේ පවති.

ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාගනු ලබන්නේ මෙම ජල උල්පත මඟිනි.

නොනවතින ජලඋල්පත මාතලේ ප්‍රදේශයේ සිට ගලා එන භූගත ජලපහරකින් ගලා එන්නක් බව ප්‍රදේශවාසීන් පවසයි.

– කුමාර උදයරත්න

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post