ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය ගැන කථානායක කාර්යාලයෙන් නිවේදනයක්

views 922 2017-05-19 04:53:00 news

ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය පිළිබඳ අභියාචනාධිකරණ තීන්දුව මැතිවරණ කොමිසම වෙත දන්වා යැවීමේදී අනවශ්‍ය ලෙස කඩිනම් කිරීමක් හෝ ප්‍රමාද කිරීමක් සිදුනොකළ බව කථානායක කාර්යාලය නිවේදනය කරනවා.

ඔවුන් පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මැතිවරණ නීතිය අනුව සාමාන්‍ය ක්‍රියා පිළිවෙත එහිදී අනුගමනය කර ඇති බවයි.

ඇයගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව පරිදි පාර්ලිමේන්තු මහලේකම්වරයා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේදී කිසිදු ඉහළ අධිකරණයකින් එම තීන්දුව වාරණයකට ලක් නොකර තිබූ බව ද කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post