කටාර් රාජ්‍යයට තවදුරටත් සම්බාධක

views 633 2017-07-06 10:22:00 world

කටාර් රාජ්‍යයට තවදුරටත් සම්බාධක පැනවීමට සෞදි අරාබිය ප්‍රමුඛ ගල්ෆ් රටවල් තීරණය කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ සෞදි අරාබිය ප්‍රමුඛ ගල්ෆ් රටවල් කටාරය වෙත ඉදිරිපත් කළ කොන්දේසි ඉටු කිරීම සඳහා  ලබාදුන් පැය 48 ක කාලවිරාමයත් මේ වනවිට අවසන්ව ඇති බවයි.

කටාරය වෙත ලබාදී තිබූ කොන්දේසි සම්පූර්ණ නොකිරීමත් සමඟ ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ජා කිරීම සඳහා මැදපෙරදිග රටවල් 04ක විදේශ අමාත්‍යවරු ඊයේ ඊජිප්තුවේ කයිරෝ නුවරට රැස්වී සාකච්ජා කිරීමෙන් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඔවුන් කියා සිටියේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් කටාර් රාජ්‍යය ඍණාත්මක ප්‍රතිචාර දැක්වීම කණගාටුවට කාරණයක් බවයි.


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post