කල් ඉකුත් වන දිනය නැති මුහුණු ආලේපන තොගයක් පිටකොටුවෙන්

views 519 2017-04-04 09:34:00 business

නීතිවිරෝධී ලෙස අලෙවි කළ මුහුණු ආලේපන තොගයක් පිටකොටුව වෙළඳසල් දෙකකින් සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

ඒවායෙහි මිල, නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත් වන දිනය පිළිබදව කිසිදු සඳහනක් නොතිබූ බවයි එම අධිකාරිය සදහන් කළේ.

එලෙස සොයා ගත් ආලේපන තොගයේ වටිනකම රුපියල් ලක්ෂ 11ක්.

ආලේපන මිලදී ගැනීමේදී කල් ඉකුත් වන දිනය සහ අඩංගු ද්‍රව්‍ය පිළිබදව විශේෂයෙන් සැලකිල්ලක් දක්වන ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post