ඉතියෝපියාවේ නාය යෑමකින් 48ක් මරු දකියි

views 332 2017-03-13 11:42:00 world

ඉතියෝපියාවේ අඩිස් අබ්බා ප්‍රදේශයේ කුණූ කන්දක් නායයාම හේතුවෙන් පුද්ගලයින් 48 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
අදාළ නායයාමෙන් තවත් විශාල පිරිසක් අතුරුදන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
 
අදාළ සිදුවිම සිදු වන අවස්ථාවේදී පුද්ගලයින් 150ක් පමණ අදාළ ප්‍රදේශයේ සිට ඇති බව ද සඳහන්වේ.
 
මියගිය සහ අතුරුදන්වූ පුද්ගලයින් අතර කුඩා දරුවන් ද සිටින බව අඩිස් අබ්බා ප්‍රදේශයේ ප්‍රකාශිකාවක විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.
 
අනතුරින් මියගිය සංඛ්‍යාව තවත් ඉහළයා හැකි බව ද ඇය පවසා තිබේ.

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post