ඇමරිකාව පාකිස්‌තානයේ යුද ආධාර කපා දමයි

views 102 2018-09-03 09:29:00 world

පකිස්‌තානයට ලබාදෙන ඩොලර් මිලියන 300 ක යුද ආධාර ඇමරිකාව තහනම් ඇත.
 
 පකිස්‌තානය ත්‍රස්‌ත සංවිධානවලට සහාය පළ කරන නිසා මෙම ආධාර නැවැත්වූ බව ඇමරිකාව කියයි.
 
 ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ පකිස්‌තානය ඇමරිකානු ආණ්‌ඩුව රවටන බවයි.
 
 හඛානි ත්‍රස්‌ත කණ්‌ඩායමට පකිස්‌තානයේ සහාය ලැබෙන බව ඇමරිකාව චෝදනා කරයි.
 
 2011 දී ත්‍රස්‌ත මර්දන මෙහෙයුම් ආරම්භ වූ විට පකිස්‌තානයට ඇමරිකාව ඩොලර් බිලියන ගණනක යුද ආධාර සැපයීය.

පුවත්

Recent Post