ඇල්පිටියේ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

views 559 2017-03-20 01:53:00 news

ඇල්පිටිය මහහේන කන්දමුදුන ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු එක් අයෙකු මිය ගොස් තිඛෙනවා.

ඔහු ඇල්පිටිය පිටුවල ප්‍රදේශයේ පදිංචිව සිටි 30 ස් හැවිරිදි නාවික හමුදා සෙබලෙක්.

අනතුර සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

(under the courtesy of nethfm news web)

පුවත්

Recent Post