ශ්‍රේෂ්ඨාධිකරනය අන්තිම තීන්දුව දෙයි.. දුමින්ද සිල්වාට මරණ දඬුවම ස්ථිරයි.. නැවත අභියාචනා බෑ..

views 2805 2018-10-11 09:17:00 news

භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්දයෙන් වරදකරැු කර මණ දණ්ඩානය නියම කර බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා විසින් ගොනු කර තිබූ අභියාචනයේ තීන්දුව මීට ටික වේලාවකට පෙර ප‍්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කර ඇත්තේ දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට පෙර නියම කරන ලද මරණ දඬුවම ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කිරීමටයි.

මරණ දඬුවම නියම කර සිටි අනුර තුෂාර ද මෙල් පමණක් නිදොස් කර නිදහස් කරනු ලැබීය.

2011 ඔක්තෝබර 08 මුල්ලේරියාවේදී සිදුවූ වෙඩි හුවමාරුවෙන් භාරත ලක්‍ෂමන් මහතා මරණයට පත් වූ අතර දුමින්ද සිල්වා මහතාටද වෙඩි වැදී දීර්ඝ කාලිනව ප‍්‍රතිකාර ගන්නා ලදී.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post