ඉන්දියාවේ පෙට්‍රල්, ඩීසල් මිල අඩුවෙයි

views 315 2017-04-01 10:14:00 world

ඉන්දියාව, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කර තිබෙනවා.

එහිදී පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 3යි 77කින් අඩු කර ඇති අතර, නව මිල වන්නේ රුපියල් 67යි 37ක්.

ලීටරයක් රුපියල් 2යි 91කින් අඩු කළ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 56යි 11ක් වන බවයි ඉන්දීය තෙල් සංස්ථාව නිවේදනය කළේ.

ඉන්දියාව මෙලෙස ඉන්ධන මිල සංශෝධනය කර ඇත්තේ පසුගිය ජනවාරි 16 වන දායින් පසු ප්‍රථම වරටයි.

වත්මන් ජාත්‍යන්තර තෙල් මිල සහ ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අනුපාතය සැලකිල්ලට ගෙන මෙලෙස පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කළ බව ඉන්දීය තෙල් සංස්ථාව වැඩිදුරටත් ප්‍රකාශ කළා.


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post