කොළොම්බියාවේ නායෑමෙන් කුඩා ළමුන් 44 මරුට

views 237 2017-04-03 11:18:00 world

කොළොම්බියාවේ, මොකෝවා නගරයේ හටගත් නායයාමෙන් කුඩා ළමුන් 44 දෙනෙකු මියගොස් ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

නායයාම හේතුවෙන් පුද්ගලයින් 260කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත් වී තිබේ.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර 200කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අතුරුදන්වූවන් සෙවිමේ කටයුතු සහ විපතට පත් වූවන්ට සහන සැලසීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ සඳහා හමුදා සාමාජිකයින් 1000කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියි. 

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post