චීන ආරක්ෂක ඇමති, ජනපති හමුවෙයි

views 201 2017-03-20 05:12:00 news

දිවයිනට පැමිණ සිටින චීන ආරක්ෂක අමාත්‍ය සහ රාජ්‍ය උපදේශක ජනරාල් චෑන්ග් වන්ක්වාන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තිබෙනවා.

ජනාධිපති නිළ නිවසේදී අදාළ හමුව අද පෙරවරුවේ සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මෙහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝ කාලීන සබඳතාව සිහිපත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට සහ ජාතික ආරක්ෂාවට චීනයෙන් ලැබෙන දායකත්වය අගය කර තිබෙනවා.

එහිදී චීන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය සහ ජනතා සුබසිද්ධිය සඳහා ශක්තිමත් පදනමක් වැටී ඇති බවයි.



(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post