චැම්පියන්ස් කුසලාන ත්‍යාග මුදල් ප්‍රකාශයට

views 2931 2017-05-16 09:25:00 sport

මෙවර එංගලන්තයේ පැවැත්වෙන 8 වන චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ත්‍යාග මුදල් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් දැන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ජුනි 1 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලිය සඳහා පිරිනැමෙන මුළු ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක්.

එහිදී ශුරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 2.2ක් හිමි වනු ඇති.

තරගාවලියේ අනුශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක් හිමි වන අතර අවසන් පූර්ව වටයට පිවිසෙන අනෙක් කණ්ඩායම් දෙකට ඩොලර් 4,50,000 බැගින් හිමි වනවා.

මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව පිවිසෙන්නේ ජුනි 3 වැනිදා ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරඟයෙන්.

ජුනි 8 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ තරඟ වදිනවා.

(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post