රුසියා ප්‍රහාරයට මධ්‍යම ආසියාතිකයෙකු සැකකරයි

views 223 2017-04-04 09:28:00 world

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර උමං දුම්රිය මාර්ගයකට එල්ල වු ප්‍රහාරය  දියත් කළ පුද්ගලයා මධ්‍යම ආසියාතිකයෙකු බවට සැකකෙරෙන බව රුසියානු මාධ්‍යය වාර්තා කරයි.

එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ සැකකරු හඳුනාගෙන ඇති නමුත් ඔහු මරාගෙන මැරෙන බෝම්බකරු ද යන්න පරස්පර මත පවතින බවය.

කෙසේවෙතත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු ත්‍රස්ත සංවිධානයක් විසින් බාරගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊයේ(3) දිනයේ පීටර්ස්බර්ග් නුවර උමං දුම්රිය මාර්ගයක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 45 දෙනෙකු තුවාල ලැබුවේය.

මෙම ප්‍රහාරයෙන් හේතුවෙන් දින තුනක ශෝක කාලයක්  ප්‍රකාශ කිරීමට පීටර්ස්බර්ග් බලධාරීන් තීරණය කර තිබේ.  

එමෙන්ම ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාව, ජර්මනිය ඇතුළු ලෝක නායකයින් ද රුසියාව වෙත සිය කණගාටුව පළ කර ඇති බව සඳහන්වේ.

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post