වැල්ලවත්තේ කඩාවැටුණු ගොඩනැගිල්ලට අනුකූලතා සහතිකයක් ලබාගෙන නෑ - ඇමති පාඨලී - CCTV දර්ශනත් එළියට

views 531 2017-05-19 04:55:00 news

වැල්ලවත්තේ දී කඩා වැටුණු ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා කිසිදු සැලසුම් සහතිකයක් හෝ අනුකූලතා සහතිකයක් ලබාගෙන නොමැති බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

අද පස්වරුවේ බත්තරමුල්ලේ පිහිටි සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩාවැටෙන අයුරු දැක්වෙන CCTV දර්ශන මේ වනවිට අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

එම දර්ශන පහතින්.


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post