යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගෙන ආ යෝජනාවක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පළමු වරට පරදී

views 333 2017-03-02 09:27:00 world

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවක් පළමු වරට පරාජයට පත්ව තිබෙනවා.

මෙම යෝජනාව මගින් සඳහන් කර තිබුණේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වුවහොත් එහි වෙසෙන යුරෝපා රටවල පුරවැසිභාවය හිමි වැසියන්ට බ්‍රිතාන්‍යයෙන් ඉවත්ව යාමට සිදුවන බවටයි.

එහෙත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමි මණ්ඩලය මෙම යෝජනාවට සිය විරෝධය පළ කර තිබෙනවා.

ඒ සඳහා ඡන්ද විමසීමක් ද පැවති අතර, පාර්ලිමේන්තුවේ ඡුන්ද 358 න් යෝජනාවට විරුද්ධව ඡන්ද 256 ක් හිමිවුණා.

මෙම යෝජනාව ප්‍රතිශෝධනය කිරිමට මාස 3ක කාලයක් ලබාදී ඇති අතර යුරෝපා රටවල පුරවැසිභාවය හිමි බ්‍රිතාන්‍යයේ වෙසෙන ජනතාවට කිසිදු තහනමකින් තොරව එහි රැඳී සිටීමට අවස්ථාව ලබාදිය යුතු බවයි පාර්ලිමේන්තුවේ  මතය වී ඇත්තේ.




(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post