බෙන් ස්ටොක් වැඩිම මිලට අලෙවිවෙයි

views 240 2017-02-21 02:18:00 sport

එංගලන්ත තුන්ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් වෙන්දේසීයේ වැඩිම මිලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා බවට පත්ව තිබේ.

 ඒ අනුව ඔහු බ්‍රිතාන්‍ය  පවුම් මිලියන එකයි දශම හතක මිලකට අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

“රයිසින් පුනේ සුපර්ගෙයින්ට්“ කණ්ඩායම විසින් ඔහු මෙලෙස මිලදීගෙන තිබේ.

එමෙන්ම එංගලන්ත ක්‍රීඩක ටයිමල් මිල්ස් බ්‍රිතන්‍ය පවුම් මිලියන එකයි දශම හතරකටත්, ක්‍රිස් වෝකර්ස් බ්‍රිතාන්‍ය පවුම් පන් ලක්ෂ 4,140කටත් අලෙවි වී ඇති බව වාර්තා වේ.‍

මේ අතර අයි.පී.එල් ක්රිරඩක වෙන්දේසියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකු ද ඊයේ(20) දිනයේ මිලදී ගෙන තිබේ.

ලසිත් මාලිංග රුපියල් කෝටි 17කට ආසන්න මිලකටත් ඇන්ජලෝ මැතිව්ස් රුපියල් කෝටි 4යි දශම 5ක මිලකටත් අසේල ගුණරත්න  රුපියල් ලක්ෂ 67ක මිලකටත් අලෙවි වී තිබේ.
(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post