අවුරුද්දට කලින් පොල් තෙල් මිල පහළට

views 213 2017-03-03 11:21:00 business

වෙළඳපොලේ ඉහළ ගොස් ඇති පොල් තෙල් මිල ගණන් එළැඹෙන සිංහල හින්දු අලූත් අවුරුද්දට පෙර පහළ යනු ඇති බවට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු  සහ පර්යේෂණ මධ්‍යස්ථානය පවසනවා.

දැනට වෙළඳපොලෙහි පොල් මිල ගණන් ඉහළ යාම පොල් තෙල් මිල ඉහළ යාමට හේතු වී තිබෙනවා.

මේ වනවිට වෙළඳපොලෙහි පොල් තෙල් බෝතලයක් රුපියල් 250 ත්, 280 ත් අතර මිලකට අලෙවි වනවා. එමෙන්ම, දැනට පොල් ගෙඩියක මිලද රුපියල් 80 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post