එක දිගට පැය 50ක් කිස් කරපු දිළිණිට ඇමරිකාවෙන් ලැබුණු ලක්ෂ ගානක අපූරු තෑග්ග - Photo & Video

views 6746 2017-04-21 11:32:00 news

අමෙරිකාවේ අමුතු ආකාරයේ තරඟයක් පවත්වලා තියෙනවා. මේ තරඟයෙන් ජයග්‍රහණය කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ කාන්තාවක්.


මේ තරඟය වුණේ මෝටර් රථයක් වැඩිම වේලාවක් සිප ගැනීමයි.

තරඟය පවත්වලා තියෙන්නේ ඇමෙරිකාවේ ඔස්ටින් ප්‍රාන්තයේ, ටෙක්සස් ප්‍රදේශයේ  රේඩියෝ චැනලයක් විසින්.

මේ කාන්තාව දිලිනි ජයසූරියයි. ඇය අමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය රසායානාගාරයක සේවය කරන්නියක්.

දිලිනි පැය 50ක කාලයක් කියා “ඔපිටිමා එල්. එක්ස් කාර් රථය” සිපගෙන ඉඳලා තමයි මෙම තරඟය ජයග්‍රහණය කරලා තියෙන්නේ.

ඇය කියලා තියෙන්නේ ඇගේ ස්වාමිපුරුෂයා හා ඇය එකම මොටර් රථය බෙදාගෙන භාවිතා කළ නිසා මෙම තරඟය සඳහා ඉදිරිපත් වූ බවයි.

මේ තරඟයෙන් ඇයට හිමි වූ මෙම කාර් රථයේ වටිනාකම ලංකාවේ මුදලින් ලක්ෂ 37ක් පමණ වේ.

තරඟකරුවන් 20ක් මෙම තරඟය සඳහා සහභාගි වී ඇති අතර ඔවුන් සියළුදෙනාම විවිධ ත්‍යාග දිනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ.


(mqj;a wkq.%yh ch Y%S mqj;a fj� wv�h)

පුවත්

Recent Post