පියුමි හංසමාලීත් සමඟ පැමිණ හොටලේදී කළ පහරදීමට සැකපිට 4ක් අත්අඩංගුවට

views 1756 2017-03-20 04:00:00 news

කිරිබත්ගොඩ හෝටලයකදී පසුගියදා ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සැකපිට 4 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 15 වැනිදා රාත්‍රියේ රංගන ශිල්පිනී පියුමි හංසමාලී සමඟ පැමිණි පිරිසක් මාධ්‍ය ආයතන කිහිපයක සාමාජිකයන් පිරිසකට පහරදීම වාර්තා වූවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරදීම සම්බනධයෙන් චෝදනා එල්ලවූ සැකකරුවන් 4 දෙනෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම සැකකරුවන් සිව්දෙනා හෙට හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත්කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පසුගිය දා මෙම ගැටුම ඇතිවූ අයුරු දැක්වෙන CCTV දර්ශන ඇතුලත් වීඩියෝව පහතින්.

(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post