පිලිපීනයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 26 මිය යයි

views 304 2017-04-19 09:13:00 world

උතුරු දිග පිලිපීනයේ කඳුකර ප්‍රදේශයකදී මගීන් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ.

අඩි 80ක් පමණ බෑවූමකින් යුත් ප්‍රපාතයකට අදාළ බස් රථය පෙරළීගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බස් රථයේ තිරිංග ක්‍රියවිරහිත වීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 50 දෙනෙකු පමණ සිට ඇති අතර තුවාල ලැබූ පිරිස් රෝහල් වෙත රැගෙන යාමට කටයුතු කර ඇති බව වාර්තාවේ.

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post