ඉරාකයේ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 ක් මරුට

views 353 2017-03-30 11:18:00 world

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පොලිස් මාර්ග බාධකයක් ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ ප්‍රහාරයෙන් තවත් පුදගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

බැග්ඩෑඩයේ දකුණු දිග ප්‍රදේශයට වන්නට අදාළ පොලිස් මුරපොල පිහිටා ඇති බව සඳහ වෙයි.

කෙසේ වෙතත් අදාළ ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැති අතර ඉස්ලාමීය අයි.එස් කැරලිකරුවන් විසින් අදාළ ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට සැක පළ කරයි.
 

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post