කොටින්ට හුලං ගහන්න හැදු රැජිනිකාන්ත්ට යාපයනට ඇතුළුවෙන්න වීසා නොදේ…

views 785 2020-01-14 01:34:00 news

ඊළාම්වාදියකු වූ තමිල්නාඩුවේ සුපිරි නළු රැජිනි කාන්ත්ට යාපනයට පැමිණීම සඳහා වීසා බලපත‍්‍ර නොදෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

තමිල්නාඩුවේ චෙන්නායි නුවර පැවැති ලෝක දෙමළ සමුළුවට සහභාගි වූ හිටපු උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්්වරන් මහතා විසින් රැජිනි කාන්ත්ට ශී‍්‍ර ලංකාවට පැමිණ උතුරේ ඊළාම්වාදීන් හමුවන ලෙස ඇරයුම් කර තිබිණි.

රැජින් කාන්ත් මේ ඇරයුම පිළිගෙන තිබේ. කොටි සංවිධානය පරාජයට පත් වීමත්, ප‍්‍රභාකරන් මරුමුවට පත් වීමත් ගැන විරෝධය පළ කර තිබූ රැජිනි කාන්ත් ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහිව ඉන්දීය හමුදාව යැවිය යුතු බව පවසා තිබිණි.

රැජිනි කාන්ත්ව මෙරටට ගෙන්වන්නේ දේශපාලන කටයුතු සඳහා බවත් එවැනි කි‍්‍රයාදාමයකට වීසා බලපත‍්‍ර ලබා නොදෙන බවත් එම ආරංචි මාර්ග පැවසීය.

රැජිනි කාන්ත් උතුරට පැමිණීම භාරගෙන ඇති බවට තොරතුරු ප‍්‍රචාරය වීමත් සමගම උතුරේ ඊළාම්වාදීන් ඔහු මහත් හරසරින් පිළිගැනීමේ සැලසුමක් දියත් කර ඇත.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post