මොගිඩිෂු ප්‍රදේශයේ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් 5ක් මරු දකියි

views 369 2017-05-09 11:46:00 sport

සෝමාලියාවේ මොගිඩිෂු ප්‍රදේශයට එල්ල වූ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය  වාර්තා කළේය.

මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් අදාළ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු ත්‍රස්ත සංවිධානයක් විසින් බාරගෙන නොමැති බව වාර්තාවේ.


(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post