අත්දැකීම් රැසක් සමගින් කඳවුරක රාත්‍රියක්

views 2017-09-14 11:24:00 travel_New

විනෝදවීමට ප්‍රමුඛස්ථානයක් ලබාදෙන පුරවැසියන් සිටින මේ පුංචි රටේ වෙසෙන ජනතාවට ගොස් විනෝද විය හැකි සොඳුරු ස්ථානයක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ තිබේ. 2011 වසරේ දී විවෘත කරන ලද Thuduwa Camp පරිසර හිතකාමී කොටේජ් 05 කින් යුක්ත අලංකාර වටපිටාවක් සහිත විවිධත්වයෙන් යුත් අත්දැකීම් රාශියක් ලබා ගත හැකි තෝතැන්නකි. මෙහි ඇති කොටේජ් සකස් කර ඇත්තේ මැටි උපයෝගී කරගෙන බැවින් ඉන් ලබාදෙන්නේ වෙනස් ම ආකාරයේ අත්දැකීමකි. ඒ හේතුවෙන් පැරණි සමාජයක් වෙත සංචාරකයින් රැගෙන යාමට මෙම හෝටලයට හැකි ය. කඳවුරක දිවි ගෙවීම සාමාන්‍යයෙන් දුර්ලභ ගණයේ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකි ය. එහෙත් ලද විවේකය අරුත්බර ලෙස ගත කිරීමට නම් ඒකාකාරී ලෙස ගත කිරීමෙන් මිදිය යුතු ය.

ඒ සඳහා කඳවුරක රැයක් පහන් කිරීම යනු ඔබගේ විවේක කාලය ආශ්වාදජනක එකක් බවට පත් කිරීමට සමත්කම් දක්වන්නකි. මෙය කඳවුරක දිවි ගෙවීම සඳහා කදිම අවස්ථාවකි. ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ සෙවණගත ප්‍රදේශයේ මනරම් වටපිටාවක මෙම Thuduwa Camp පිහිටා තිබේ. ඖෂධීය ගස් වැල් ද මේ ආශ්‍රිත පරිසරයේ දක්නට ඇත. කිරිඉබ්බන් වැව ද මෙම හෝටලයට යාබද ව පිහිටා ඇති බැවින් එමගින් ලබා දෙන්නේ ද අති සුන්දරත්වයකි. මෙම හෝටලය ආශ්‍රිත පරිසරයෙන් ලබාදෙන ස්වභාවික සුන්දරත්වය හේතුවෙන් සංචාරක ආකර්ශණය ඉහළ යාමට එය හේතුවක් වී ඇත. දෙස් විදෙස් ගවේශකයින් ද මේ වෙත පැමිණෙයි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් පැමිණෙනු ලබන්නේ ඔවුන්ගේ පෞද්ගලික මෝටර් රථවලිනි.

මෙම ස්ථානයට ආසන්නම නගරයවන්නේ ඇඹිලිපිටියයි. මොණරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික් 02 ම ආසන්නයේ මෙම හෝටලයේ පිහිටා තිබීම හේතුවෙන් මෙහි යන සංචාරකයින්ට තව සුන්දර ස්ථාන රැසක් සඳහා පහසුවෙන් සහභාගීවීමේ අනගි අවස්ථාව උදා වෙයි. දේශගුණික වතාවණය අතින් මෙම Thuduwa Camp ඉහළින් සිටී. තෙත් සහිත පරිසරයක් බැවින් වටපිටාව තුළින් ගත දැවටෙන සීතල සුළඟ හේතුවෙන් සංචාරයින්ගේ ගතට ගෙන දෙන්නේ නැවුම් ප්‍රබෝධමත්භාවයකි. සීතල සහ සුළං සහිත සවස් කාලයක් නිදහසේ ගත කළ හැකි ය. ආලින්දයේ පහසුවෙන් වාඩි වී තේ පානය සඳහා එක්විය හැකි සුන්දර වේලාව නම් එයයි. දිවා කල උෂ්ණත්වය සැප පහසුවන අතර මධ්‍යම ප්‍රමාණයේ උණුසුමක් ඇති බැවින් කිසිවෙකුටත් එමගින් පීඩාවක් ඇති නොවෙයි. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සිට Thuduwa Camp කිලෝ මීටර් 164 ක දුරින් පිහිටා ඇති අතර එහි සිට මේ සඳහා ගමන් කිරීමට පැය 05 ක් වැනි කාලයක් ගත වෙයි. කොළඹ සිට කිලෝ මීටර් 130 ක දුරින් මෙය පිහිටා ඇත. එසේ ම මත්තල ගුවන් තොටුපොලේ සිට විනාඩි 35 ක් වැනි ඉතා කෙටි කාලයකින් Thuduwa Camp වෙත ළඟා විය හැකි ය. මෙහි සිට පහසුවෙන් ගමන් කර හැකි සුන්දර ස්ථාන රැසකි.

ඒ අතරින් උඩවලව ජාතික වනෝද්‍යානය, දූවිලි ඇල්ල, මඩුවන්වෙල වලව්ව ප්‍රධාන වේ. උඩවලව ජාතික වනෝද්‍යානය සඳහා සෆාරි සදහා ජීප් සූදානම් කරදීමට හෝටල් කාර්ය මණ්ඩලය කටයුතු කරන අතර කඳවුරු සඳහා සියල්ල සූදානම් කරදීමට ද ඔවුහු ඉදිරිපත් වෙති. එම අත්දැකීම දෙස් විදෙස් සංචාරකයින් සඳහා අමතක නොවන එකක් බවට පත් කිරීමටත් ශ්‍රී ලංකාවේ වන සත්වයින් නැරඹීමේ සුවිශේෂී අවස්ථාව ඔවුන්ට උදා කර දීමටත් ඔවුන් කටයුතු කරන්නේ මහත් උනන්දුවෙනි. පෞරාණික මොටර් රථ පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුගේ අවධානයට පාත්‍ර වූ පැරණි මෝටර් රථ මෙහි දී දැක බලා ගැනීමට හැකි ය. බෝට්ටු සවාරිවල නියැලීමටත් ස්වභාවික සුන්දරත්වය මනා ලෙස ස්පර්ෂ කළ හැකි ආකාරයේ Cabanas මෙහි ඇත. දෙස් විදෙස් ආහාර ඕනෑම දෙයක් ඇණවුම් කර ලබා ගත හැකි ය. මෙහි පැමිණෙන සංචාරකයින් සඳහා අවැසි නම් බාබකිව් සකස් කර දීමට මෙහි කාර්ය මණ්ඩලය කටයුතු කරයි.

එසේම මෙහි දී ආයුර්වේද සත්කාර ද ලබාගැනීමට හැකියාව තිබේ. Thuduwa Camp, Kiriibbanwewa, Sewanagala, Udawalawe පිහිටා ඇති අතර 077-7123766, 077-3383836 යන දුරකතන අංක ඔස්සේ සම්බන්ධ කර ගත හැකි ය. එසේම වැඩිදුර තොරතුරු සඳහා booking@thuduwacamp.com යන විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ කර ගැනනීමට පුළුවන.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල