thotupala

views 2017-02-24 11:36:00 travel_New

අවිවේකී කොළඹ පරිසරයෙන් මිදී, නමුත් කොළඹට පැයක පමණ දුරින් පිළියන්දල පිහිටි Thotupola Lakeside Resort බොල්ගොඩ  ගංඉමේ අක්කර දෙකක භූමි භාගයක් වසා ඉදිකර තිබේ.
බොල්ගොඩ ජල ධාරාවන් පිස එන සුළඟින් සහ කොළ පැහැ වටපිටාවෙන් පරිපූර්ණව සැදි මෙ ම නවාතැන කුලූ‍නු ආරට ඉදිවූ නිවස්න (lodges) 11 කින්, ප‍්‍රධාන උත්සව ශාලාවකින්, ගසින් වැලින් සුන්දර වූ මැද මිදුලට යොමුවූ  ප‍්‍රධාන ප‍්‍රවේශය (main lobby) සහ ගඟට මුහුණලා ඉදිවූ භෝජන ශාලාවකින් සමන්විතය.

වසර ගණනාවකට පෙර නිමවන ලද "තොටුපළ" නව අංග එක්කරමින් මංගල සාද, ආයතනික පුහුණු වැඩසටහන් සහ උත්සව සඳහා ඉඩහසර සලසමින් නව මුහුණුවරකින් සිය සේවය සපයයි. වීදුරුවලින් දෙප සආවරණ සහිතව ගඟට මුහුණලා ඇති වායු සමීකරණය කළ සුපොගභෝගී ප‍්‍රධාන උත්සව ශාලාවේ අමුත්තන්
300 කට එකවර අසුන් පැනවිය හැකිය. බොල්ගොඩ ගංගාවට විවර වන ආලින්ද යන් සහිතව නිමවා ඇති කාමර නවාතැන් ගැනීමේ සියලූ‍ පහසුකම් සහිත වන අතර,  "තොටුපළ"  එක්දින විනෝද  අංග සඳහාද පහසුකම් සපයන්නේ ස්වභාවික  පරිසරය හා ඒකාබද්ධ වූ  soft adventure අංගද (Zip-lining / Kayaking / Climbing wall with safety gear) එක්කරමිනි. වාහන විශාල ප‍්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් සහිත රථවාහන අංගණයද යාබදව පිහිටා ඇත.

"තොටුපළ"  පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ හැකි කරුණ වන්නේ , අවට ස්වභාවික  නිස්කලංක පරිසරයේ පැවැත්මට බාධා නොවන අයුරින් කළ මෘදු ස්වභාවික  වර්ණ (earth colors) භාවිතය, අවර්ණ cut-cement යෙදුම් සහ හැකි සෑම විටම පරිසරයට නිරාවරණය වන පරිදි බිත්ති යොදා තිබීමයි. මධ්‍යයගතව පිහිටා ඇති නාන තටාකයද ගෙ උයනට සහ හිරු එළියට විවෘතව පවතී.

Telephone: +94 112 761 101
Hot Lines: +94 777 352 352 / +94 777 352 362 / +94 777 352 372
Email: info@thotupolalakeside.lk
Web: www.thotupolalakeside.lk



​සිංහල ලිපි