වැඩි දෙනෙක් ලිංගිකව එකතුවෙන්න කැමතිම විදිහ හෙළිවෙයි

views 2018-01-11 11:10:00 sex_education

බ්‍රිතාන්‍ය ආයතනයක් විසින් ලිංගික ව එක්වීමට වඩාත් කැමති පොදු ස්ථාන පිළිබඳ සිදු කළ සමීක්ෂණයක දී බොහෝ පිරිසක් එළිමහනේ උද්‍යාන තුළ ලිංගික ව එක්වීමට වැඩි කැමැත්තක් දක්වන බවට අනාවරණ කරගෙන තිබේ.
එම සමීක්ෂණය සඳහා කාන්තාවන් සහ පිරිමි 2000 ක් පමණ යොදාගෙන ඇති බව ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් පුවත් වාර්තාවක් මගින් පෙන්වා ඇත.
අදාළ වාර්තාවන්හි දැක්වෙන ආකාරයට ප්‍රතිශතයක් ලෙස 16.8%ක් මෙලෙස නිදහස් උද්‍යාන තුළ ලිංගික එක්වීමට වඩාත් කැමති බව ප්‍රකාශ කර තිබේ.
එහි දෙවන ස්ථානය ලෙස දක්වා ඇත්තේ මුහුදු වෙරළයි. එයට හිමිව ඇති ප්‍රතිශතය 13%කි.
එම වාර්තාවේ තෙවන ස්ථානය ලෙස9.4 % ක් කැමැත්ත පළකර ඇත්තේ පොදු වැසිකිළි තුළ ලිංගික ව එක්වීමට ය.
අදාළ වාර්තාවේ දැක්වෙන අයුරින් මෝටර් රථගාල් තුළ, නාන තටාක තුළ තැබෑරුම් තුළ එලෙස ලිංගික ව එක්වීමට වැඩි කැමැත්තක් පළකර තිබේ.
මෙලෙස නොගැලපෙන ස්ථානවල දී අසභ්‍ය ලෙසින් හැසිරීමට කැමැත්තක් ඇතිවීමට අසභ්‍ය චිත්‍රපට නැරඹීමට ඇබ්බැහිවීම හේතුවන බව මනෝ වෛද්‍යවරු පෙන්වා දී ඇත.



​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල