ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම ලිංගික ශක්‌තිය වර්ධනය කර ගැනීම සඳහා ආයුර්වේද ඖෂධ මෙන්න

views 2017-09-12 12:10:00 sex_education

ඕනෑම පිරිමියකු හෝ ගැහැණියකගේ ලිංගික ශක්‌තිය සඳහා ඔවුන්ගේ කායික නිරෝගී බව මානසික නිරෝගී බව බලපානවා. කායික රෝගී බවකින් හෝ මානසික ගැටලුවලින් පෙළෙන විට ලිංගික ශක්‌තිය දුර්වල වෙනවා.

වර්තමානයේ අප රටේ තරුණ තරුණියන් විශාල පිරිසක්‌ මද සරු බවින් පෙළෙන බව වාර්තා වී ඇත. මෙම තත්ත්වය මත ඔවුන් විවාහ වූ විට දී දරුඵල පමාවීම සහ ලිංගික දිවියෙහි පවතින අතෘප්තිමත් බව නිසා නොයකුත් ගැටලු මතුවී තිබේ. මේ සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ඇති වාජීකරණ ඖෂධ මඟින් ලබාගත හැකි ප්‍රතිකාර පිළිබඳව අපි අවධානය යොමු කරමු.

වෛද්‍යතුමනි, වාජීකරණ ඖෂධ ප්‍රතිකාර යනු කුමක්‌ද?

වාජීකරණ ඖෂධ පිළිබඳව බොහෝ දෙනා තුළ පවතින්නේ වැරදි මතයකි. මෙමඟින් ලබාගත හැක්‌කේ ලිංගික උත්තේජනයක්‌ පමණක්‌ බව සමහරු හිතනවා. එනිසා වාජීකරණ ඖෂධ ප්‍රතිකාර ලබාගැනීමට බොහෝ දෙනා තුළ ලැඡ්ජාවක්‌ පවතිනවා.

ආයුර්වේදයේ වසර තුන්දහසකට පමණ පෙර සිට පැවත එන මෙම වාජීකරණ ඖෂධ මඟින් සිදුකරන්නේ කාන්තාවක සහ පිරිමියකුගේ කායික නිරෝගී බව ඇති කිරීමට අවශ්‍ය ශක්‌තිය ලබාදීමයි. මෙම කායික නිරෝගී බව නිසා ඔවුන් ක්‍රියාශීලී වෙනවා. ශරීරය පැහැපත් වෙනවා.

අන් අයගේ ආකර්ෂණය ඇතිකර ගැනීමට සමත් වෙනවා.

වර්තමානයේ තරුණ තරුණියන් විශාල පිරිසක්‌ විවිධ කායික රෝගවලින් පෙළෙනවා. එනිසා ඔවුන්ගේ ලිංගික හැකියාවේ දුර්වලතා පවතිනවා. යුග දිවියට පත් බොහෝ අඹු සැමියන් දරුඵල පමාවීම ගැන පමණක්‌ නොව තම ලිංගික ජීවිතයේ අතෘප්තිමත් බව පිළිබඳවත් පසුතැවෙනවා. ඔවුන් මෙම ගැටලු සඟවාගෙන මානසික පීඩාවන්ගෙන් පෙළෙනවා.

ඕනෑම පිරිමියකු හෝ ගැහැණියකගේ ලිංගික ශක්‌තිය සඳහා ඔවුන්ගේ කායික නිරෝගී බව මානසික නිරෝගී බව බලපානවා. කායික රෝගී බවකින් හෝ මානසික ගැටලුවලින් පෙළෙන විට ලිංගික ශක්‌තිය දුර්වල වෙනවා.

කායික රෝග අතර දියවැඩියාව, අධි රුධිර පීඩනය, වැනි බෝනොවන රෝග ප්‍රධාන තැනක්‌ ගන්නවා. මෙවැනි රෝගවලින් දිගු කාලයක්‌ පෙළෙන විට ලිංගික ශක්‌තිය ද දුර්වල වෙනවා.

ඒ අතර හෝමෝන ගැටලුත් මතුවීම නිසා පවතින දුර්වලතාවය දෙගුණ තෙගුණ විය හැකියි.

මේ සඳහා අප ගනු ලබන ආහාරපාන ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙනවා. කෘත්‍රිම රසකාරක සහිත පෝෂ්‍ය ගුණයට වඩා රසයට මුල් තැන දුන් ආහාර පාන ගැනීම බරපතළම ගැටලුවක්‌ වී තිබෙනවා.

තමාගේ එදිනෙදා ජීවන චර්යාවත් ලිංගික දුබලතා ඇති කිරීමට හේතු වෙනවා. මත්පැන් මත් ද්‍රව්‍ය පානයට අධික ලෙස ඇබ්බැහි වීම, අධික උෂ්ණත්වය සහිත පරිසරවල රැකියා කිරීම, වැනි හේතු මත පුරුෂයන්ගේ ශුක්‍රානු නිපදවීම දුර්වලවීමට බලපානවා.

එනිසා යම් පුද්ගලයකු ලිංගික දුබලතාවයකින් පෙළෙන්නේ නම් පළමුව එම පුද්ගලයාගේ ජීවන රටාව පිළිබඳව විමසා බැලිය යුතුයි. ඒ අනුව රෝගයට හේතුව හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි.

වෛද්‍යතුමනි, වාජීකරණ ඖෂධ මඟින් පමණක්‌ ලිංගික දුබලතා සුව කළ නොහැකිද?

වාජීකරණ ඖෂධවලින් පමණක්‌ මතුව ඇති ලිංගික දුර්වලතාවය නැති කරන්න බැහැ. පවතින රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබා ගනිමින් වාජීකරණ ඖෂධ භාවිතා කිරීම තුළින් ලිංගික ශක්‌තිය වර්ධනය කර ගත හැකියි.

වාජීකරණ ඖෂධ නිරෝගී පුද්ගලයන්ට භාවිතා කිරීම අහිතකරද?

නිරෝගී පුද්ගලයකු ද වාජීකරණ ඖෂධ වෛද්‍ය උපදෙස්‌ මත ලබාගැනීමෙන් තමාගේ ලිංගික ශක්‌තිය පමණක්‌ නොව කායික නිරෝගීතාවය ද වර්ධනය කර ගත හැකියි.

නිරෝගී දරු උපතක්‌ සඳහා පෞරුෂයක්‌ සහිත පිරිමියකු සහ ආකර්ෂණීය ගැහැනියක සිටිය යුතුයි. එවිට ඔවුන් තුළ ඇතිවන ආකර්ෂණය මත නිරවුල් මනසින් සහ සතුටින් යුක්‌තව ලිංගික කටයුතුවල නිරත වෙනවා. එවැනි එක්‌වීමකදී බිහිවන දරුවා නිරෝගී බවින් යුක්‌තය.

එනිසා වාජීකරණ ඖෂධ යනු ලිංගික උත්තේජන ඖෂධයක්‌ පමණක්‌ නොව නිරෝගී ජීවිතයක්‌ ගත කිරීම සඳහා උපකාර වන රසායන ද්‍රව්‍ය අඩංගුව පෝෂ්‍යදායී ආහාරයක්‌ ලෙස වුව සැලකිය හැකියි.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ලිංගික ශක්‌තිය වර්ධනය කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ආහාර විහරණ ව්‍යායාම සහ වාජීකරණ ඖෂධ පිළිබඳව හඳුන්වාදී තිබෙනවා.

වර්තමානයේ තරුණ පරපුර මෙම නිවැරැදි පිළිවෙත් අනුගමනය නොකිරීම නිසා ලිංගික දුබලතාවලට ගොදුරුව සිටින බව අප වෙත ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන්ගේ තොරතුරු විමසා බලන විට පැහැදිලි වී තිබෙනවා. එසේම ඔවුන් තුළ වාජීකරණ ඖෂධ පිළිබඳව නිවැරැදි වැටහීමක්‌ නැති බවත් පෙනෙන්නට තිබෙනවා.

දියුණු වන සමාජය තුළ අප සෑම ප්‍රශ්නයක්‌ පිළිබඳව විවෘතව කතා කළ යුතුයි. ඒවා සඟවාගෙන සිටීමෙන් සිදුවන්නේ පවතින ගැටලු තව තවත් වර්ධනය වීම පමණයි.

ඔබට මේ පිළිබඳව වැඩිදුර උපදෙස්‌ ලබාගැනීමට දුරකථන අංක 0775109862 මඟින් වෛද්‍යතුමන් ඇමතිය හැකිය.

Wmqgd .ekSu taIshka �r� weiqfrks

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල