දරුවන්ගේ කතා විශ්වාස කරන අම්මලාට උපදෙස්

අපේ දරුවා අපිට ඇත්තටම විශ්වාසයි. ආදරයේ අසීමිත සෙනහස ඇටමිදුලු , ලේ නහර ඔස්සේ දිවෙන නිසා මේ සංසිද්ධිය ඉතින් අමුත්තක් නොවෙයි. වෙන දෙයක් තබා මොන තරම් පාපකාරී වැඩ කටයුතු කළත් දෙව්දත් ඔහුගේ අම්මාට ඉතාම හොඳ පුතෙක්. “දෙව්දත් මවට මැනවි…” කියමන අපේ ජනවහරේ ඔබ අසා ඇති.
ඉතින් මේ විශ්වාසය නරක නැහැ. ඒත් අපි හැම දෙනාම මිනිස්සු නිසා මේ කියන විදිහටම විශ්වාසය නැති වෙන වේලාවන් තියෙන්න පුලුවන්. දරුවන්ගෙනුත් ඒ තත්වය අපිට ඇති වීම තවත් වැඩි වෙන්න බැරි කමක් නැහැ. ඊට හේතුව දරුවන්ට එතරම් අත්දැකීම් නැහැ. ඒ නිසා ඔවුන් බොහෝ විට දුර දිග නොසොයා නොබලා කරන කියන දෙය බොහෝ දෙනෙකුට අනතුරක් වෙන්නත් පුලුවනි. ඒ නිසා දරුවන් කියන හැම දෙයක්ම විශ්වාස කිරීම එතරම් හිතකර නැහැ.
දරුවන්ගේ විශ්වාසය බිඳ වැටෙන අවස්ථා
දරුවන්ගේ විශ්වාසය බිඳ වැටෙන විවිධ අවස්ථා තිබෙන්න පුලුවනි. විශේෂයෙන් මුදල් පිළිබඳ තත්වයන්හිදී මෙය ඉතාම සුලබයි. පංති ගාස්තු, විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් පාසලෙන් ඉල්ලන මුදල්, පංතියේ ලකුණු, වෙනත් දරුවන් සමග තිබෙන ඊර්ශ්‍යාව වැනි සියුම් ගති ,තමාටම අවධානය ලබා ගැනීමට මේ අන්දමට එක් එක් දරුවන් විවිධ දේ මුල් කර ගෙන විශ්වාසය බිඳවැටෙන අන්දමින් කටයුතු කිරීමට පුලුවනි. මේ සිදුවීම් මුලදී ඉතා සරල සහ අහිංසක සිදුවීම් වුනත් පසුකාලීනව විවිධ අන්දමින් එහි ආදීනව ඇති වෙන්න පුලුවනි.
දරුවාටත් හානියක්
දරුවා කියන කරන හැම දෙයම ඔබ විශ්වාස කිරීම නිසා ඔවුන් බිය නැතුව වැරැදි සිදුවීම් වෙත යොමු වෙන්න පුලුවනි. ඊට හේතුව තමා කරන හැම දෙයක්ම දෙමව්පියන්ට විශ්වාස හෙයින් වැරැද්ද පවා ඉතා පහසුවෙන් නිවරැදිව දෙමව්පියන්ට පෙන්වා දීමට දරුවාට අමුද්‍රව්‍ය තිබෙනවා. උදාහරණයක් විදිහට දරුවාට පංතියේ ලකුණු අඩුවුනොත් ඔහු ඒ වෙනුවෙන් නිදහසට කරුනු ලෙස කියන්නේ “අපිට සිලබස් එක ඉවර නැහැ…ඒත් මේවායින් ප්‍රශන දාලා..” දරුවා එසේ කිව්වත් ඔබට ඔවුන්ගේ පොත් පත් පරීක්ෂා කලොත් මේ සියල්ල දරුවාට විෂය භාර ගුරුවරුන් විසින් උගන්වා අවසාන විය හැකියි.තමා විභාගයට සූදානම් නොවුනත් ඒ බව නොකියා මේ අන්දමින් වරද පටවන අවස්ථාවන්හිදී ඔවුන් විශ්වාස කළ විට දරුවා හෙටත් කරනුයේ මේ අන්දමින් වංචාවක් මිස තමාගේ විෂය නිර්දේශය ආවරනය වන සේ විභාගයට සූදානම් වන්නේ නැත.
දරුවෝ අවිශ්වාස කරන බව ඔවුන්ට පෙන්වන්නත් එපා
ඒ වුනත් දරුවා අවිශ්වාස කරන බව ඔවුන්ට දැනෙන්න හැරීමත් නොකල යුතුයි. එසේ වුනොත් අපේ අම්මට , තාත්තාට මාව අවිශ්වාසයි කියන සිතුවිල්ල ඇති වෙනවා. එහෙම වුනොත් එය දරුවාගේ පෞරෂයට හිතකර නැහැ.
අවිශ්වාස දෙයක් වුනොත්
දරුවාගේ විශ්වාසය බිඳ වැටෙන වගේම බඩුත් එකක්ම හොරු අහුවෙන දෙයක් වුනොත් ඉතාම බුද්ධිමත්ව එය විසඳන්න ඕන. අපේ ළමයි කියල සුද්දවන්තයින් වෙන්න බැහැ. ඊට හේතුව අපේ වුනත් ඔවුනුත් ළමයි නිසා. සැක කටයුතු දෙයක් දැනුනමා හොරාට පෙරාතුව වැට පනින්න අවශ්‍ය නැහැ. එය ස්ථිරවම දැන ගන්නා තෙක් විමසිල්ලෙන් ඉන්න. එතැනින් පසුව සාක්ෂි ඇතුව දරුවාට මේ බව පෙන්වන්න. ඔබ කරුණු කාරණා නොදැන යමක් කියන්න ගියොත් දරුවා ඉදිරියේ ඔබ අසරණ වේවි.
පවුල් ආරවුල්
බොහෝ පවුල් වල විශේෂයෙන් අම්මා, තාත්තා, ආච්චි, සීයා, නැන්දා… වැනි සම්බන්ධතාවයන් එක වහලක් යට පවතින විට ඇති වෙන අරගලයන්හි වාහකයා වන්නේ දරුවන්. ඊට හේතුව දරුවන් කියන දේ ගැන දෙමව්පියන් උපරිම විශ්වාසය තැබීමයි. දරුවන් යම් යම් දේවල් ඉතාම නිර්මාණාත්මකව ගොතා කියන්න පුලුවනි. ඒ නිසා දරුවන් කියන දේ මතම රැදෙන්න අවශ්‍ය නැහැ.
අසල්වැසියන් සමගත්
පවුලක පමණක් නොව අසල්වැසියන් අතර ඇති වෙන විවිධ ගැටුම්වල ප්‍රධාන චුදිතයා වන්නේ දරුවන්ය. ඒත් දරුවන් මේ සිදුවීම නිසා අමනාප වුනත් එය ටික වේලාවකින් එසේත් නැත්නම් ටික දිනකින් අමතක කරනු ඇත. එහෙත් මේ සිද්ධිය මුල් කර ගෙන අමනාප වෙන වැඩිහිටියන් සදාකාලික වෛරකාරයින් බවට පත් වෙනු ඇත. ඒ නිසා දරුවන් කියන ගතු ඔවුන් කියන අන්දමටම විශ්වාස කරන්න එපා.
දරුවන් නොමග යනවා
නිතරම දරුවා කියන දේ විශ්වාස කරමින් ඔබ ඒ මත විවිධ ප්‍රතිචාර දක්වනවා නම් දරුවා මේ තත්වය ආයුධයක් කර ගන්න පුලුවනි. මේ නිසා තමාගේ වාසිය මුල් කර ගෙන ඔහුට දෙමව්පියන් නොමග යැවීම ඉතාම පහසුයි. දෙමව්පියන් තමන්ට අවශ්‍ය විදිහට හැසිරවීම ඉතාම පහසු බව දරුවාගේ විශ්වාසය නිසා ඔවුන් මේ ගැන දෙවතාවක් හිතන්නේ නැහැ.
තවත් අයගෙන් විමසන්න
දරුවා කියන දෙය ඔහු කියන නිසාම විශ්වාස කරන්න එපා. ඒ ගැන තවත් දෙතුන් දෙනෙක් ගෙන් විමසා සිටින්න. ඒ විමසා සිටීම දරුවාගේ අභිමානයට පලුද්දක් නොව විදිහට විමසා දැන ගැනීම වැදගත්. “අපේ පුතා මේ විදිහට කිව්වේ… අද මම එයාව අල්ලා ගන්නම්… කෝටු මස් කරන්න ඕන…” මේ විදිහට දරුවාට චෝදනා නගන්න එපා. තවත් අයගෙන් ඔබ විමසා දැන ගත් දෙය දරුවාට කියන්න. අම්මට තාත්තාට බොරු කරන්න ගියොත් කොහෙන් කොහොම හෝ එය එළිවෙන බව කියා දෙන්න.
මීට පස්සේ මම කිසිම දවසක විශ්වාස කරන්නේ නැහැ
සිංහල ලිපි
-
දරුඵල සිහිනය සැබෑ නොවීමට බලපාන ප්‍රධාන හේතු
2019-02-08 10:57:00 Views 284 Read More...කිරිකැටියෙකු පිළිබඳ වූ සිහිනය බොඳ කර දමන්නට හේතුවන, කාන්තාවන්ගේ මදසරු බවට බලපාන හේතු
-
දරුඵල සිහිනය සැබෑ නොවීමට බලපාන ප්‍රධාන හේතු කිහිපයක්
කිරිකැටියෙකු පිළිබඳ වූ සිහිනය බොඳ කර දමන්නට හේතුවන, කාන්තාවන්ගේ මදසරු බවට බලපාන හේතු
-
දරුඵල පමාවීමට බලපාන ප්‍රධාන හේතු
විවාහයෙන් පසු දරුවන් බලාපොරොත්තු වන යුවළකට දරු ඵල පමාවන විට ඇතිවන හැඟීම් සෘණාත්මකය. අපට -
දරුවෙක් උපන් අලුත අම්මට වැළඳිය හැකි මානසික ලෙඩ
ගර්භණී මවක්, සිය ගර්භණී කාලය තුළ මෙන්ම දරු ප්‍රසූතියෙන් පසුවත් යහපත් කායික, මානසික සෞඛ්‍යයකින් -
ඔබ ගර්භණී නම් මේ ගැනත් හිතන්න
මාස 9ක් වූ ගර්භණී සමය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදනු ලබයි. මුල් මාස 3ක කාලය ප්‍රථම ත්‍රිමාසිකය (1st -
අනතුරුවලින් වැළකෙන්න දරුවනට සුරැකි පරිසරයක්
දරුවන් කියන්නේ මවුපියන්ට මිහිපිට ඇති වටිනාම සම්පතයි. මොහොතක අතපසු වීමකින් හෝ -
මව්කිරි ප්‍රමාණවත්ව නිපදවෙන්න මේ උපදෙස් පිළිපදින්න
ගොඩක් අම්මලාට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ පොඩි බබාට මව්කිරි මදිද නැත්නම් ප්‍රමාණවත්ද කියලා හිතන එක.