මාස 7ත් 12ත් අතර ළදරුවා

views 2017-12-07 02:14:00 mother_New

ඔබේ දරුවාගේ මුල්ම සිනහව දැකීමටත් අම්මා යන වදන මුමුණනු අසන්නටත් ඔබ ඉතා ආසාවෙන් සිටිනවා නේද? ඔහුගේ ක්‍රියාකාරකම් ඔබ සතුටු කරවනවා සේම ඔබ ප්‍රබෝධමත්ව තබයි. මෙම ක්‍රියාකාරී අවධිය තුළ දරුවා පිළිබද අවධානයෙන් සිටීම ඉතා වැදගත් වේ. ඒ සදහා ඔබට මෙම ලිපිය ප්‍රයෝජනවත් වේයැයි අපි සිතමු.

දරුවන් එකිනෙකාට වෙනස් වන අතර විවිධ දරුවන් විවිධ හැසිරීම් රටා දක්වන බව මතක තබා ගැනීම වැදගත් වේ. මාස 7ත් 12 ත් අතර වයසේ සිටින ඔබේ දරුවා;

* ප්‍රබල ගවේෂකයෙකි
දැන් ඔබේ ළදරුවා ඔබට අදහා ගත නොහැකි වේගයකින් දන ගාමින් අවට සියලු දේ පිළිබද අවධානයෙන් සිටි. ළදරුවා බොහෝ ක්‍රියාකාරී වීම නිසා අවධානම් තත්ත්ව මග හැර ළදරුවාට සුවපහසු ආරක්ෂාකාරී වට පිටාවක් සැකසීම බොහෝ වැදගත් වේ. ඇයට/ඔහුට තවම ඇවිදීමට හැකියාවක් නැතත් අත් දෙකෙන් අල්ලා ඇවිදීමට හුරු කිරීම මගින් හෝ ආධාරකයක් මගින් හිට ගැනීමට හුරු කිරීමෙන් ඇයට/ඔහුට ඇවිදීමට උපකාර කිරීමට ඔබට හැක. ඇයට/ඔහුට තනිව ඉදගැනීමට හැකියව ඇති අතර අවට ඇති දේ ඇයට/ඔහුට වෙත ඇද ගනිමින් සියල්ල නිරීක්ෂණය කරයි. සමහර විට ඇගේ/ ඔහුගේ පළමු උපන් දිනයට පෙර පියවර කිහිපයක් ඇය/ඔහු තනිව ඉදිරියට තබනු ඇත.

* බහ තෝරයි
ඔබේ ළදරුවා සමග නිතර කතා බහ කරන්න. මෙය ඇයට/ඔහුට භාෂාව වර්ධනය වන කාලයයි. ඔබ කරන්න යන දේ, ඔබ කරමින් පවතින දේ, ඔබට පෙනෙන දේ ඇයට/ඔහුට සමග පවසමින් විස්තර කරන්න. මේ සියල්ල ඇයට/ඔහුට භාෂාව මෙන්ම හැගීම් හදුනා ගැනීමට උපකාරී වේ. ඇය/ඔහු සමග නිතර පොත් පත් කියවන්න. හැංගි මුත්තන් වැනි සෙල්ලම් කරන්න. බහ තේරීමේ සංවාද ඔබට බොහෝ අසන්නන්ට ලැබෙන අතර "අම්මා" සහ "තාත්තා" යන වචන නිතර අසන්නට ලැබේ. ඉක්මනින් කුඩා වචන මාලාවන් ඇගෙන්/ඔහුගෙන් ඇසිය හැක. එහෙත් ඒ අතරතුර කාලයේදී ඇයට/ඔහුට අවශ්‍ය අනවශ්‍ය දේ දේ ඇගිල්ල් දිගු කර පේනවා දෙයි. ඔබේ වචන වලට දැඩි අවදානයක් යොමු කරයි.

* බොහෝ ක්‍රියාකාරී වේ
ඇයගේ /ඔහුගේ දෑත ක්‍රියාකාරිත්වය වැඩි වේ. ඇය/ඔහු විවිධ ද්‍රව්‍ය බදුනට දැමීමෙන් සහ නැවත ගැනීමෙන් ප්‍රීතියට පත් වේ. ඇයට/ඔහුට මහපට ඇගිල්ල සහ අනෙකුත් ඇගිලි මගින් යමක් ග්‍රහණය කර ගත හැකි අතර ඇගිලි වලින් අල්ලා ආහාර ගැනීමට හැකි වේ. ඔබේ ළදරුවා පනාවෙන් කොණ්ඩය පීරමින්, කෝප්පයෙන් පානය කරමින් සහ දුරකතනයෙන් කතා කරමින් ඔබව අනුගමනය කරයි.ඇය/ඔහු සතුටු වන දේ පිළිබද අවධානය යොමු කොට සියලු සංවේදිතා එළි දැක්වීමට ඇයට/ඔහුට ආරක්ෂාකාරීව අවස්ථාව සලසා දෙන්න. පාට පැන්සල්, කඩදාසි, කුඩා සෙල්ලම් බඩු, හිස් කෑම බදුන් වැනි දේ සමග සෙල්ලම් කිරීමට අවස්ථාව ලබා දෙන්න.

* හොද නරක කියා දෙන්න
ඇයට/ඔහුට හොද හැසිරීමට තෑගි ලබා දෙන්න. ඇය/ඔහු යම් කිසි අනවශ්‍ය දෙයක් සිදු කරන්නේනම් "එපා" ලෙස පවසා නිවැරදි දෙයට මග පෙන්වීම ප්‍රමානවත් වේ. ඔබ ළදරුවා නීති පිළිපැදීමට තරම් හැකියාවකින් යුතු නොවේ. ඔබට ඇයට/ඔහුට ගැලපෙන හැසිරීම් රටා පිළිබද මග පෙන්වීමක් කල හැකි අතර නොගැලපන දේ වළකාලීම සිදු කල හැක, ඇය/ඔහු මිත්‍ර ශීලි කෙනෙක් ලෙස පෙනිය හැක. සමහර විට ඇය/ඔහු නොදන්නා පුද්ගලන් සමග කතාබහ අඩුවිය හැක. ඔබ ඇය/ඔහු දමා ගිය විට වෙන්වීම පිළිබද කනස්සලු ස්වභාවයක් ඇතිවීම මෙම වයස තුල සාමාන්‍ය සිදු වීමකි.

* වැදගත් කරුණු 
සැම දරුවෙක්ම එකිනෙකට වෙනස් සහ තමන්ට අවේනික වූ වර්ධන රටාවක් පෙන්නුම් කරයි. නමුත් ඔබේ දරුවා දන නොගායි නම්, දන ගාන විට මසකට වැඩ කාලයක් එක කකුලක් අද්දවමින් දන ගායි නම්, ආධාරක සහිතව හිට ගැනීමට හැකියාවක් නැත්නම්, ඇය/ඔහු ඉදිරියේ සගවන ලද දෙය සෙවීමට උත්සාහ නොගන්නේ නම්, කිසිදු වචනයක් පවසන්නේනැත්නම් හෝ ඔලුව වැනිමකින්වත් සංඥා නොදෙන්නේ නම් වෛද්‍යවරයෙකු මුණ ගැසීම වැදගත් වේ.


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල