දරුවාගේ අක්ෂි වර්ධනය පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත්

views 2017-10-06 10:25:00 mother_New

 ලෝක ළමා දිනයත් සමඟ අප දිනෙන් දින ළමාභාවයෙන් දුරස් වීම අත් විඳින්නෙමු. බිලිඳෙක් ලෙස අප දුටු, අපට ඇසුණු සහ දැනුණු ලෝකය මත අප අපගේ පෞරුෂය ගොඩනගා, දිනෙන් දින සාර්ථකත්වය සහ සතුට ලුහුබඳිමින් යන්නෙමු.

වර්ණ, රූප සහ හැඩතල වලින් පිරිපුන් මෙලොව අධ්‍යයනය කරන බිලිඳා, කාලයේ ඇවෑමෙන් චලන දක්ෂකම් දක්වමින්, තමාව කුඩා කල සිට ආකර්ෂණය කළ දේවල් කෙමෙන් කෙමෙන් ස්පර්ශ කිරීමට පෙළෙඹෙයි.

මෙසේ කෙමෙන් කෙමෙන් වැඩෙන දරුවා උසින්, මහතින් සහ දැනුමෙන් වැඩෙන බව අපගේ පියවි ඇසට දැනෙනු ඇත. නමුදු මෙම බිළිඳාගේ අක්ෂි වර්ධනය පිළිබඳ අප හට ඇත්තේ අල්ප වූ දැනුමක්ය.

එසේ දරුවාගේ අක්ෂි වර්ධනය පිළිබඳ මවුපියන්ගේ දැනුවත් භාවය ඉතාමත් වැදගත් වන අතර එමඟින් දරුවා ක්‍රමයෙන් වර්ධනය වන විට පෙනීම ආශි‍්‍රතව ඇතිවන ගැටලුකාරී තත්ත්ව මොනවාද යන්න පිළිබඳ හොඳින් අවබෝධ කර ගැනීමට හැකියාවක් ලැබේ.

ස්වභාව ධර්මයේ නිර්මාණයක් වන බිලඳාගේ අක්ෂි වර්ධනය සිදුවන්නේත් ඔහුගේ අනෙකුත් අවයව මෙන්මයි.

උපතේදී දිග, පළලින් අඩු දරුවාගේ අක්ෂි ගෝල දෙක කෙමෙන් කෙමෙන් ඔහුගේ වයස වැඩි වීමත් සමඟම දිගින් පළලින් දිනෙන් දින වැඩි වේ.

ස්වභාව ධර්මයේ අනෙකුත් නිර්මාණ මෙන් මෙය මෙසේ වන්නේ, දරුවාගේ පැවැත්ම රඳවා තබා ගැනීමටයි.

අලුත උපන් බිලිඳකුගේ මූලික අවශ්‍යතා වනුයේ මව සහ මව් කිරිය. ස්වභාවධර්මය විසින් ඔහුගේ පෙනීමේ දුර එම වයසේ ඔහුගේ අවශ්‍යතාවන් සපුරා ලීමට අවශ්‍ය වන පරිදි නිර්මාණය කරදී ඇත. මුලදී මවගේ මුහුණ සහ පියයුරු තිබෙන මට්ටමේ දුර ප්‍රමාණයක් පෙනිමට සංවිධානය වන දරුවාගේ ඇස් කෙමෙන් කෙමෙන් දිගින් පළලින් වැඩි වීම හේතු කොට ගෙන, ඔහුට පෙනෙන දුර ද කෙමෙන් කෙමෙන් වැඩි දියුණු වේ. මෙසේ වැඩිවන පෙනෙන මානය සමඟම ඔහුගේ චලන ක්‍රියාවන් වැඩි දියුණු වීම ආරම්භ කරයි. මුලින් පෙරළීමට පෙළෙඹෙන දරුවා කෙමෙන් කෙමෙන් බඩගෑමටත් වාඩි වීමටත් ඉන් අනතුරුව ඇවිදීමටත් ආරම්භ කරයි.

යම් හෙයකින් දරුවාගේ අක්ෂි වර්ධනය සාමාන්‍ය ලෙසට වර්ධනය නොවූයේ නම්, ඔහුගේ සියලුම ක්‍රියාකාරකම් ද මන්ද භාවයෙන් දියුණුවට පත් වනු ඇත.

දරුවකුගේ අක්ෂි වර්ධනයට, පෝෂණය, පවුලේ ජාන අනන්‍යතාව මෙන්ම අධ්‍යාපනය ද ඉතා වැදගත්ය.

ඛනිජ ලවණ, විටමින් සහ ප්‍රෝටීන් අක්ෂි වර්ධනයට බෙහෙවින් උපකාරී වේ.

අක්ෂි වර්ධනයට උපකාරී වන ආහාර අතරින්, කැරට් ප්‍රමුඛ ස්ථානයත් ගනු ලබන අතර විටමින් C,E,Zinc,  ලූටීන් සහ මෝරතෙල් අක්ෂි වර්ධනය සහ මනා අක්ෂි පැවැත්මට බොහෝ සෙයින් උපකාරී වනු ඇත. තවද බ්‍රොකෝලි, කොළ වර්ග, කජු වර්ග සහ මිදි, කිවි වැනි ළා පැහැති පලතුරු ද අක්ෂි වර්ධනයට බොහෝ සෙයින් අත්‍යවශ්‍යය.

අක්ෂි වර්ධනය වයස අවුරුදු 12 ට ඔබ්බෙන් මන්දගාමී වන අතර, අවුරුදු 18 ක් පමණ වනවිට සම්පූර්ණ වනු ලැබේ. එබැවින් මෙම කාලසීමාව තුළ දරුවාගේ අක්ෂි වර්ධනය පිළිබඳව මනා අවධානයෙන් සිටීම ඉතා අවශ්‍යය.

යම් හෙයකින් තම දරුවා පහත ක්‍රියාකාරකම් වල යෙදේ නම් හෝ පහත සඳහන් ලෙස අක්ෂි අවයවවල වෙනස්කමක් පෙනේ නම්, අනිවාර්යයෙන් අක්ෂි වෛද්‍යවරයකු හමුවිය යුතුයි.

ඐ වපර ඇස
ඐ ඇසින් කඳුළු ගැලීම
ඐ ඇස් කැසීම
ඐ ඇස් රතු වීම
ඐ දරුවා රූපවාහිනිය නැරඹීමට ඉතා සමීප වීම
ඐ යම් කටයුත්තක් කිරීමේදී බෙල්ල එක් පැත්තකට නැවීම
ඐ different postures
ඐ එක ඇහැක් වසා අනිත් ඇසින් පමණක් බැලීම
ඐ ඇස් පොඩි කර බැලීම
ඐ ආලෝකය අසම්මත ලෙස අඩු/ වැඩි කර බැලීම
ඐ විවිධාකාර අක්ෂි චලනයන්
ඐ මුඛය විවෘත කිරීමේදී වෙනස් වන අක්ෂි චර්යාවන්
ඐ පාඩම්වලට ඇති නොකැමැත්ත
ඐ අඩු ලකුණු ගැනීම
ඐ කළුලෑල්ල නොපෙනෙන බව පැවසීම
ඐ අකුරු කැතට ලිවීම
ඐ අකුරු ඇදට ලිවීම

dinamina.lk


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල