ළමා රෝග පිළිබඳ ගැටලු රැසකට පිළිතුරු

views 2017-10-03 11:03:00 mother_New

 ළමා වියේ ඇති අසාමාන්‍ය දඟකාරකම රෝගයක් ද?
ළමාවියේ දී දඟකාරකම උපතින්ම දරුවන්ට ඇති ආවේණික ගති ලක්ෂණයක්. එහෙත් ඇතැම් දරුවන් අධික දඟකාරකම, හදිසි කෝපය සහ අවධානය අඩු විම මත මෙවැනි අසාමාන්‍ය දඟකාරකම් ඇතිවිය හැකියි. ඇතැම් විට දරුවන් තැන නොතැන නොබලා අන් අයට වදයක්, හිරි හැරයක්, හිංසාවක්, පීඩාවක් වන ආකාරයට හැසිරෙයි නම් එය සහජයෙන් උරුම වූ දඟකාරකම නොවිය හැකියි. දිගින් දිගටම අසාමාන්‍ය හැසිරීම් රටාවක් ඇත්නම් එවැනි දරුවන් අධි ක්‍රියාකාරී දරුවන් වෙයි. මේ තත්ත්වය රෝගී තත්ත්වයක් වුවත් එය බිය විය යුතු කරුණක් නොවනු ඇත. කෙසේ වෙතත් මේ අසාමාන්‍ය හැසිරීම Attention Deficit Hyperractive Disorder රෝගයේ රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. මේ තත්ත්වය දරුවා අවස්ථා දෙකකදී පෙන්වන බව සඳහන්ය. එය තම නිවස හා පාසලයි. වයස අවුරුදු 6 පසුවනවාත් සමඟම මේ තත්ත්වය දරුවා තුළින් ඉවත් වේ.

අවුරුද්දක් වයසැති මගේ දරුවාගේ තොල පිහිටා ඇත්තේ කැපුණු ආකාරයටයි. මෙයට කළ යුත්තේ කුමක්ද?
මේ රෝග තත්තවය තොල ආශි‍්‍රතව නම් විදලිත තොල ලෙසද තල්ල ආශි‍්‍රතව නම් විදලිත තල්ල ලෙසද හඳුන්වයි. මෙවැනි තත්ත්වයකදී වෛද්‍ය උපදෙස් අකුරටම ක්‍රියාත්මක කළ යුතුයි. උපතින්ම තොල පිහිටා ඇත්තේ කැපුණු ආකාරයට නම් හොඳින් පෝෂණය ලබාදීම කළ යුතුයි. දරුවා නිසි ශරීර සෞඛ්‍යයෙන් සිටී නම් ශල්‍ය කර්මයකට ලක්කළ හැකියි. දරුවකුට විදලිත තොල බර 4 -5 kg දී හා විදලිත තල්ල බර 8 -10kg කදීත් ශල්‍යකර්මය සිදු කළ හැකියි. ශල්‍යකර්මයෙන් පසුව දරුවාගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය තත්ත්වය නිතර සොයා බැලීම මවුපියන්ගේ වගකීමයි. පසුව කථන හැකියාව හා දත් වර්ධනය පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතුයි.

වර්තමාන මව්පියන් ලෙහෙසියටත් පහසුවටත් දරුවන්ට ක්ෂණික ආහාර ලබා දෙන නිසා ඔවුන් අනාගතයේ රෝගී විය හැකිද?
ඔව්. අධික තරබාරු බව, දියවැඩියාව, අක්මාව ඉදිමීම, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, ක්‍රියාශීලි බවින් තොරවීම වැනි රෝග තත්ත්ව වලට මුහුණ දීමට සිදු විය හැකියි. සමහර දරුවන් රූපවාහිනී යන්ත්‍රය දෙස බලමින් කෙටි කෑමවලට හුරුවෙලා නිසා ඔවුන්ව දැන් ඉන් ගලවා ගැනීමද අසීරුයි. ලෙහෙහසිය පහසුව පසෙකලා මව්පියන් දරුවන්ගේ මනාලෙස සෞඛ්‍ය වර්ධනය කර ගැනීමට අලුත් එළවළු, පලතුරු ලබාදිම කළ යුතුයි. විශේෂයෙන්ම කෙටි කෑමවලට හුරු කිරීම භයානක තත්ත්වයක්. එසේ වුවහොත් මෙය ඛේදනීය තත්ත්වයක් වේ. නිරෝගි පරපුරක් උදෙසා ධාන්‍ය වර්ග, එළවළු, පලතුරු වර්ග ලබාදීමට උනන්දු වන්න.

අවුරුද්දක් වයස දරුවා ඉපදී මාස 8 ක් පමණ වනවිට එක වෘෂණ කෝෂයක් නැති බව මට දැනුණා. එයට කළ යුත්තේ කුමක්ද?
මෙවැනි තත්ත්වයක් යටතේ ශල්‍යකර්මයක් කළ යුතුයි. මේ පිළිබඳ ගැටලුව දැනුවත් වූ විගස ක්‍රියාත්මක වීම වැදගත්. මන්ද අනාගතයේදී ශුක්‍රාණු නිපදවීමේ ප්‍රවණතාව හීන වීමට ඇති ඉඩකඩ වැඩි නිසාවෙනි. මේ වනවිට මේ තත්ත්වය දරුවාගේ වයස අවුරුදු 1 ක් වන්නට පෙර ප්‍රතිකාර කළ යුතු බව මතක තබාගන්න. නමුත් අවුරුදු 1 ක් වන දරුවා දැන්ම මේ සඳහා ප්‍රතිකාරයට යොමු කරන්න. ඒ සඳහා දරුවාව ළමා ශෛල්‍ය වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම වැදගත්.

වැඩෙන වයසේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා රැකගැනීම සඳහා ලබාදිය යුතු විශේෂ ආහාර මොනවාද?
ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ අඩංගු ආහාර මෙන්ම ඛනිජ ද්‍රව්‍ය විටමින් වර්ග අඩංගු ආහාර ද එක් කළ යුතුයි. සාමාන්‍ය දරුවකුගේ බත් පිඟානේ 1/3 ක් එළවළු තිබීම වැදගත්. ස්ථුල දරුවකුගේ බත් පිඟානේ 1/4 ක් බත් තිබිය යුතුයි. බොහෝවිට එළවළු, පලතුරු ආහාරයට නිතර නිතර ගැනීම සුදුසුයි. වැඩියෙන්ම කහපාට එළවළු අනිවාර්ය වේ. ඇට වර්ග අතරට කඩල, කවුපි, මුං ඇට භාවිතා කිරීම යෝග්‍යයි. මුරුංගා ගහේ කොළ දරුවන්ගේ කැල්සියම්, ප්‍රෝටීන්, යකඩ අවශ්‍යතා සපුරා ලන බැවින් ඒවා අනුගමනය සුදුසුයි. කිරි, බිත්තර, මාළු සුදුසු වන අතර මස් ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ මස් සෑදීම සඳහා ගන්නා සතුන් වෙනුවෙන් ප්‍රතිජීවක විශාල ලෙස භාවිතා කරන බැවිනි. එය අප සිරුරට හානිකරයි. ප්‍රතිජීවක භාවිතා නොකරන මාළු අනුභවය වඩාත් යෝග්‍ය ඒ නිසයි.

වයස අවුරුදු 08 යි. දරුවා කෑමට පි‍්‍රයතාවයක් නැහැ. ඒ නිසා විටමින් වර්ගයක් ලබාදිය යුතුද?
සැමවිටම විටමින් අවශ්‍ය නැත. මේ තත්ත්වයේ කෑම අරුචියට හේතුව සොයා බැලීම වටී. හේතුවට පමණක් ක්‍රියාකිරීම මෙහිදී වැදගත් කාරණාවයි. අවශ්‍ය නම් පමණක් විටමින් ලබදීම සිදු කළ හැකියි.

මගේ දරුවා පාසලේ ක්‍රීඩා කරද්දී නිතරම කෙණ්ඩා පෙරළෙනවා. ඒ ඇයි?
ශාරීරික දුර්වලතා මත හෝ කලාතුරකින් පොටෑසියම්, කැල්සියම් අඩුවීම මත එසේ සිදුවිය හැකියි. එවැනි අවස්ථාවලදී ලුණු ටිකක් බීමට දිය හැකියි. මේ තත්ත්වය දීර්ඝකාලීනව පවතී නම් වහාම වෛද්‍යවරයකු හමුවන්න.

දරුවාගේ කන තුළින් ස්‍රාවයක් පිට වේ. ප්‍රතිකාර කළ විට සුව වුවත් එය ටික කලකින් නැවත පැමිණේ. මේ කුමක් නිසා සිදුවන්නක් ද?
මෙහිදී කරුණු කිහිපයක් මීට බලපෑ හැකියි. ඒ එහි ඇති බැක්ටීරියාවක් ක්‍රියා කිරීම නිසා විය හැකියි. සමහර විට ඊට සමගාමීව කන් බෙරය පිපිරීම නිසාත් මේ තත්ත්වය ඇතිවිය හැකියි. තවත් සමහර විටෙක කලාදුරු තිබීම නිසා ඇතිවන තත්ත්වයන් නිසාත් එසේ සිදුවිය හැකියි. මේ නිසා කන පරීක්ෂා කර ගැනීම වඩාත් යහපත්ය.

දරුවකුට අවුරුද්දකට කිහිප වතාවක් සෙම්ගෙඩි සෑදෙයි නම් එය සුව කළ හැකිද?
සෙම්ගෙඩි මාසයකට වතාවත් පමණ හැදෙන අයකු නම් මෙහිදී සැලකිලිමත් වීම වඩා වැදගත්ය. සමහරවිට ශල්‍යකර්මයකට පවා භාජනය කරන්නට සිදු වෙයි. උගුර කන නාසය පිළිබඳ වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාරවලට යොමුවිම සුදුසුයි. අවුරුද්දට 6 වතාවකට වැඩි වාර ගණනක් සෙම්ගෙඩි ඇති වේ නම් ඉවත් කිරීමේ ශල්‍යකර්මය සමහර විට අවශ්‍ය වනු ඇත. නමුත් ළමයාගේ වර්ධනයත් සමඟ සෙම්ගෙඩි ඉදිමීම අඩු වී යනු ඇත.

අලුත උපන් දරුවන් කහ පැහැ ගැන්වීම භයානක තත්ත්වයක් ද?
ඔව්. ඉපදී දින 1 -14 ට වඩා වැඩියෙන් ඇතිනම් භයානක තත්ත්වයකි. පළමු දිනයේ පමණක් කහ වන අවස්ථා ඇත. ඒ විෂබීජයක් ශරීරගත වී හෝ මවගේ හෝ දරුවාගේ ලේ වල වෙනස්කම් නිසායි. දින 3 කින් කහවෙලා 6,7 දිනවල වැඩි වී 10 වන දිනය වනවිට අඩු වීම සාමාන්‍යයි. නමුත් දින 14 ට වඩා පවතී නම් එය හොඳ සෞඛ්‍ය මට්ටමක් නොවන නිසා දරුවා කිරි බීම අඩු කරයි. එසේම අසූචි කිරිමැටි පාටට ඇත්නම් එය සැත්කමකින් සුව කළ යුතු තත්ත්වයක් විය හැකියි.

ඇතැම් බිලිඳු දරුවන් හඬන විට නිල් පැහැ ගැන්වෙන්නේ ඇයි?
ඕපඥචබඩ ඩ්ධතඤඪදඨ ඒබබචජඬ ලෙස ඇතිවෙන්නේ මේ තත්ත්වයයි. එනම් හුස්ම අල්ලගෙන ඇඬීමයි. සමහර අවස්ථාවලදී හෘදයේ ආබාධ හෝ වෙනත් උපතින් ඇතිවන ආබාධ නිසා ඇතිවිය හැකියි. නමුත් නිල් පැහැය දිගටම පැවතුණහොත් දරුවාගේ හිස පහතට කර පිටට පස් වතාවක් අතින් පහර දෙන්න. එය දරුවට හානියක් නොවන ලෙස කළ යුතුයි. මේ තත්ත්වයේදී කලබල වීම හෝ බියවීමට අවශ්‍ය නැත.

මව්කිරි බොන නිරෝගී බිලිඳකු දවසට කී වතාවක් මල පහ කළ යුතුද?
සාමාන්‍යයෙන් ඉපදී පළමු දිනයේ මල පහ කළ යුතුයි. එසේම දින 5 ට සැරයක් මල පහ කිරීම ද සාමාන්‍ය තත්ත්වයකි. දවසකට 4, 5 වතාවක් වීමද සාමාන්‍යයි. නමුත් දින 7 ට වඩා මල පිට නොවීමේදී පරීක්ෂාවට ලක් කළ යුතුයි.

ඇතැම් බිලිඳුන්ට මුත්‍රා ආසාදන ඇති බව සොයා ගන්නේ කොහොමද?
මුත්‍රා කරන වාර ගණන වැඩි නම් එමෙන්ම දරුවාගේ බර වැඩි වෙන්නේ නැති වීම හෝ උණ කාලයක් තිස්සේ පැවතීම තුළින් මුත්‍රා ආසාදන ඇති බව දැනුවත් විය හැකියි. එසේම දරුවා කහ පැහැ ගැන්වීම දින 14 ට වඩා පැවතීමත් මුත්‍රා ආසාදනයක ලක්ෂණයකි.

උණ වලිප්පුව ඇති බව හඟවන රෝග ලක්ෂණ මොනවාද?
අතපය දරදඬු වීම, අතපය ගැහෙන්නට වීම, ඒ වගේම මුළු ශරීරයම ගැහෙන්නට වීම, සිහි මද ගතිය වැනි ලක්ෂණ ඇති වේ. වයස මාස 6 අවුරුදු 6 අතර ළමයින්ට මේ රෝග තත්ත්වය ඇති වේ. විනාඩි 15ට අඩුවෙන් පවතියි. මෙනිංජයිටීස් රෝග ලක්ෂණ හා සමානව උණ වලිප්පුව පවතින බැවින් සොයා බැලීම වටී.

දරුවකුට අධික උණ ඇති වූ විට (1030ඛ්) අධෝ මුඛයෙන් ඇතුල් කරන Supporsitory දී උණ අඩු කිරීම සුදුසුද?
මෙහිදී පවතින උණ ඩෙංගු නිසා ඇතිවුවක් ද කියා සැකහැර දැන ගැනීම වැදගත්ය. එය එසේ නම් පැරසිටමෝල් ඉභනනධපඵඪබධපර පමණක් දිය හැකියි. එසේ නොමැති නම් දෙන්න එපා.

ඇදුම රෝගී දරුවා ක්‍රීඩාවට යොමු කිරීම සුදුසුද?
ඔව්. පිහිනීම නම් වඩාත් සුදුසුයි. ඕනෑම ක්‍රීඩාවට යොමු කිරීම කළ හැකියි. දරුවාට ඇදුම රෝගයට අදාළව ප්‍රතිකාර දී සුදුසු ලෙස ක්‍රීඩාවට යොදා ගැනීම කළ හැකියි. මේ තත්ත්වයේ දරුවකු ඔලිම්පික් ක්‍රීඩාව දක්වා පවා යැවීමට සුදුසුයි.

ඇදුම රෝගය ඇති වූ විට අවු. 4 ට අඩු කුඩා දරුවන්ට  Inhaler භාවිතාව සුදුසුද?
ප්‍රතිකාරයක් ලෙස හෝ වළක්වා ගැනීමට ද ධ්දඩචතඥප භාවිතා කරයි. විදෙස් රටවල මෙය බොහෝ සෙයින් ම භාවිතා කරන ක්‍රමයකි. කිසිදු බියවීමකට අවශ්‍ය නැත. ඕනෑම වයසක දරුවකුට ධ්දඩචතඥප භාවිතාව සුදුසුයි.

මගේ පුතාට අවුරුදු 4 යි. මුත්‍රා කරන විටදී අඬයි. මෙය මුත්‍රා ආසාදනයක් ද? නොඑසේනම් සාමාන්‍ය තත්ත්වයක්ද?
මේ තත්ත්වය මුත්‍රා ආසාදනයක් විය හැකියි. සමහර අවස්ථාවලදී සිදුර පොඩි නම් ක්‍රිම් වර්ගයක් ආලේප කිරීමෙන් එය යථා තත්ත්වයට පත්විය හැකියි. එසේ නොවුනහොත් සැත්කමකින් එය සුව කර ගැනීමට සිදු වේ. කෙසේ වෙතත් මෙයට බිය විය යුතු නැත.

වයස අවුරුදු 3 යි. කෑමෙන් පසු නිතරම බඩ බුරුලට යයි. නිට්ටාවට සුව කළ හැකිද?
ආමාශයට කෑම පැමිණෙන විට මහාන්ත්‍රය ගුද මාර්ගය ප්‍රදේශයෙන් මල පිටකිරීමට උදව්වක් වේ. මෙය සාමාන්‍ය තත්ත්වයකි. බිය විය යුතු නැත. නමුත් සිරුර කෘෂ වී බර අඩු වී යාමත් අසුචි සමඟ ලේ සහ සෙම පිටව යයි නම් පරීක්ෂා කළ යුතුයි.

දරුවාගේ එක ඇහැක් වපරයි. ගෙදර අය වෛද්‍යවරුන්ට පෙන්වන්න එපා කියයි. එය පිං වපරයක්ලු. නමුත් මොළය සම්බන්ධ ගැටලුවක් යැයි ඇතැමුන් පවසයි. මෙය සත්‍යයක් ද?
මේ තත්ත්වය ඇස් හා මොළයේ ස්නායුවල අසාමාන්‍යතාවක් විය හැකියි. අක්ෂි වෛද්‍යවරයකු වෙත යාම සුදුසුයි.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල