බාලගිරි අද නොවේ හෙටයි

views 2017-08-17 11:36:00 mother_New

ර්‍ණබාලගිරි අද නොවේ හෙට ” බිලිදු දරුවන් සිටින නිවෙස්වල කාමරයේ දොර උලුවස්සේ මේ පාඨය එල්ලා තිබෙනු ඔබත් දැක ඇතිග බාල කාලයේදී මේ ගැන ඇසූ විට අපේ ආච්චි අම්මා කියා දුන් හේතුඵල සම්බන්ධතාවය සමහර විට වෛද්‍ය විද්‍යාත්මකව නොගැලපුනත් තවමත් මේ කියමන එල්ලා තබන්න නම් අම්මලාට අමතක නැහැග

එදා ඇය කියා දුන්නේ ගිරි යක්ෂණියගේ කාණ්ඩ කීපයක් සිටිනවාග ඒ  ගිරිල හේමගිරිල නීලගිරිල අවරගිරිල උදාගිරිල රෑසිගිරි යනුවෙනුයිග මේ යක්ෂ කාන්ඩයන්ගේ බැල්ම දරුවන්ට ලැබෙන විට එය ර්‍ණබාලගිරි”  දෝෂය යනුවෙන් හැදින්වෙනවාග අවට පරිසරයේ සැරි සරන මේ අමනුෂ්‍ය කාන්ඩයන්ට බිලිදු දරුවන්ගේ  සෙමල සොටුල මලල මුත්‍රා ආදියේ ගන්ධය දැනෙන විට ඒ වෙනුවෙන් ඉව කරමින් බැල්ම හෙලීම බාලගිරි විදිහටයි එදා ඇය හදුන්වා දුන්නේගමේ බැල්ම ලද විට ළදරුවා දිවා රාත්‍රිය නොබලා යටිගිරියෙන් කෑ ගසමින් හඩන අතර වෛද්‍යවරුන් වෙත රැගෙන ගියත් කිසිම රෝග තත්වයක් හදුනා ගැනීමට ලැබෙන්නේ නැහැගහේමගිරි යක්ෂණියගේ බලපෑම ලද විට දරුවා හඬන්නේ උදයල මධ්‍යම හා  සන්ධ්‍යා කාලයටයිගදරුවාගේ මුහුණත් මේ හැඬිමේදි විරූප තත්වයක් ගැකනනවාග ඇස් උඩ දල්වා ගෙන නොනවත්තාම දරුවා හඬන තත්වය නවත්වන්න ලෙහෙසි පහසු නැහැග මාස දෙකක් පමණ වෙන තෙක්ම හේමගිරි යක්ෂණියගේ බලපෑම තිබෙනවාග

වචනයේ හැටියටම නීලගිරි යක්ෂණිය නිල්පාටයිග ඇය විරූපි ලක්ෂණ ඇත්තියක්ග මේ යක්ෂණියගේ බැල්ම ලද දරුවාට නිතර නිතර උණ ගැනෙනවාග රතුපැහැදති පුංචි බිබිලි සිරුරේ දක්නට ලැබෙනවාග කිරි වමනයල කිරි පණු රෝගලවාතය පිටවීමල දහඩිය දැමීම වැනි රෝග ලක්ෂණ ගැනෙන්නේ නිලගිරි යක්ෂනියගේ ගිණුමටයිග ඒ වගේම ඇය කිරි දෙන අම්මාගේ කිරි ගල්ගැසීම සහ කිරි තිබුනත් දරුවා කිරි නොබොන චෝදනාවන්ගේ වැරදිකාරිය විදිහට සැලකෙනවාග මේ තත්වය දරුවාට මාස හතරක් වැනි  කාලයක පවතිනවාග

උදාගිරි යක්ෂනියගේ බලපෑම නිසා ඇති වෙන රෝගාබාධ විදිහට එදා සැලකුනේ දරුවාට අධික ලෙස දහඩිය දැමීමල නිතර මල බුරුල් විමල දෙපයේ බිබිලි ඇති වීම වැනි රෝග ඇති වෙනවාග

රෑසිගිරි යක්ෂණියගේ බැල්ම ලද දරුවා පියා නුරුස්සන අතර මව සමග ඉතා සතුටින් කාලය ගෙවනවාගඅඩ නින්දෙන් අවදි වෙනවාග උඩබලාගෙන අඩන්න පටන් ගන්නවාගමේ අදහස් වෛද්‍ය විද්‍යාව ඉදිරියේ නම් නිෂ්ප්‍රභ වෙනවාග ඔවුන් පෙන්වා දෙන අන්දමට දරුවන්ගේ ඇඬීමට හේතු තිබෙනවාග ඔවුන්ට කුසගිනි දැනුනාම එය ප්‍රකාශ කරන්න බැහැග බඩපිරී නිසා ඇති වෙන අපහසුතාවය තවත් හේතුවක්ග ඒ වගේම ව්‍යායාම නැති නිසා බඩ පිපෙන තත්වය දරුවාට දරන්න අපහසුයිග කිරි දීමෙන් පසුව ගුඩුස් හැරීමට දැන් මව දැණුවත් කරන්නෙත් ඒ නිසයිග

අද වගේ දරුවාගේ රෙදි මැදීමක් එදා සිද්ධ වුනේ නැහැග මේවායේ තිබෙන රැලි සහිත තත්වය දරුවාගේ සමට අපහසුයිග ඒ රැලි ගැටෙන විටත් හමට ඇති වුන වේදනාවත් හඩන්නට හේතුවක් වෙන්නැතිග එලිය පහලියේ මල් වැටවල් මත දරුවාගේ රෙදි වනන විටත් විවිධ කෘමි සතුන් මේ රෙදිවලට ඇතුලු විය හැකියිග අපට නොපෙනෙන කෘමින් දරුවාට දෂ්ට කරන්නත් ඉඩ තිබෙනවාග ඒ වෙනුවෙනුත් අතීතයේ විකල්ප තිබුනාග කිසිම දවසක දරුවාගේ රෙදි සන්ධ්‍යා වෙන්න පෙරාතුව ගෙට ගත්තේ රෙදි වලට අමනුෂ්‍ය දෝෂ ඇති වෙයි කියන චකිතය නිසයිග අමනුෂ්‍ය දෝෂ වලටත් වඩා  ඉර අවරට යන්න කලින් නොගතහොත් රෙදිවලින් විවිධ කෘමි සතුන් ගෙට එන්නත් පුලුවනිග ඒ සියල්ල ඔවුන් සලකා ගෙන ගොම්මන් කාලයට පෙර රෙදි ගෙට ගත්තාග

දරුවාගේ කිරි සුවඳට විවිධ සර්පයන් ගෙට ඇදෙන්නත් ඉඩ තිබෙන බව දැන ගත් මව්පියන් නිතරම දරුවා පිරිසිදුව තබා ගත්තාග එයින් දරුවාගේ සිරුරට මහත් සැප පහසුවක් දැනුනාග

ර්‍ණබාලගිරි අද නොවෙයි හෙට …” කිව්වාම මේ යක්ෂයා හෙට පැමිණෙන අදහසින් පිටව යන අතර නැවත එම දිනය උදා නොවන බවට අතීතයේ පැවැති විශ්වාසය වුණාගවචනයෙන් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බැරි දරුවාට ඇති වෙන සියලු ශාරිරික හා මානසික අසීරුතාවයන් බාලගිරි යක්ෂනියගේ ගිණුමට තවමත් නම් බැර වෙනවාග

curtesy :parenting.lk

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල