උපතේ සිට අවුරුදු 2ක් ගත වනතුරු මව්කිරි දීමෙන් දරුවා නිරෝගී වෙනවා

views 2017-08-16 11:14:00 mother_New

 තමන්ගේ දරු පැටියා උස් මහත් වී රටේ ලෝකයේ උගතෙක්ල බුද්ධිමතෙක් වනවා දැකීම සෑම මව්පියකුගේම සිහිනයකිග මේ සිහිනය සැබෑ කර ගන්නට දරුවාට අනිවාර්යයෙන්ම ලබාදිය යුත්තේ මවුකිරියග මවුකිරිවල තිබෙන සංඝටක දරුවාගේ බුද්ධි වර්ධනයට ඉමහත් බලපෑමක් ඇති කරයිග

දරුවකු මෙලොව උත්පත්තිය ලැබීමෙන් පසුව ඔහුට හෝ ඇයට ලබා දිය යුතු පළමු ප්‍රතිශක්තිකරණ එන්නත වනුයේ මවුකිරියග මවුකිරිවල තිබෙන වටිනාකම මෙතෙකැයි කියා කිව නොහැකියග එමෙන්ම වෙනත් කිසිදු කිරකට මවුකිරි සමාන කළ නොහැකග

දරු පැටියකුගේ උපතේ සිට මාස හයක් ගත වන තෙක් මවුකිරි හැර වෙනත් කිසිදු දෙයක් ලබා නොදිය යුතු බව වෛද්‍යවරුන්ගේ උපදේශයයිග

සමහර විට ඇතැම් මවුවරුන් දරුවාට මාස හයක් ගත වන්නට ප්‍රථම මවුකිරි ලබාදිමට අමතරව කොත්තමල්ලි වතුරල ජලය යනාදිය ලබාදීමට උත්සාහ කරයිග

දරුවා කෙරෙහි තිබෙන වැඩි ආදරය නිසා එසේ කරන්නට මව පෙළඹෙයිග ඔබ දරුවාට ඇත්තටම ආදරේ නම් එසේ නොකළ යුතුයග දරුවාට මාස හයක් ගත වනතෙක් මවුකිරි පමණක්ම ලබාදිය යුතුයග

මවුකිරිවලින් දරුවාට උපරිම පෝෂණයක් ලබාදෙනවා සේම දරුවාට ලබාදිය හැකි හොඳම සහ ආරක්ෂීතම ආහාරය එය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා නිර්දේශය වී තිබේග

පළමු මාස හයේදී දරුවාට මවුකිරි පමණක් ලබාදිය යුතු අතර දෙවැනි මාස හයේදී අමතර ආහාර ලබාදීම සමඟ මවුකිරි ලබාදීම වැදගත්යග

එසේම දරුවාගේ උපතේ සිට අවුරුදු දෙකක් ගත වනතෙක් මවුකිරි ලබාදීමට මවකට හැකියාවක් පවතින්නේ නම් නිරෝගී සම්පන්න දරුවකු රටට දායාද කළ හැකියග

දරුවා ඉපදී මාස හයක් ගත වීමෙන් පසුව ඇතැම් මවුවරුන් පිටිකිරි ලබාදීමට පෙළැඹේග ලස්සන පිට කවරයකින් නිමා කළ පිටි කිරි ටින් හෝ පැකට් ගෙදරට ගෙනැවිත් ඒවායේ ප්‍රෝටීන් ඇතුළු වෙනත් සංඝටක අධික බව සිතමින් සිඟිති පැටියාට පිටිකිරි පොවන්නට මව උත්සුක වන්නේ නම් එය අනුවණකමකිග

විශේෂයෙන්ම රැකියා කටයුතුවල නිරතව සිටින මවුවරුන් මේ සඳහා වැඩිපුර පෙළඹේග මව රැකියාවක නිරතව සිටින්නේ නම් මවුකිරි දොවා ශීතකරණයේ තබා යාමෙන් දරුවාට අවශ්‍ය වේලාවට ලබාදිය හැකියග දොවා ගත් මවුකිරි කාමර උෂ්ණත්වයේ පැය හයක් දල අධි ශීතකරණයේ මාසයක් වුවද ගබඩා කර තබාගත හැකියග ශීතකරණයේ යට කොටසේ පැය 24 ක් තබා ගත හැකග

ශීතකරණයේ ගබඩා කර තබා ගත් මවුකිරි සහිත භාජනය දරුවාට පෙවීමට පෙර මඳ උණුසුම් ජලයේ තබා භාවිතයට ගත යුතුයග දොවාගත් මවුකිරි දරුවාට කෝප්පයකින් පෙවීම සිදු කළ හැකියග

පිටිකිරි නිෂ්පාදනය කරනුයේ සත්ත්ව කිරිවලිනිග විශේෂයෙන්ම එළදෙනගෙන් ලබා ගන්නා කිරිවලින් පිටිකිරි නිෂ්පාදනය කරයිග එළදෙනට වසු පැටියකු බිහි වීමෙන් පසුව එළ කිරි නිෂ්පාදනය වේග මෙම එළකිරි නිෂ්පාදනය වනුයේ වසු පැටියාගේ පෝෂණයට සරිලන අයුරිනිග වසු පැටියා ඉපදුණු සැණින් දුව පැන ඇවිදියිග

නමුත් දරු පැටියාට එසේ කළ නොහැකියග වසු පැටියාගේ ක්‍රියාකාරිත්වයට සරිලන ආකාරයෙන් නිපදවෙන එළකිරි භාවිතා කිරීමෙන් වැඩි ශක්තියක් දරුවාට ද ලබාගත හැකියග

වසු පැටියා ඉක්මනට වැඩිහිටි වීම සඳහා එළදෙනගේ කිරි උපකාර වේග මේ අයුරින් බලන විට පිටිකිරි දරු පැටියකුට ලබා දීම සම්බන්ධයෙන් ගැටලුවවක් මතු වන බව ඕනෑම මවකට වැටහේග

මව්කිරි දරුවකුට ලබාදීම මඟින් වාසි රැසක් හිමිකර ගත හැකියග එම වාසි මවටත් දරුවාටත් පොදු වේග පිටිකිරි දරුවාට ලබා දීමෙන් එහි පවතින ප්‍රෝටීන් ප්‍රමාණය දරුවන්ගේ වකුගඩුවට දරාගත නොහැකි තත්ත්වයක් උදා කරයිග මේ සියලු අකරතැබ්බයන්ගෙන් මිදී සිටින්නට නම් දරුවාට මව්කිරි පමණක්ම ලබාදිය යුතුයග

දරුවාගේ බුද්ධි වර්ධනයට අවශ්‍ය ලැක්ටෝස් මව්කිරිවල පවතියිග පිටිකිරි මඟින් කරනුයේ කායික වර්ධනයයිග එමඟින් බුද්ධි වර්ධනයක් සිදු නොවේග දරුවාගේ ගණිතමයල තර්කනමයලභාෂාමය හැකියාවන් වර්ධනයටත්ල දරුවාගේ ඇසීම හා පෙනීමේ වර්ධනයටත්ල තැනට සුදුසු ලෙස තීරණ ගැනීමටත්ල අවබෝධ ශක්තිය වැඩි දියුණු කර ගැනීම ඇතුළු ජීවිත සාර්ථකත්වය ඇති කර ගැනීමට මව්කිරි හේතු වේග

දරුවාට පිටිකිරි දීමෙන් අනිටු විපාක ඇති කරවයිග ඇදුමල අසාත්මිකතාවන්ල කනේ හා ස්වසන ආසාදනල යකඩ ඌනතා නීරක්තියල ආහාර දිරවීමේ අපහසුතාල නින්දේදී ඇතිවන හුස්ම ගැනීමේ ආබාධල ළමා වියේ ඇතිවන පිළිකාල දන්තාබාධ හා දන්ත විකෘතිතාල අධි රුධිර පීඩනය සහ හෘද රෝග යනාදිය පිටිකිරි භාවිතය හේතුවෙන් ඇතිවන ආබාධයන් වේග ඊට අමතරව දියවැඩියාවල අධි බර හා ස්ථුලතාවල අස්ථි දුර්වල වීමල පියයුරුල ඩිම්බකෝෂ හා ගර්භාෂ පිළිකා යනාදි අනිටු විපාකයන් ද මව්කිරි නොදීම හේතුවෙන් හටගන්නා රෝගාබාධයන්යග

මව්කිරි බීමේදී දරුවාත් මවත් අතර තදබල මානසික බැඳීමක් ඇති වේග තම පියයුරුවල හැඩය වෙනස් වේය යන හැඟීම නිසා ඇතැම් මවුවරුන් දරුවාට කිරි දීමට මැළිකමක් දක්වයිග

මවුකිරි දීම නිසා පියයුරු එල්ලා වැටීම සිදු නොවන බව සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී තිබේග බොහෝ මවුවරුන්ට තම දරුවාට හෝ නිවුන් දරුවන් සිටින්නේ නම් ඔවුන් දෙදෙනාටම ලබාදීමට සෑහෙන තරම් කිරි නිෂ්පාදනය වේග දරුවාගේ බර අඩු වීම සිදු වන්නේ නම් නිවැරදි ඉරියව්වක සිට මව්කිරි නොදීම හේතු වනබව අනාවරණය වී තිබේග

තමන්ගෙන් නිෂ්පාදනය වන කිරි මදි නිසා පිටිකිරි දිය යුතු බවට ඇතැම් මවුවරු සිතතිග නමුත් එවැනි දෙයක් නොමැතග දරුවාට අවශ්‍ය පරිදි සෑම මවකගෙන්ම මව්කිරි නිෂ්පාදනය සිදු වේග දැරියක් වැඩිවිය පැමිණීමේ සිට පියයුරු වර්ධනය වීම සිදු වේග ගර්භණි සමයේදී කිරි ස්‍රාවය කරන ග්‍රන්ථි වර්ධනය වීමක් වන අතර ඒවා කුඩා නාල හරහා තන පුඩුවට සම්බන්ධ වේග

කිරි නිෂ්පාදනය හා පිටතට ස්‍රාවය කිරීම හෝර්මෝන මඟින් පාලනය කරයිග දරුවාගේ උපතෙන් පසුව සිදුවන ප්‍රොලැක්ටින් නම් හෝර්මෝනය මඟින් කිරි නිෂ්පාදනය වන අතර දරුවා කිරි උරා බීමේදී පිට වන ඔක්සිටෝසින් හෝමෝනය මඟින් ග්‍රන්ථි වටා ඇති පේශි ක්‍රියා කර ග්‍රන්ථි තෙරපීම නිසා කිරි තන පුඩුවෙන් පිටතට ස්‍රාවය වේගග එමඟින් දරුවාට අවශ්‍ය කිරි ප්‍රමාණය අඛණ්ඩව නිෂ්පාදනය වීමක් සිදු වේග

දරු ප්‍රසූතියෙන් පසුව පළමු දින කිහිපය තුළ කහ පැහැති ඝනත්වයෙන් වැඩි දියරයක් ස්‍රාවය වේග ඒවා කොලෙස්ට්‍රම් වන අතර මෙහි සංයුතිය මව්කිරිවලට වඩා වෙනස්යග එහි ප්‍රෝටීන් බහුලව ඇති අතර සීනි හා මේදය අඩුයග අලුත උපන් දරුවාට මුල සිටම මව්කිරි දීම අත්‍යවශ්‍ය කරුණකිග සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියෙන් පැයක් හෝ පැය භාගයක් ඇතුළත මව්කිරි දීම ඇරඹිය යුතුයග

මව්කිරි ලබාදීමේ වටිනාකම තේරුම් ගනිමින් අලුත උපන් දරුවාට මව්කිරි පමණක්ම මාස හයක් ලබාදීමට පියවර ගත යුතුයග එය මුළුමහත් සමාජයේම යහපතට හේතු වේග

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයක් ඇසුරෙනිග

curtesy :dinamina.lk

​සිංහල ලිපි

  • කුඩා දරුවන්ගේ මුත්‍රා ආසාදන

    ඔබේ පුංචි දරුවාට ඕනෑ ම විටක මුත්‍රා ආසාදනයක් ඇති විය හැකියි. එය ඔබටත් දරුවාටත් දෙදෙනාටම දැඩි අපහසුවක් ඇති කරනවා.
  • ඔබේ දරුවා උසකින් වැටුනොත්?

    “අනේ බලන්නකෝ!! මම පොඩ්ඩක් අනෙක් පැත්ත හැරුන විතරයි, බබා ඇඳෙන් වැටිලා නේ…. දැන් මොකද කරන්නේ…..?”
  • ඔබේ සිඟිත්තාගේ කිරි දත් පෙළ දකින්නට සූදානම්ද?

    “රන් ටිකිරි සිනා… මුව මුවා පාලා...” ඔබේ දරු පැටියාත් එසේ මුතු කැට පෙළක් වන් දත් විදහා හිනාවෙනු දකින විට සිතේ ඇති සියළු දුක් අමතක වී යනවා නේද? ඉතින් මෙසේ එන දත් දෙපළ මතුවන අයුරත්, එය කෙටි කලකින් වැටී ගියත් නිසි ලෙස ප්‍රවේසම් කරන අයුරුත් ඔබ දැනගත යුතුමයි...
  • ඔබේ දරුවාට වැසිකිළි භාවිතය පුහුණු කිරීම

    දරුවාගේ ජීවිතයේ මුල් අවධියේදී වැසිකිළි භාවිතය පුහුණු කිරීම පිළිබඳව ඔබ සිතනවා ඇති. එහෙම නැතිවුනොත් දරුවාට අවුරුදු 5 වන විටත්, නැපි එක මත මුත්‍රා කර ඔබට අඬගැසීමට පුළුවනි.
  • ඔබේ දරුවාත් අනාගතයේ දක්ෂ ලේඛකයෙක්

    රචනා ලිවීමට අද බොහෝ දරුවන් දක්වන්නේ මැලි කමකි. මන්දයත් ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාව පිරිහී ඇති නිසාය. එම නිසා රචනාවකට කරුණු ගොනු කර ඒවා නිවැරදිව පෙළ ගැස්වීම ඔවුන්ට අපහසු කාර්යයක් වී ඇත

සතියේ ලග්න පලාපල