දරුවන්ට ව්‍යායාම් කරන්න අවස්ථාව දෙන්න

views 2017-08-13 10:33:00 mother_New

ව්‍යායාම් කිරීම ලොකු කුඩා අපේ කාගේත් ශරීර සෞඛ්‍යයට හිතකරයග දිනපතා ව්‍යායාම් කිරීම සිරුර නිරෝගී වීමට හේතු වනු ලැබේග බුද්ධි වර්ධනය සහ මොලයේ ක්‍රියාකාරිත්වයට ඒ ආකාරයෙන්ම ව්‍යායාම් වලින් බලපෑම් ඇති කරනු ලබයිග ව්‍යායාම් නිතර සිදු කිරීම මගින් ප්‍රයෝජන රැසක් අත්පත් කර ගත හැකි බව පර්යේෂකයින් පෙන්වා දී ඇතග

    රුධිර ධාවනය වැඩි කර මොලයට ඔක්සිජන් ගමන් කිරීම
    කෙටි කාලීන මතකයේ ක්‍රියාකාරිත්වය වර්ධනය වීම
    ප්‍රති ක්‍රියාවන් ඉක්මනින්ම සිදු වන බවක් පෙන්වීම
    ව්‍යායාම් වල යෙදෙන ළමයෙකු ව්‍යායාම් වල නොදෙන ළමයෙකුට වඩා ඉතා ඉහල නිර්මාණශීලිත්වයක් පෙන්වයි
    ව්‍යායාම් නිසා මොලයේ රසායනික ක්‍රියාකාරකම් වල වෙනසක් වීම

අද දරුවන්ට තිබෙන ටියුෂන් පන්ති නිසාම ඔවුන්ට ව්‍යායාම් වල යෙදීමට කාලයක් නැති තරම්ග පාසල් වල උදයේ කාලයේ විවිධ ක්‍රියාකාරකම් සිදු කලත් බොහෝ පාසල් වල ව්‍යායාම් වලට තැනක් ලබා දෙන්නේ නැතග කුඩා කාලයේ සිටම දරුවන්ට ව්‍යායාම් වල පවතින වැදගත් බව අවබෝධ කරලිය යුතුයග පර්යේෂණ මගින් පෙන්වා දෙන්නේ මතු දැක් වූ ආකාරයට ව්‍යායාම් බුද්ධි වර්ධනයට හේතු වන බවයිග මානසිකව සහ ශාරීරිකව ව්‍යායාම් මගින් වැසි රැසක් අත්පත් වේග

    සංගීත රිද්මයකට අනුව ව්‍යායාම් කිරීමට ඉඩ සලස්වන්න
    මෙහිදී නර්තනය ව්‍යායාම් වල ඉතාමත් ප්‍රබල ව්‍යයාම් මාධ්‍යයක් ලෙස හැදින්විය හැකියග උදෑසන හෝ සවස් කාලයේදී දරුවන් සමග ඔබට ව්‍යායාම් කල හැකියග එහිදී කනට මිහිරි සංගීත නාදයක් යොදා ගෙන නර්තන විලාශයකින් ව්‍යායාම් වල යෙදිය හැකියග ව්‍යායාම් කිරීමට කම්මැලි දරුවෙකු වුව මෙමගින් ව්‍යායාම් වලට පෙලඹවීමක් සිදු කල යුතුයග
    එමෙන්ම දරුවාගේ අත පපුවට තබා Heartbeat එක ගණනය කරන්න යැයි කියන්නග ඉන්පසු විසිපස් වතාවක් පමණ උඩ පනින්න ලෙස දරුවාට උපදෙස් දෙන්නග

    ව්‍යායාම් පටියක් යොදා ගන්න
    ව්‍යායාම් සිදු කිරීමේදී ව්‍යායාම් පටියක් යොදා ගත හැකියග අඩි 03ක් පමණ දිග සෙන්ටිමීටර් 03ක් පමණ පළල ඉලාස්ටික් පටියක් සකස් කර ගත හැකියග සංගීත රිද්මයකට අනුකුලව කෙලින් සිටගෙන දෙපසින් අල්ලා ගන්නග ඉන් පසු ඉහලටල ඉදිරියටල පිටුපසට ඉලාස්ටික් පටිය අදිමින් ව්‍යායාම් වල නිරත විය හැකියග මේ ආකාරයට දරුවන්ට ව්‍යායාම් පටියක් සකසා ගෙන නිවසේදීම ව්‍යායාම් කල හැකියග දරුවන් තිදෙනෙක් පමණ සිටින්නේ නම් කණ්ඩායම් ස්වරූපයෙන් ව්‍යායාම් වලට යොමු කල හැකියග මේ සදහා විවිධ උපකරණ භාවිතා කල හැකියග

    බෝලයක් භාවිතා කරන්න
    කුඩා දරුවන් බෝල මගින් සෙල්ලම් කිරීමට ඉතා කැමතියග සංගීත නාදයට අනුකුලව දරුවන් එකිනෙකා අතර බෝලය හුවමාරු කර ගත හැකියග එසේ නොමැතිව තනියම මෙම ව්‍යායාම් වල නිරත වෙනවා නම් සංගීත නාදයට අනුව දරුවාට දැන් බෝලය වම අතේ අල්ලේ තබා ගන්නග පසුව උරහිසේ තබන්න යැයි විධාන කල හැකියග

මොලයේ ක්‍රියාකාරිත්වය පිලිබදව කරන ලද පරීක්ෂණ අනුව මිනිස් සිරුරේ සාමාන්‍ය හෝමෝන ක්‍රියාවලිය සෑම මිනිත්තු 90කට වරක් ඉහල නගීග මෙසේ ඉහල නගින සෑම අවස්තාවකදීම මොලයේ හෝමෝන් ශ්‍රාවයන් දකුණු සහ වම් මස්තිෂ්ක අර්ධ ගෝල වල අඩපණ වීමකින් තොරව ක්‍රියාත්මක වේග මොලයේ වම් කොටසින් ශරීරයේ දකුණත් මොලයේ දකුණු කොටසින් ශරීරයේ වම් කොටසත් පාලනය වේග  එක් අතක් පමණක් ක්‍රියා කලොත් එක් අංගයක් පමණක් ක්‍රියාකාරී වේග ඒ නිසා ප්‍රති විරුද්ධ ක්‍රියාවන් සිදු කිරීම ඉතාමත් වැදගත් වේග මේ නිසා ව්‍යායාම් කිරීම ළමුන්ට ඉතාමත් වැදගත් වේග

curtesy :parenting.lk

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල