දරුවන්ට ඇති වන පණු රෝග වළක්වා ගන්නේ මෙහෙමයි

views 2017-07-17 10:34:00 mother_New

දරුවන්හට පණු රෝග ඇති වන්නේ කෙසේද යන්න පිළිබඳ පළමු ලිපිය හරහා මව්වරුන්ට නිසි අවබෝධයක් ලැබෙන්නට ඇතිග මේ තත්ත්වයෙන් දරුවන් ආරක්‍ෂා කිරීමට නම් යහපත් සෞඛ්‍ය පුරුදු දරුවාට හුරු කිරීම ඉතා වැදගත් වේග

හොඳ සෞඛ්‍යමත් පුරුදු හුරුකර ඔබේ දරුවා පණු රෝගවලින් රැකගන්න

    නිතර දරුවාගේ දෑත් පිරිසිදුව තබා ගැනීම පණු රෝග වළක්වා ගැනමේිදී ඉතා වැදගත් වේග විශේෂයෙන් ආහාර ගැනීමට පෙරල වැසිකිළි භාවිතයෙන් පසු හා සෙල්ලම් කිරීමෙන් පසු විෂබීජ නාශකයක් යොදා දෑත් හොඳින් සේදීම කළ යුතුයග
    සැමවිටම පිරිසිදු නටවාල පෙරා ගත් ජලය පානයට දෙන්න
    අමුවෙන් ආහාරයට ගන්නා එළවළුල පලා වර්ග මෙන්ම පළතුරු හොඳින් සෝදා ආහාරයට එකතු කරගන්නග
    මස් හා අනිකුත් පිසින එළවළු හොඳින් පිස ගැනීමෙන් අනතුරුව දරුවන්ට ලබාදෙන්න
    දරුවා කුඩා කල සිටම වැසිකිළි භාවිතයට පුරුදු කිරීම හා නිසි ප්‍රමිතියෙන් යුතු වැසිකිළි භාවිතයග කුඩා දරුවන්ගේ මල වුවද නිසි පරිදි බැහැර කළ යුතු අතර එළිමහන් පරිසරයට මුදා නොහැරිය යුතුයග
    සැමවිටම පිරිසිදු යට ඇඳුම්ල තුවාල ඇඳ ඇතිරිලි භාවිතයට දීමග
    තුවාල පනාල ඇඳ ඇතිරිලිල කොට්ටා ආදිය යට ඇඳුම් දරුවාගේ තනි භාවිතයට තිබිය යුතු අතර වෙනත් දරුවන් හෝ වැඩිහිටියන් සමඟ හුවමාරුවට භාවිත නොකළ යුතුයිග
    දෑත් දෙපාවල නියපොතු කෙටිවන ලෙස කැපීමග
    එළිමහනේ ඇවිදින විට පාවහන් පැළඳීමග
    නිවස නිතර පිරිසිදුව මෙන්ම හිරු එළිය හා වාතාශ්‍රය ලැබෙන සේ තබාගැනීමග
    බල්ලන්ල පූසන් වැනි සුරතල් සතුන්ගේ මල නිසි පරිදි බැහැර කිරීමග
    දරුවන්ට ආහාර පිසින විට නිතරම පළමුව දැත් විෂබීජ නාශක යොදා සෝදා ගැනීමග

පණු රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර

පණුරෝග සඳහා ආයුර්වේදයේ ප්‍රධාන ප්‍රතිකාර විධි 03 ක් දක්වා ඇතග ඒවා නම්ල

    පණු රෝග සඳහා හේතු වන කාරණා ඉවත් කිරීම
    ශරීරයේ ඇති පණුවන්ට හිතකර පරිසරය වෙනස් කිරීම
    අතින් හෝ ඖෂධ මඟින් පණුවන් ඉවත් කිරීම

පණුවන්ට හිතකර පරිසරය කිරීම වෙනස් සඳහා නිවසේදීම යොදා ගත හැකි ද්‍රව්‍ය ලෙසල

        කරාබු නැටි
        වසාවාසි
        සාදික්කා
        කරඳමුංගු
        උළුහාල්
        වියළි ඉඟුරු
        සූදුරු
        කළුදුරු දැක්විය හැකිය

මේ ඖෂධ ද්‍රව්‍ය වල ක්‍රිමිඝ්න හෙවත් පණුවන් නසන ගුණය ඇතග සාමාන්‍යයෙන් මේ ඖෂධ බොහොමයක් ආහාර රස ගැන්වීම සඳහා භාවිත කෙරෙන ඒවායග ඒවායේ ඇති කටුක හා තික්ත රස හේතුවෙන් ආමාශ ආශ්‍රිතව පණුවන්ට හිතකර පරිසර ස්වභාවය ඉවත් වී යයිග නමුත් පැණි රස ආහාර අධිකව ගතහොත් නිර්මාණය වන්නේ පණුවන්ට හිතකර පරිසරයකිග
පණුවන් ඉවත් කිරීමටල

    එරබඳු කොළ
    අරලිය කොළ
    ඇත්තෝර කොළ
    බටකිරිල්ල කොළ
    ඇහැළ කොළ
    කිරි අඟුණ කොළ
    තිත්ත අඟුණ කොළ
    ගොටුකොළ ආදිය යොදාගත හැකියග

මේවා මැල්ලුම් වශයෙන් සකස් කළ හැකියග අරලිය කොළ කඩා දවසක් පමණ තැබූ විට කොළ මැළවී කිරි ඉවත් වී ආහාරයට ගත හැකි තත්ත්වයට පත් වේග  බට කිරිල්ල කොළ වියළා තනන අග්ගලා ද පණු රෝග ඇති දරුවන්ට සුදුසු වේග මීට අමතරව වළඟසාල්ල කුඹුරු ඇට මදල අරළුල සුදුළුෑණූල කලාඳුරු අලල මුරුංගා පොතු වැනි ඖෂධ රැසක්ද ආයුර්වේදයේ දක්වා ඇතග මේවායේ කෘමින්රැපණුවන් නසන ගුණ ඇතග

පණු රෝගවලදී ඇති වන ලක්‍ෂණ බොහොමයක් එතරම් තදින් ගණන් නොගැනෙන ලක්‍ෂණ වන අතර අතැම් විට රෝගය උග්‍ර අතට හැරෙන තුරුම නිසි අවධානයක් යොමු නොවේග ඇතැම් පණු රෝග හඳුනාගැනීමට යම් කාලයක් ගතවීම අනෙක් විශේෂත්වයයිග නමුත් ඇතැම් පණු රෝගවලදී :විශේෂයෙන් පටි පණු රෝගයේ දී- අන්ත්‍ර මාර්ග අවහිර වන අතර ශල්‍යකර්ම පවා සිදු කිරීමට සිදුවිය හැකියිග

පණුරෝග වළක්වා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ ඉතා පහසුවෙන් ලොකු කුඩා කාටත් පිළිපැදිය හැකි හා ලොකු කුඩා කාටත් සෞඛ්‍යමය ජීවතයක් පවත්වා ගැනීම උදෙසා පිළිපැදිය යුතු පිළිවෙත් සමුහයක් පමණිග මේ පිළිවෙත් දරුවන්ට කියාදීමල ඒවා පවත්වාගෙන යාමට ඇති අවශ්‍යතාවය ඔවුන්ට අවබෝධ කරදීම හා ඒ සඳහා ඔවුන්ට උපකාර කිරීම දෙමාපියන්ල ගුරුවරුන් හා වැඩිහිටියන්හට පැවරෙන වගකීමකිග

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ කාථිකාචාර්ය :පරිවාස- වෛද්‍ය ආර්ගඑල්ගඩීග සඳමාලි රණසිංහ මහත්මිය ( B.A.M.S (Hons), M.D (Ayu) (SL) ) - සමග සකසන ලද ලිපියකිග

curtesy : parenting.lk

​සිංහල ලිපි

  • උණ රෝගයක ලක්ෂණයක් පමණයි

    උණ ඇති පුංචි දරුවෙකු ගැන අවධානයෙන් යුතුව කටයුත කළ යුතු වන්නේ පුංචි දරුවන්ට තමන්ට ඇති අපහසුව පැහැදිලි කිරීමට නොහැකි නිසායග දරුවාගේ අපහසුතා නිවැරැදිව හඳුනාගත යුතුය
  • පුතාගේ ඇහි පිලල්මේ ලොකු ගෙඩියක්ල ඇහැ ඉදිමිලාල රතු වෙලා …

    මෙවැනි තත්ත්වයකදී වෛද්‍ය උපදෙස් කරා යොමු වීම ඉතාම වැදගත් වන්නේ මුල් අවධියේදීම හඳුනා ගැනීමට හැකි වීම හේතුවෙන් ඉක්මනින් ප්‍රතිකාර ඇරඹිය හැකි නිසාය
  • දරුවන්ට ඇති වන පණු රෝග වළක්වා ගන්නේ මෙහෙමයි

    දරුවන්හට පණු රෝග ඇති වන්නේ කෙසේද යන්න පිළිබඳ පළමු ලිපිය හරහා මව්වරුන්ට නිසි අවබෝධයක් ලැබෙන්නට ඇතිග මේ තත්ත්වයෙන් දරුවන් ආරක්‍ෂා කිරීමට නම් යහපත් සෞඛ්‍ය පුරුදු දරුවාට හුරු කිරීම ඉතා වැදගත් වේ
  • දරුවන්ට බෙහෙත් දෙන විට මේ ගැනත් හිතන්න

    අපිට ඖෂධ ලබා දෙන්නේ කිසියම් මාත්‍රාවක් අනුවයිග එය මිලිග්‍රෑම් පහක් ල දහයක් හෝ වෙනත් මාත්‍රාවකින් නියම වෙනවා
  • දරුවන්ට රාත්‍රි ආහාරය කලින් දෙන්න

    ඉස්සර කාලයේ අම්මලා තමන්ගේ දරුවන්ට රාත්‍රි ආහාරය ගත් විගසම නින්දට යන්න අවසර දුන්නේ නැහැග ඔවුන් ඒ දවස්වල කිව්වේ බත් ඇට කූරු අස්සේ යන නිසා රෑට ආහාරය ගත් විගසම යහන්ගත වෙන්න අවසර දුන්නේ නැහැ

සතියේ ලග්න පලාපල