පාසැල් බෑගය දරුවන්ගේ කොදුඇට පෙළේ අසාමාන්‍යතා ඇති කරන බව ඔබ දන්නවාද?

views 2017-06-18 02:53:00 mother_New

මෑතක සිට අප භෞතචිකිත්සක අංශ වෙත පැමිණෙන පාසැල් දරුවන් සංඛ්යාව ඉහළ ගොස් ඇති බව පෙනී යයිග ඒ කොඳු ඇට පෙළ එක් පැත්තකට වක්ර වී තිබීම :ස්කෝලියොසිස් තත්ත්වය- හේතුවෙනිග මෙයට මූලිකම හේතුවක් ලෙස අප දකින්නේ අධික බරින් යුත් පාසැල් බෑගය එක් උරහිසකට පමණක් දමාගෙන දිනපතා පාසල් යාමට පුරුදු වූ දරුවන් දිගු කාලයක් මෙලෙස බෑගය රැගෙන යාමෙන් කොඳු ඇට පෙළ එක් පැත්තකට වක් වී ඇති බවයිග එබැවින් අප නිර්දේශ කරන්නේ පිටේ එල්ලාගෙන යන බෑගය සුදුසු බවයිග එය වුවත් දරුවාට ඔසවාගෙන යාමට සුදුසු බරකින් එය යුක්ත විය යුතුයග

මේ ආකාරයෙන් වැරදි ඉරියව් හේතුවෙන් ඇති විය හැකි මෙවැනි තත්ත්වයන් පිළිබඳව සැවොම දැනුවත් වීම ඉතාම වැදගත් වන අතරම ලොකු කුඩා කාටත් මෙවැනි අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවිය හැකියග  මේ ලිපිය හරහා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ වැරදි ඉරියව් හේතුවෙන් කොදු ඇට පෙළ ආශ්රිතව ඇති විය හැකි අසාමාන්යතා පිළිබඳව දැනුවත් කිරීමටයිග

දිගු කාලයක් මුළුල්ලේ වැරදි ඉරියව්වල සිට කාර්යයන්වල නිරත වූවන්ට කොඳු ඇට පෙළ ආශ්රිතව ඇති විය හැකි ආබාධ පහත පරිදි වේග

    කොඳු ඇට පෙළ කුදු වීම හෙවත් කයිපොසිස් (Kyphosis)
    කොඳු ඇට පෙළ පැත්තකට නෙරා යෑම හෙවත් ස්කෝලියෝසිස් (Scholiosis)
    කොඳු ඇට පෙළ ඉදිරියට නෙරා ඒම හෙවත් ලෝඩෝසිස් (Lodosis)

කයිපොසිස් සහ ස්කෝලියොසිස් යන වක්ර වැඩි වශයෙන් දක්නට ලැඛෙන්නේ උරස් කශේරුකා ආශ්රිතවයග ලෝඩෝසිස් වක්රය කටී කශේරුකා පද්ධතිය තුළත් බහුලව දක්නට ලැබේග මෙම අසාමාන්ය වක්ර ශරීරයේ අලංකාරය නැති කරනවා පමණක් නොව පෙණහලූ රෝග සහ ස්නායු රෝග ද ඇති කරයිග
මේ තත්ත්වයන් ඇති වීමට බලපෑ හැකි වෙනත් හේතු

    මාංශ පේශීන් දුර්වල වී සමතුලිතාව බිඳවැටීම
    ස්නායු ආඝාතයට ලක්වීම
    සුෂුම්නාව හෝ කශේරුකාවට ඇති වන ආසාදන
    උත්පත්තියෙන්ම ඇතිවන අසාමාන්යතා
    සුෂුම්නාවේ හටගන්නා අර්බුද :ඔමපදමර-
    දෙපාවල දිගෙහි වෙනසක් තිබීම

කුඩා වියේ සිටම දරුවන්ගේ ඉරියව් පිළිබඳව නිරීකෂණය කරමින් ඔවුන්ව නිවැරදි ඉිරියව්වලට පුරුදු කිරීම ඉතා වැදගත් බව ඔබට වැටහෙනවා ඇතිග විශේෂයෙන් ඔවුන් පාඩම් කරන ඉරියව් නිවැරදි විය යුතුයග බොහෝ දරුවන් කොන්ද කුදු කරගෙන පාඩම් කරන අතරම එවිට කොඳු ඇට පෙළේ කයිපොසිස් නම් තත්ත්වය ඇති වේග දරුවා පාඩම් කරන විට කොන්ද ඍජුව තබාගෙනල හිස හැකි පමණ කෙළින් තබාගෙන පොත මේසයට ආනතව සිටුවාගෙන එය කරන්නේ නම් වඩාත් නිවැරදියග

ස්කොලියෝසිස් තත්ත්වයට තවත් හේතුවක් නම් පාද දෙකෙහි දිග අසමාන වීමයිග එවිට එම වෙනසට ගැළපෙන ලෙස කොඳු ඇට පෙළ ඇද වී යයිග

උදරය ඉදිරියට නෙරා එන ලෙස කොඳු ඇට පෙළ පිහිටීම zලෝඩෝසිස්Z නම් තත්ත්වයට  පේශිවල දුර්වලතාවය ප්රධාන වශයෙන් බලපායිග උදර පේශි ශක්තිමත් කරන ව්යායාම කිරීමෙන් ලෝඩෝසිස් තත්ත්වය අවම කර ගත හැකග
ස්කෝලියෝසිස්ල කයිපොසිස්ල ලෝඩෝසිස් තත්ත්ව නිවැරදි කිරීමට

    ඛෙල්ට්රැකෝසෙට් වර්ග පැලඳ සිටීම සුදුසුයග
    ස්කෝලියෝසිස් සඳහා දෙඅත් ඔසවා ආධාරකයක එල්ලී සිටීම සුදුසුය
    කයිපෝසිස් සඳහා මුනින් අතට දිගා වී දෙඅත් පිටුපසට බැඳ හිස හා කඳ කොටස ඉහළට ඔසවාගෙන සිටීම
    ලෝඩෝසිස් සඳහා උඩුබැලි අතට හාන්සි වී උදරය මත උඩින් අත් දෙක බැඳගෙන හිස හා කඳ අංශක 45ක් ඔසවාගෙන මිනිත්තුවක් පමණ සිටීමග

    කොළඹල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞතචිකිත්සකල වරලත් භෞතචිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකිග

     
curtesy : parenting.lk



​සිංහල ලිපි

  • කුඩා දරුවන්ට අහිතකර ආහාර

    දරුවා මාස 4 සිට 6 පසු කරන විට ස්වල්ප වශයෙන් කිරි හැරුණුකොට වෙනත් ආහාර වලට පුරුදු කිරීමට පටන් ගැනීම සාමාන්යයයි. නමුත් ඔබ දන්නවා දරුවා මෙම ලෝකයට අලුත්. ඉතින් හුරු කරවීම ක්රමක්රමයෙන් සිදු කල යුතුයි.
  • දියවැඩියාවෙන් පෙළෙන කතක් ගැබිනියක් වු විට ...

    දියවැඩියා ඇති කතුන් ද නැති කතුන් ද ගර්භණී බවට පත් වේ. දියවැඩියාව ඇති කාන්තාවක් ගැබ්ගත් විට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ඇත.
  • මවක්වන්න ඉන්න ඔබට ගැලපෙන Maternity fashion

    නමුත් ගර්භණී සමයේදි ලාංකීක කාන්තාවන් හුඟාක් තමන්ගේ පෙනුම ගැන නොසැලකිලිමත් වෙනවා. බොහෝ විට පමණක් නොව සාමාන්‍ය එදිනෙදා කටයුතු සඳහාද දක්වන්නේ මද උනන්දුවක්.
  • ආත්‍රායිටීස්‌ රෝගීන්ටත් දරු සම්පත් වාසනාව

    සිරුරේ හන්දි ඇතුළත ඇති හන්දි පටලය ඉදිමුම නිසා ඇතිවන රෝග සමූහයක්‌ වන ආත්‍රයිටීස්‌  ඇතිවූ විට එය සුව කර ගැනීමට හෝ මතුව ඇති රෝග තත්ත්වය පාලනය කර ගැනීමට යම් කාලයක්‌ ඖෂධ ප්‍රතිකාර ගැනීමට සිදුවේ.
  • දරුවන්ගේ මනස හඳුනාගන්නේ මෙහෙමයි

    දරුවන් එක් අයෙකුගෙන් තවත් අයෙකුට වෙනස් ගති ලක්ෂණ ඔවුන්ට ස්වභාවයෙන්ම පිහිටා තිබේ.

සතියේ ලග්න පලාපල