උණ තත්වයෙන් පෙළෙන ඔබේ පැටියව රැක බලා ගන්නා අයුරු

views 2017-06-16 03:05:00 mother_New

උණ යනු සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළයාමයිග එසේම සිරුර තුළ පවතින යම් රෝග තත්ත්වයක් පිටතටපෙන්නුම් කෙරෙන ප්‍රධාන රෝග ලක‍ෂණයයිග දරුවෙකුගේ සිරුරේ උෂණත්වය මවගේ අතට දැනෙන ආකාරයටනිගමන තීරණ වෙත එළැඹීම කිසිසේත්ම නිවැරදි නොවේග දරුවාගේ නළලල ඛෙල්ලල අත්ල පරීක‍ෂා කරමින් උණ තත්ත්වය පිළිබඳව සොයා බැලූවද උෂ්ණත්වමානයෙන් පරීක‍ෂා කළ විට දරුවාගේ ශරීර උෂ්ණත්වය සාමාන්‍ය අගයක් විය හැකියග දරුවන් සිටින සෑම නිවසකම පාහේ උෂ්ණත්ව මානයක් තිබිය යුත්තේ එබැවිනිග

කුඩා දරුවන් සිටින නිවසකට උෂ්ණත්වමානයක් තෝරාගැනීමේදී රසදිය උෂ්ණත්වමානයකට වඩා ඩිජිටල්උෂ්ණත්වමානයක් තෝරාගැනීම වඩාත් සුදුසු වේග මන්ද යම් හෙයකින් රසදිය උෂ්ණත්වමානය බිදී ගියහොත්දරුවා අධික විෂ සහිත රසදිය වාෂ්පයට නිරාවරණය විය හැකි බැවිනිග

ඉතා සංකීර්ණ මිනිස් සිරුර රෝගී වූ විට රෝගියාගේ ආරක‍ෂාව වෙනුවෙන් සිරුර තුළ රසායන ද්‍රව්‍ය ක්‍රියාත්මක වීම ආරම්භ වන අතරම ඒ මගින් රෝග ලක‍ෂණයක් ලෙස සිරුරේ උෂ්ණත්වය ඉහළ යයිග එසේ ශරීර උෂණත්වය ඉහළ යාම එනම් උණ ඇති වීම රෝග ලක‍ෂණයක් පමණකිග සැබවින්ම උණ ඇති වීම සිරුරේ රෝගී තත්ත්වයක් පිළිබඳ අප වෙත දැනුම් දීමක් යැයි පැවසීමේ වරදක් නැතග

පාචනයල අතීසාරයල මුත්‍රාබාධල සෙම්ගෙඩි වැනි අවස්ථා වලදීදල මැද කනේ ආසාදනල ආසාදිත තුවාලල ශ්වසන පද්ධතියේ ඇති විය හැකි නිව්මෝනියාව රෝගී තත්ත්වයල ක‍ෂය රෝගයල හන්දි අමාරු වැනි රෝග පමණක් නොව පිළිකා වැනි දරුණු රෝගවලද රෝග ලක‍ෂණයක් ලෙස උණ ඇති වේග මේ නිසා උණ යනුල රෝගී තත්ත්වයක් ලෙස නොව සිරුරේ පවතින යම් රෝගයක ලක‍ෂණයක් ලෙස හැඳින්වීම වඩා නිවැරදි වේග

එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම්වලින් ඈත්ව කාලය ගතකරන විටල සාමාන්‍ය දිනයන්හිදීට වඩා නිදිමතගතියෙන් සිටින විටල වමනයල දරුවා වේදනාවකින් පසුවන අවස්ථාවලදී දරුවාගේ උණ පරීක‍ෂා කිරීම වැදගත් වේග එසේම දරුවන්ගේ උණ පරීක‍ෂා කරන ආකාර ද කිහිපයකිග එනම් අත යට හෝ දිව යට උෂ්ණත්ව මානය තබායග

උණ තත්ත්වයෙන් පෙලෙන ඔබේ දරුවා පහත සඳහන් රෝග ලක‍ෂණ පෙන්නුම් කරයි නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නග

    තද හිසරදය
    උගුරේ වේදනාව සහ ඉදිමුණු ස්වභාවය
    උණ ඇති වීමෙන් පසුව සම මත දදයක ස්වභාවයක් මතුවීම
    තද ආලෝකයට සන්වේදී වීම
    හිස ඉදිරියට නවන විට ගෙලෙහි දැඩි වේදනාවක් ඇතිවීම
    මානසික ව්‍යාකූල බව
    දිගටම පවතින වමනය
    හුස්ම ගැනීමේ අපහසුතාවය සහ පපුවේ වේදනවා
    උදාසීන බව සහ නුරුස්නාගතිය
    උදර වේදනාව හෝ මුත්‍රා පිටකිරීමේදී වේදනාවක් ඇති වීම
    මාංශ පේශීවල දුර්වල බව
    ඉහත සඳහන් නොවූ වෙනත් අනපේක‍ෂිත සංඥා හෝ රෝග ලක‍ෂණ

උණ තත්ත්වයෙන් පෙලෙන දරුවා රැකබලාගැනීමේදී ථ

    සුව පහසු සරල ඇඳුමක් දරුවාට අන්දවා පහසුවෙන් ඉන්නට සැලස්වන්න
    ඇල් මැරුණු ජලයෙන් සිරුර තෙතමාත්තු කර විදුලි පංකාව අසල දරුවා රඳවන්න
    දියර වර්ග වැඩිපුර ලබාදෙන්න
    දරුවා ආහාර ප්‍රතික්ෂේප කරයි නම් බල කිරීමෙන් වළකින්න
    දරුවා පිළිබඳව සුපරික‍ෂාකාරීව සිටින්න

දරුවෙකුට දින දෙකකට වඩා වැඩි කාලයක් උණ තත්ත්වය පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වේග

දරුවාගේ සිරුරේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 99 ට වඩා වැඩි නම් පමණක් දරුවාගේ බරට අනුව නියමිත පැරසිටමෝල් ප්‍රමාණය ලබාදිය හැකියග

    දිනකට පැරසිටමෝල් පැය හයකට වරක් බැගින් දිනකට පැරසිටමෝල් වේල් හතරක් පමණිග මන්ද අනවශ්‍ය පරිමාවක් ලබාදීම දරුවාගේ අක්මාවට බලපෑම් ඇති කළ හැකිියග
    උණ අවම කිරීම සඳහා පැරසිටමෝල්වලට අමරව වෙනත් ඖෂධ ලබාදීමෙන් වළකින්නග මන්ද උණ ඇති වීමට හේතුව ඩෙංගු වෛරසය ද නැතිද යන්න නිෂ්චිතව නොදැන උණ අවම කිරීමේ ඖෂධ ලබා දීම නිසා දරුවාගේ ජීවිතය අවදානමට ලක්විය හැකග
    බොහෝවිට දරුවන්ට උණ ඇතිවීමට හේතුව වන්නේ වෛරසයක් බැවින් තත්ත්වය සිරුර විසින්ම පාලනය විය යුතු අතරම ඒ සඳහා දින කිහිපයක් ගත වන බව මව්වරුන් සිහිතබාගන්නග
    වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළිපඳින්නග

දරුවාට උණ ඇති වීම මව්වරුන් බියට පත්වන හේතු තුනකිග

    උණ වැඩිවීම නිසා දරුවාට උණ වලිප්පුව ඇති වේය යන බිය
    දරුවාට ඩෙංගු වැළඳී ඇතැයි යන සැකය
    මොළයට හානි සිදුවේයයි යන සැකය

උණ වලිප්පුව

අධික උණ ඇති වන සෑම අවස්ථාවකදීම උණ වලිප්පුව ඇති වීම හෝ මොළයට හානි සිදුවීම හෝ සිදු නොවේග උණ වලිප්පු හේතුවෙන් ජීවිතයට අනතුරක් සිදු නොවේග අධික උණ තත්ත්වය අවම කළද පෙර උණවලිප්පුව ඇති වූ දරුවෙකුට නැවත ඇති විය හැකියග මව්වරුන් මේ පිළිබඳව අසාමාන්‍ය බියක් ඇති කරගත යුතු නොවන්නේ එය විනාඩි පහකට වඩා වැඩි කාලයක් නොපවතින අතරම තත්ත්වය සිරුර තුළින්ම පාලනය කරගන්නා බැවිනිග ඉතා කලාතුරකින් විනාඩි පහකට අධික කාලයක් පැවතිය හැකි අතරම එවැනි අවස්ථාවකදී වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වේග පෙර උණ වලිප්පුව තත්ත්වයට මුහුණ දුන් හෝ මව්පියන්ට කුඩා කාලයේදී උණ වලිප්පුව තිබුණු දරුවනහට මේ තත්ත්වය ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතීග

බොහෝවිට අවුරුදු පහෙන් පහළ දරුවන්ට උණ ඇති වී පැය 24ක් ඇතුළත උණ වලිප්පුව ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව වෛද්‍ය විද්‍යාවේ සඳහන් වුවද උණ ඇති වී පැය 24කින් පසු උණ වලිප්පුව ඇති නොවේ යැයි නිශ්චිතව තහවුරු කිරීමට ද නොහැකියග

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මංජුල අතුකෝරාල සහ ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ :ලේඛකාධිකාරී- වෛද්‍ය මහේෂ් කුඹුකගේ යන වෛද්යවරුන් සමග සකසන ලද ලිපියකිග

curtesy : parenting.lk

​සිංහල ලිපි

  • කුඩා දරුවන්ට අහිතකර ආහාර

    දරුවා මාස 4 සිට 6 පසු කරන විට ස්වල්ප වශයෙන් කිරි හැරුණුකොට වෙනත් ආහාර වලට පුරුදු කිරීමට පටන් ගැනීම සාමාන්යයයි. නමුත් ඔබ දන්නවා දරුවා මෙම ලෝකයට අලුත්. ඉතින් හුරු කරවීම ක්රමක්රමයෙන් සිදු කල යුතුයි.
  • දියවැඩියාවෙන් පෙළෙන කතක් ගැබිනියක් වු විට ...

    දියවැඩියා ඇති කතුන් ද නැති කතුන් ද ගර්භණී බවට පත් වේ. දියවැඩියාව ඇති කාන්තාවක් ගැබ්ගත් විට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ඇත.
  • මවක්වන්න ඉන්න ඔබට ගැලපෙන Maternity fashion

    නමුත් ගර්භණී සමයේදි ලාංකීක කාන්තාවන් හුඟාක් තමන්ගේ පෙනුම ගැන නොසැලකිලිමත් වෙනවා. බොහෝ විට පමණක් නොව සාමාන්‍ය එදිනෙදා කටයුතු සඳහාද දක්වන්නේ මද උනන්දුවක්.
  • ආත්‍රායිටීස්‌ රෝගීන්ටත් දරු සම්පත් වාසනාව

    සිරුරේ හන්දි ඇතුළත ඇති හන්දි පටලය ඉදිමුම නිසා ඇතිවන රෝග සමූහයක්‌ වන ආත්‍රයිටීස්‌  ඇතිවූ විට එය සුව කර ගැනීමට හෝ මතුව ඇති රෝග තත්ත්වය පාලනය කර ගැනීමට යම් කාලයක්‌ ඖෂධ ප්‍රතිකාර ගැනීමට සිදුවේ.
  • දරුවන්ගේ මනස හඳුනාගන්නේ මෙහෙමයි

    දරුවන් එක් අයෙකුගෙන් තවත් අයෙකුට වෙනස් ගති ලක්ෂණ ඔවුන්ට ස්වභාවයෙන්ම පිහිටා තිබේ.

සතියේ ලග්න පලාපල