හෙට දවස සුබ වෙන්න දරුවන්ට කියා දිය යුතු කරුණු 8ක්

views 2017-05-15 02:13:00 mother_New

අද ඉන්න අපේ දරුවන් අතර කිසිම පිරිමැස්මක් නැහැගගමේ අද පරම්පරාව ගැන නැගෙන අ‍ඳෝනාවක්  බවට පත්ව තිබෙනවාග ඉස්සර කාලයේ අම්මා තාත්තා දරුවන්ට කියල දුන්නේ හෙට දවස වෙනුවෙන් යමක් ඉතුරු කරන්න ඕන …ග එහෙම නැත්නම් හෙට දවස අවාසනාවන්ත විදිහට ගෙවන්න වෙන බවයිග ඒත් අද දෙමව්පියන් අතර වුනත් මේ සංකල්පය නැහැග ඒ අය අතරත් තියෙන්නේ වර්තමානයේ ජීවත්වීම ගැන අදහස පමණයිග
හෙට දවසට සුනාමියක් ආවොත්

හෙටක් ගැන කතා කරන හැම අවස්ථාවකම දරුවන් කියන්නේ අනේගගහෙට ගැන නෙවෙයි…අද කාල බීලා ඉන්න ඕනගගසුනාමියක් ආවොත් සේරම ඉවරයිගග ඒත් සුනාමියක් නාවොත් අපි ජීවත් වෙන්න ඕන කියන සිතුවිල්ල ඔවුන්ට නැහැග අපේ අනාගතය වෙනුවෙන් යමක් කමක් ඉතුරු කරගත්තොත් හෙට දවස වෙනුවෙන් ශක්තිය ගොඩ නැගෙනවාග  ඒ නිසා දරුවන්ට අද දවසේ පවතින සම්පත් කලමනාකාරනයකින් පවත්වා ගැනීමට උපදෙස් දීම අවශ්‍ය වෙනවාග
කලමනාකරනයක් හඳුන්වා දෙන්න

අතීතයේ හැම නිවසකම තිබුන පිලිගැනීම වුනේ ගඟක මුහුදක දැම්මත් ගානක් මිම්මක් තියෙන්න ඕන යන අදහසයිග ඒත් අද මේ සිතුවිල්ල අපෙන් හොඳටම දුරස් වෙලාග පවුලේ ආදායම දරුවන් දන්නෙත් නැහැග වෙන දෙයක් තබා අම්මා තාත්තා වුනත් ඒ ගැන තක්සේරුවක් නැහැග කලමනාකරණයක් වෙනුවෙන් අපි මුලින්ම අපේ ආදායම හ‍ඳුනා ගැනීම අවශ්‍ය වෙනවාග එතකොට ඒ අනුව ගලපා ගැනීම එතරම් අපහසු නැහැග
අපිට ලැබෙන්නේ මේ ආදායමයි …ග වියදම මෙහෙමයි…

පවුලක මාසික නඩත්තුව විදිහට ලැබෙන දල ආදායමක් තිබෙනවාග මේ ආදායමට අනුව අපි හැඩ ගැහෙන්න වෙනවාග ඒ වගේම මාසය තුල කළ යුතුම වැය බරක් තිබෙනවාග ඊට අතිරේක ඇති වෙන විවිධ වැය අනපේක්ෂිත විදිහට ඇති වෙනවාග මේ නිසා දරුවන්ට ඔබ නිතරම පවුලේ අයවැය අනුව හැසිරෙන්න අවශ්‍ය බව කියා දෙන්න අමතක කරන්න එපාග එවිට දරුවාට වුනත් අපිට ආදායම ලැබෙන්නේ සල්ලි ගහකින් හෝ උල්පතකින් නොවන බව තේරුම් යාවිග
අරපිරිමැස්ම හෙවත් තිබෙන දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න

එදා දරුවන්ට අද වගේ විසිතුරු ලෝකයක් තිබුනේ නැහැග අද වාණිජ ලෝකය විසින් ඔවුන්ඉදිරියේ මවන විසිතුරු දරා ගන්න අපහසු තරම්ග එදා පැන්සල ලියන්න බැරි වුනාම පෑන් බටයක ගහලා ලියන්න සකස් කර ගත්තාග අභ්‍යාස පොත්වල ඉතුරු පිටු අරගෙන ලියන්නට අලුත් පොතක් හදා ගත්තාග ඒත් අද තිබෙන පැන්සලල පෑනල පොත වෙනුවට අලුත් දේ මිලට ගන්නේ ඒවායින් ප්‍රයෝජන ගැනීම අපහසු නිසාවත් ඒවා අවසාන නිසාවත් නොවෙයිගග අලුත් නිෂ්පාදනයක් එහෙම නැත්නම් සන්නාමයක් මාධ්‍ය මගින් පෙන්වූ සැනින්ම ඒ වෙනුවෙන් දරුවාගේ අවශ්‍යතාවය ගොඩ නැගෙනවාග
තරඟයක් මොකටද …රෑ

ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඕන…ගමේ අපිට ඉතාම හුරු පුරුදු කියමනක්ග එය සම්පූර්නයෙන්ම ඇත්තග අපිට නොහැකි දේ වෙනුවෙන් හඹා යා යුතු නැහැග අල්ලපු ගෙදර පුතා ටැබ් එකක් මිළිට ගත් පමනින්ම ඔබේ දරුවාද ඒ වෙනුවෙන් ඇවිටිලි කළත් එය අදට අවශ්‍ය දෙයක් නොවන බව පහදා දෙන්නග අපි කළ යුත්තේ අපට කළ හැකි සහ අපට අවශ්‍ය දෙය මිසක අනුන් කරන දෙයක් නොවන බව ඔවුන්ට ‍තේරුම් කර දෙන්නග
අවශ්‍ය දෙයට වඩා අත්‍යවශ්‍ය දෙය ගැන පමණක් යොමු වෙන්න

අපේ ජීවිතයේ බොහෝ අවශ්‍යතාවයන් ඇතග ඒත් මේ හැම අවශ්‍යතාවයක්ම දැවෙන අවශ්‍යතාවයන් නොවේග අධ්‍යාපනය වෙනුවෙන් වූ පොත් පත් දරුවන්ගේ අත්‍යවශ්‍ය දේ බව නොරහසක්ග ඒ නිසා ඔවුන්ගේ එම ඉල්ලීම් ඉටු කිරීම අත්‍යවශ්‍ය සේ සැලකීම වරදක් නැතග වර්තමානයේ ලබන අධ්‍යාපනය මගින් ඔවුන්ගේ හෙට දවස නිර්මානය වෙනු ඇතග මේ නිසා අධ්‍යාපනය වෙනුවෙන් වූ යෙදවුම අනාගත ආයෝජනයකිග

දරුවන්ටත් මේ පෙල ගැස්ම කියා දෙන්නග අලුත් රූපවාහිනියක් වෙළඳපොලට හදුන්වා දුන් පමණින් එය පවුලේ අවශ්‍යතාවයක් නොවන බව කියා දෙන්නග ඒ වෙනුවෙන් නැගෙන පෙරැත්තයේදී ඔබ මෙසේ සිතනු ඇතග

අපේ දරුවා අසරණ වෙයි…මේ ලේන් එකේ හැමෝටම අලුත් බ්‍රෑන්ඩ් එකේ ටීගවී තිබෙනවාග ඒත් මේ සංකල්ප දරුවාගේ හිතට එතරම් ගෝචර නැතග ඔවුන්ට ඔබ කියා දුත්තේ මේ ටිකයිග

අපිට මේ තියෙන ටීගවීග එක දැනට ඇති ඔයගොල්ලන්ගේ විභාග ඉවර වුනාම අලුත් එකක් ගමු යන පිලිතුරයිග එය දරුවාට ඒත්තු යන අන්දමින් පහදා දුන් විට ඔවුන්ද ඒ අනුව හැසිරෙනු ඇතග
ණයවීම එතරම් හොද දෙයක් නොවේ

ණය නිසා මුදලත් මිතුරත් දෙකම නැති වෙන බව ඔබ දන්නා දෙයක්ග ඊටත් වඩා ඔබ මේ ගැන හිතන්නග ණය වීමට පෙරාතුව එය ගෙවන අන්දම ගැන හිතන්නග දරුවන්ගේ අනවශ්‍ය ඉල්ලීම් වෙනුවෙන් ණය බරින් මිරිකී ලැජ්ජාවට පත් වෙන දෙමව්පියන් ගේ ශෝකාලාපයන් ඔබත් අසා ඇතිගඔවුන් ඔබ මේ අන්දමින් ණයගැති බවට පත් කරනු ලැබුවේ බාල කාලයේ පටන් අරපිරිමැස්මකින් සහ සකසුරුවමෙන් කටයුතු නොකළ නිසායග මෙම සංකල්ප ඔවුන්ගේ හදවතේ තිබුනේ නම් කිසිම දිනක මව්පියන්ට මේ අපහසුතාවය ඇති කරවන්නේ නැතග
ණය නැති නම් ඒ සැපයක්

සමාජයේ පිලිගැනීම තිබෙන්නේ ණය වී ඇඳුම්ඇඳීමල බඩු මුට්ටු ගැනීම වැනි කටයුතු මත නොවන බව දරුවාට කියා දෙන්නග රටට ලෝකයට අභිමානය මවා පාන්නට මේ අන්දමින් කටයුතු කිරීම ඉතා අනතුරුදායක බව දරුවන්ට තේරුම් කරන්නග බාලකාලයේ පටන් කිසිම කෙනෙකුගෙන් ණයට යම් යම් දේ ඉල්ලා ගැනීමෙන් වැලකී ස්වාධීනව තමන්ගේ අවශ්‍යතාවයන් පිරිමසා ගැනීම වැදගත් බව කියා දෙන්නග ණය නොවී සිටින්නට හැකි නම් ඒ තරම් උතුම් සැපතක් වෙනත් නැති බව දරුවන්ද දැන ගත් විට තමාගේ පවතින සම්පත් තුලින් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔවුන්ද යොමු වෙනු ඇතග

curtesy :parenting.lk

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල