මවට HIV කුසහොත් දරුවාටත් වැළඳෙනවාද?

views 2017-05-03 03:11:00 mother_New

 ප්‍රසව හා නාරිවේද පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
අසංක ජයවර්ධන

විවාහක කාන්තාවක් ගැබිනියක් බවට පත්වීම එතරම් පුදුමයට කරුණක් නොවේග එසේ වුවත් ඇගේ කුස තුළ දරුවකු පිළිසිඳ ගන්නා අවස්ථාවකදී ඇයගේ නිරෝගී භාවය අතිශයින් වැදගත් වන්නේ දරුවා නිරෝගීව බිහි කරන්නට මවගේ නිරෝගීභාවය වැදගත්වන නිසයිග මක්නිසාදයත්ල එසේ නොවුණහොත් මවගේ රෝගී තත්ත්වයේ අවදානම දරුවාටද අත්විඳීමට සිදුවන නිසායිග කෙසේ වෙතත් දරුවකු බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවකට දැනට සුවකළ නොහැකි මට්ටමේ අසනීපයක් වැළඳි තෙබෙනවා නම් එමඟින් දරුගැබට සිදුවන තත්ත්වය පිළිබඳ විශේෂයෙන් විමසා බැලිය යුතුයිග

දියවැඩියාවල අධි රුධිර පීඩනයග හෘද රෝග මෙන් නොව HIV ඒඩ්ස් යනු එවැනි බරපතල රෝග තත්තවයක්ග එයට මුලික හේතුව වන්නේ HIV ඒඩ්ස් රුධිරය මගින් බෝවන රෝගයක් නිසාග HIV ඒඩ්ස් ආසාදිත කාන්තාවක් ගැබිනි මවක් බවට පත්වුවහොත් එවන් අවස්ථාවක ඇගේ දරුගැබ මුහුණ දෙන්නේ කුමන අවදානමකටදැයි විමසා බැලීම අතිශයින් වැදගත්ග

HIV ඒඩ්ස් වැළඳුන මවකගෙන් කුසහොත් දරුවාට ඒඩ්ස් බෝවිය හැකිදරෑ

ඒඩ්ස් යනු වෛරස් ආසාදනයක් මඟින් බෝවන රෝගයක්ග මෙම වෛරසය ආසාදිත මවකගෙන් කුසතුළ සිටින දරුවාට සම්ප්‍රේෂණය විය හැකියිග එය ආකාර තුනකින් යුක්තයිග

1ග දරුවා ප්‍රසූත කරන අවස්ථාවේදී

2ග මව්කිරි ලබාදෙන අවස්ථාවේදී

3ග ගැබිනි කාල සීමාවේදී

ඇතැම් විට මෙවැනි අවස්ථාවලදී දරුවාට HIV වෛරසය සම්පේ‍්‍රෂණය විය හැකියිග අවාසනාවට ලංකාව තුළ වාර්තාවන දත්තයන්ට අනුව මෙවැනි මව්වරුන්ගෙන් දරුවාට රෝගය බෝවූ අවස්ථා ඉතාමත් සුලබයිග ඒඩ්ස් යනු කිසිදා සුව කළ නොහැකි රෝග තත්ත්වයක් වන අතර කළ හැක්කේ රෝගය පාලනය කිරීම පමණිග

එබැවින් ඖෂධ භාවිතයෙන් මෙය පාලනය කිරීමට හැකියාවක් ඇතගමෙම ඖෂධ ගර්භණී කාලය තුළ භාවිතා කිරීමෙන් දරුගැබට යම් හානියක් ඇති කරාවි යැයි බොහෝ අය විශ්වාස කළද ඒ මුළුමනින්ම වැරදි මතයකිග

ඒඩ්ස් ආසාදිත ගැබිනි කාන්තාවක් නිවැරදි වෛද්‍ය උපදෙස් කරා යොමුවිම අතිශයින් වැදගත් වේග

යම් කාන්තාවක් තමා ඒඩ්ස් ආසාදිත ගැබිනියක් යයි හඳුනාගැනීමෙන් අනතුරුව විශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් කරා යොමුවිය යුතුයිග ඉන් අනතුරුව විශේෂඥ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් මඟින් රෝගී ගැබිනි කාන්තාව රැකබලා ගනු ලබයිග එම කණ්ඩායමට ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක්ල HIV ඒඩ්ස් පිළිබඳ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් මෙන්ම හෙද හෙදියන් සමූහයකගෙන්ද මෙම කණ්ඩායම සමන්විතයිග

කෙසේ වෙතත් ඇගේ මුළු ගර්භණී කාලය පුරාවටම මෙම වෛද්‍ය කණ්ඩායමේ රැකවරණය ඇයට හිමියග ඒ රැකවරණය යටතේ නිසි ආකාරයෙන් ඖෂධ ලබාගැනිමට ඇයට සිදු වෙනවාග එම කණ්ඩායම විසින් ඇගේ සෞඛ්‍යය පිළිබඳ නිරතුරුව විමසීලිමත් වන අතර රහස්‍යභාවය පිළිබඳව වගකීමකින් යුතුවද කටයුතු කරනවාග

මවකගෙන් දරුවාට රෝගය බෝවීම අවම කරන්නේ කෙසේදරෑ

මවගෙන් දරුවාට බෝවීම වළක්වා ගැනීමට ඖෂධ ලබාදෙන අතර එමඟින් වෛරස් සිරුරට ඇතුල්විමේ ප්‍රමාණයද අඩු කෙරේග එහිදී වෛරස් දැක ගත නොහැකි මට්ටමට අඩු වුවහොත් ඇයට සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදු කිරීමට වෛද්‍යවරුන් නියම කරනවාග

එසේ නොවුණහොත් සිසේරියන් ශල්‍යකර්මය ඊට සුදුසු යයි තීරණය කරනු ලබනවාග කෙසේ වෙතත් දරුවා ප්‍රසූත කිරීමට ආසන්න අවස්ථාවේදී ප්‍රසව ශ්‍රාවයන් පිටවීමට පටන් ගතහොත් පැය 04 ක් ඇතුළත ඇය වහාම රෝහල් ගත කළ යුතුයිග එසේ නොකිරීමෙන් ක්‍රමයෙන් කාලය ගතවන විට දරුවා ප්‍රසුත වුවහොත් එමඟින් වෛරසය දරුවාට ආසාදන විය හැකි නිසයිග

මව්කිරි නිසාද දරුවාට ඒඩ්ස් ආසාදනය විය හැකියග නමුත් මව ඖෂධවලට දක්වන ප්‍රතිචාරය අනුව ළමා රෝග වෛද්‍යවරයෙක්ල ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් සහ HIV ඒඩ්ස් පිළිබඳ කායික රෝග වෛද්‍යවරයෙක් එකතුව දරුවාට මව්කිරි ලබාදීමට සුදුසු නුසුදුසු බව තීරණය කරනු ලබනවාග

මේ තත්ත්වයන්හිදී හැරුණු විට මවගෙන් දරුවාට බෝවීම වළක්වා ගැනීමට ඖෂධ ලබාදෙන අතර එමඟින් වෛරස් සිරුරට ඇතුල්විමේ ප්‍රමාණයද අඩු කෙරේගඒඩ්ස් මවක් දරුවා සිප වැළඳ ගැනීමෙන් ඒ්ඩ්ස් බෝ නොවන බව මතක තබා ගන්නග

නුවන්ති කුලරත්න

curtesy : dinamina.lk

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල