ආයුර්වේද ශාස්ත්‍රයට අනුව අලුත උපන් ළදරුවා රැක ගන්නේ මෙහෙමයි

views 2017-05-02 03:39:00 mother_New

දරුවෙකු මෙලොවට බිහි වීමෙන් පසු මුල්ම හා කෙටිම අවධිය නවජාත කාලය ලෙස ආයුර්වේද ශාස්ත්‍රයේ හඳුන්වයිග මෙම නවජාත අවස්ථාව කොටස් 02 යුක්තයිග
සද්‍ය :ජාත- අවස්ථාව ථ  

    උපතින් පසු නාභි නාළය වෙන් කරන අවස්ථාව දක්වා කාලය

නවජාත අවස්ථාව ථ

    නාභි නාළය වෙන් කිරීමෙන් පසු මුල් සති හතර අවසාන වන තෙක් කාලයයිග මේ දක්වා නාභි නාළය හරහා යැපීම සිදු කළ දරුවා මෙතැන් සිට බාහිර පරිසරයට සුදුසු ආකාරයට අනුවර්තනය විය යුතුයග

එනම්ල ළදරුවා ථ

    තනියම ශ්වසන ක්‍රියාවට අනුවර්තනය වීමග
    බාහිර උෂ්ණත්වයට අනුවර්තනය වීමග
    කිරි උරාබීමට හා ගිලීමට අනුවර්තනය වීමග
    බහිස්‍රාවී ද්‍රව්‍ය :මල ද්‍රව්‍ය- පිට කිරීමට අනුවර්තනය වීමග

යන කාර්යයන් සිදු කර ගත යුතුයග මෙම කාලය තුළදී ළදරුවා රෝග පීඩාවලට භාජනය වීමේ හැකියාව වැඩියග එබැවින් පාරිසරික විෂමතාල විපත් රෝග කාරක හේතු ආදියෙන් වළක්වා ළදරුවා ආරක‍ෂා කරගත යුතුයග

ඒ සඳහා අයුර්වේද ශාස්ත්‍රය තුළ සඳහන් ශාස්ත්‍රීය කරුණු පහත පරිදි වේග
කුමාරාගාරයරැදරුවා තබන කාමරය සැකසීම

දරුවාගේ අවශ්‍ය සියලූම සැප පහසුකම් සහිතව දරුවා වෙනුවෙන්ම වෙන් වූ ආරක‍ෂාකාරී ස්ථානය :කාමරය- කුමාරාගාරය ලෙස හඳුන්වයිග

ආයුර්වේද ශාස්ත්‍රීය ග්‍රන‍ථවල දක්වා ඇත්තේ එය අඳුරු රහිතවල තද සුළං නැතිව එක් පැත්තකින් පමණක් සුළං ඇතුළට එන පරිදි දර්ශනයට සුන්දර ස්ථානයක් සකසන ලෙසයිග වර්ණවත් රූප හෝ දර්ශන දිස්වීමට තිබීමෙන් දරුවාට ඒවා දර්ශනය වීමෙන් දරුවාගේ බුද්ධි වර්ධනයට ඉවහල් වේග

    ඒ තුළ මැසිල මදුරුල මීයන් ආදී ප්‍රාණීන්ගෙන් තොර විය යුතුයග
    එසේම බළල්ල බලූ ආදී සතුන් ප්‍රවේශ නොවිය යුතුයග
    ගෘහය ඉතාම පිරිසිදු විය යුතුයග
    දරුවාට අවශ්‍ය උපකරණ වෙන් වෙන් ස්ථානවල පිළිවෙළින් තිබිය යුතුයිග
    කුමරාගාරය නිරතුරවම රක‍ෂා ක්‍රමවලට භාජනය කළ යුතුයිග එනම් නිතර පවිත්‍ර කිරීමල ධූපන ක්‍රියා :දුම් ඇල්ලීම-ල ඖෂධ එල්ලා තැබීම ආදියයිග

දරුවා රැක ගැනීම සඳහා සඳහන් ආරක්ෂාකාරී ක්‍රම ථ

මෙයින් බලාපොරොත්තු වනුයේ දරුවා විවිධාකාර රෝගාබාධවලින් වළක්වා සෞඛ්‍ය සම්පන්න බව ඇති කිරීම සඳහා ගත යුතු පියවරයිග
දරු උපතට පෙර සිටම දරුවා තබන ස්ථානයේ පවිත්‍රතාව සඳහා ථ

    රෙක‍ෂා්ශ්ත ඖෂධීය දියරවලින් සේදීමග
    ඖෂධ ධූප වර්ග වලින් දුම් ඇල්ලීමග
    ආරක‍ෂාකාරී ඖෂධ ද්‍රව්‍ය පොට්ටනි බැද සතර කොන තැබීමරැඑල්ලීම හා එය දරුවාගේ හා මවගේ යහනෙහි එල්ලා තැබීමග

අබල වද කහල පෙරුම්කායල ගුගුල්ල සුවඳ කොට්ටම්ල සුදු ළුෑණුල අති විඩයං ආදී ද්‍රව්‍ය වලින් දුම් ඇල්ලීමද එම ඖෂධ ද්‍රව්‍ය වලින් සෑදූ ඖෂධ පොට්ටනි එල්ලා තැබීමද සිදු කල හැකග

දුම් ඇල්ලීම කාමරයට මෙන්ම මවගේත් දරුවාගේත් ඇඳුම් වලටද සිදු කිරීම වැදගත් වේගමෙම ක්‍රියා මගින් රෝග කාරක විෂබීජ ඉවත් වීමෙන් දරුවාත් මවත් ආරක‍ෂා වේග
රත කල්කය ලබාදීම

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව සති දෙකක් වයසැති දරුවාට රත කල්කය ලබාදීම ඔහුගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට මෙන්ම ප්‍රයෝජන රාශියකට ඉවහල් වේග වර්තමානයේ රත කල්කය ලබාදීමට බොහෝ මව්වරුන් බිය වී ඇති අතර ඔවුන්ද රත කල්කය ලබාගත් බව අමතක වීම කණගාටුවට කරුණක් වේග

තවද වර්තමානයේ භාවිතා කරන ප්‍රතිශක්තීකරණ එන්නත් නියමිත වේලාවට ලබාදීමද වැදගත් වේග
දරුවාගේ පෝෂණය

ළදරුවා ඉපදීමෙන් පසු ලබාදෙන ප්‍රථම ආහාර වේල මව්කිරියග අතීතයේ මව්වරු රන් කිරි කටගෑම ලෙස පිරිසිදු මී පැණී හා පිරිසිදු ගිතෙල්ල රත් රන් පිටි මව්කිරි සමග මිශ්‍ර කර දරුවාට උරා බීමට සලස්වා ඇතග

    මී පැණි මගින් දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනයත්ල
    ගිතෙල් මගින් හොඳින් මල පහ පිට කිරීමට උත්තේජනයත්ල
    ස්වර්ණ භෂ්ම මගින් බුද්ධිල මේධා වර්ධනයත් යන කාර්යයන් තුන සිදු කරයිග

නවජාත දරුවාට පළමු දින සිට හය වන මාසය දක්වා මව්කිරි අඛණ්ඩව ලබාදීම අත්‍යාවශ්‍ය වේග
අලූත උපන් දරුවාගේ වස්ත්‍ර

    දරුවා සඳහා භාවිතා කරන ඇඳුම්ල ඇඳ ඇතිරිලි හා වෙනත් උපයෝගික වස්ත්‍ර මෘදුල සැහැල්ලූල අලූත්ල සුවඳවත් හා ලා පැහැති විය යුතුයග
    එසේම එම ඇඳුම් ඇන්දවීමට පහසු ආකාරයෙන් සැකසිය යුතු වේග
    මෙම වස්ත්‍ර මල මුත්‍ර ආදියෙන් අපවිත්‍ර වූ වහාම ඉවත් කර පිරිසිදු අලූත් වස්ත්‍ර මාරු කර ගැනීම කළ යුතු වේග
    අපවිත්‍ර වූ වස්ත්‍ර රෙක‍ෂා්ස්ත ද්‍රව්‍ය වලින් දුම් අල්ලා නැවත භාවිතයට ගත යුතු වේග

    ආයුර්වේද වෛද්‍ය
    හංසනී සෝමවීර :ඊAඵී ගජදක-
    පුනර්ජීව ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
    බොරලැස්ගමුව

curtesy : parenting.lk

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල