හේතුවක් නොමැතිව හඬන දරු සිඟිත්තා වෙනුවෙන් ඔබ කලබල විය යුතු අවස්ථා?

views 2017-04-30 02:51:00 mother_New

 අලුත උපන් කිරිකැටියාගේ සිනහව මෙන්ම කඳුළු තමාගේ හැඟීම් ප්‍රකාශ කරන එකම මාර්ගය වේග මේ අවස්ථාවට මුහුණ දෙන කුලුඳුල් මවට නම් සිනහවටත් වඩා දරුවාගේ කදුළුවලින් ඇති කරවන්නේ තරමක පීඩනයක්ග නමුත් දරුවා සිනහ වෙනවාටත් වඩා හැඬීම මඟින් තමාගේ අවශ්‍යතා සියල්ල ප්‍රකාශ කරයිග කෙසේ වෙතත් හේතුවක් නොමැතිව වුවද දරුවා හැඬීමටද හැකි නිසා මවක් කලබල විය යුතු නොයුතු අවස්ථා මොනවාද යන්න පිළිබඳ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනෝරි ගමගේ සමඟ පැවැත්වූ සාකච්ඡාවේන් ඔබට දැනගත හැකි වේවිග

සාමාන්‍යයෙන් කුලුඳුල් දරුවෙකුට තමාට ඇතිවිය හැකි රෝග අවස්ථා පිළිබඳව ප්‍රකාශ කිරීමට නොහැකි වේග ඒ වෙනුවෙන් දරුවෙකුට කළ හැකි එකම කාර්යය හැඬීම පමණයිග ඇතැම්විට රෝගයක් වැළඳී තිබුණත් පිටතට රෝග ලක්ෂණ නොපෙන්වන අවස්ථාද තිබේග නමුත් එවැනි විටෙක දරුවාගේ සාමාන්‍ය හැසිරීම්වල අසාමාන්‍යතා මඟින් ඒ බව පැහැදිලිව හඳුනාගත හැකියිග ඒ ලක්ෂණ අතර දරුවා වෙනදා තරම් කිරි උරා නොබොනවා නම් හෝ ශරීර උෂ්ණත්වය :උණ* ඉහළ ගොස් තිබේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයිග මෙසේ ඇතිවන උණට හේතුවිය හැක්කේ නිසිලෙස ප්‍රමාණවත් පරිදි කිරි නොලැබීම නිසා දරුවා විජලනයට ලක් වීමයිග

ඒ වගේම අනෙකුත් දිනවලට වඩා දරුවා නිදා ගන්නේ නම් හෝ මව බලෙන් උත්සාහ කර කිරි පෙවීමටද නොහැකි නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවිය යුතුයිග මීට අමතරව කුලුඳුල් දරුවාගේ පෙකෙණිය සම්බන්ධවද ඇතැම් මව්වරු වරදවා වටහා ගනු ලබයිග සාමාන්‍යයෙන් දරුවකු ඉපදී දින 5ල6ල7 ක් ඇතුළතදී ස්වභාවිකවම පෙකණිය හැලී යයිග ඇතැම් අය මේ සඳහා විවිධ ආලේපන ගැල්වීමල වැනි ක්‍රමවේද අනුගමනය කළත් මේ සඳහා විශේෂයෙන් කිසිවක් කිරීමටද අවශ්‍ය වන්නේ නැහැග අවශ්‍ය වන්නේ එතැන වියළිවල පිරිසුදුව තබා ගැනීම පමණයිග නමුත් ඇතැම් විටෙක තරමක් තෙත ස්වභාවයකින් යුක්ත නම් එසේත් නැත්නම් රතු පැහැයක් ඒ අවට ඇති වී තිබේ නම් හෝ දුර්ගන්ධයක් හමයි නම් වෛද්‍යවරයාට නොපමාව ඒ බව දැන්විය යුතුයි

ඒ වගේම එන්නත ලබාදීමෙන් පසු දරුවන්ට මද උණ ස්වභාවයක් ඇතිවීම සාමාන්‍යයයිග නමුත් මේ හේතුව නිසාත් මව්වරු අනවශ්‍ය ලෙස කලබල වී දරුවන්ව වෛද්‍යවරුන් වෙත රැගෙන යයිග තවද  ර්‍ණඉක්කා” වැටීමද මෙවන් දරුවෙකුට ඇතිවිය හැකි සාමාන්‍ය තත්ත්වයක් වූවත් වෙනදාට වඩා අසාමාන්‍ය ලෙස ඉක්කා වැටේනම් එවිටද දරුවා වෛද්‍යවරයෙක් වෙත පෙන්විය යුතුයිග

යම් කුඩා දරුවෙකු මුත්‍රා දැමීමට පෙරද අඬනවා නම් ඒ පිළිබඳවද සැලකිලිමත් විය යුතුයිග

එමෙන්ම බොහෝදෙනෙක් කිරි වමනය දැමීම පිළිබඳ කතාබහ කරයිග මීට ප්‍රධාන වශයෙන් බලපවත්වන්නේ නිසිලෙස දරුවාට ගුඩුස් නොයැවීමයිග එසේ වුවත් නිතරම වමනය යයි නම් සෑම කිරිවේලකට පසුවල විදීමෙන් වමනය දමයි නම් හා දරුවාගේ බරද ක්‍රමයෙන් අඩු වේ නම් මව්වරු විශේෂ සැලකිල්ලක් තමාගේ දරුවන් කෙරෙහි දැක්විය යුතුයිග මීට අමතරව අනවශ්‍ය ලෙස කිරි පෙවීමද කිරි වමනය කිරීම හේතුවක්ග එබැවින් දරුවාට හඬන සැමවිටම කිරි නොදී පැය 2 කට වරක් පමණ කිරිවේලක් ලබාදීම ප්‍රමාණවත්ග නමුත් ඉන් අදහස් වන්නේ ඔරලෝසුවකට අනුව කිරි දිය යුතු බව නොවේග සාමාන්‍යයෙන් පැය 4 කට වඩා දරුවෙකුට කිරි ලබා නොදී සිටීමද කිසිවිටෙක නොකළ යුතුයිග ඇතැම් අවස්ථාවල දරුවා තරමක් සීතල වීමද ස්වභාවිකයිග ඒ වගේම කුලුඳුල් දරුවෙකු නෑවීමද ඉතා වැදගත්ග මෙහිදී දරුවා නිරෝගී නම්ල හිරුඑළිය හොඳින් ලැබෙන දිනයක් නම් දරුවකු නෑවීම ගැටලුවක් නොවේග එමෙන්ම නෑවීම කොටස් දෙකක් වශයෙන් සිදු කළ යුතුයිග ඒ අනුව පළමුව දරුවාගේ හිසද දෙවනුව ශරීරයද නෑවීම කළ යුතුයිග

ඉහත අවස්ථාවන්හිදී හැරුණුවිට මවුවරු බියට පත්වන තවත් කරුණක් වන්නේ දරුවන් කහ පැහැති වීමයිග නමුත් සාමාන්‍යයෙන් අලුත උපන් දරුවන්ගෙන් 70්‍ර කට පමණ ශරීරය කහ පැහැවීමල සුදු ඉංගිරියාව කහ පැහැවීම දින කිහිපයකින් අඩු වී යයිග නමුත් කලක් ගත වූවත් ඇස්ල අතපය හා උදර ප්‍රදේශය කහවීම වෛද්‍ය ප්‍රතිකාර පැතිය යුතු අවස්ථාවන්යග සාමාන්‍යයෙන් දරුවෙකු පළමු දින 5 දී උපරිම කහ පැහැයක් ගන්නා අතර දින 10ක් ගත වනවිට එය අවම වීමයිග

මේ සියලු තොරතුරුවලට අමතරව මවක් විශේෂයෙන් මතක තබා ගත යුත්තේ තමාගෙන් දරුවාට දිය යුතු මුල් කිරි ප්‍රමාණය ලබා දීමයිග ඊට හේතුව දරුවෙකුගේ ප්‍රතිශක්තිකරණයට අවශ්‍ය මූලික පෝෂ්‍ය කොටස් ඒ තුළ අන්තර්ගත වීමයිග නමුත් ඇතැම් මව්වරු මුලින්ම පියයුරකින් එන කිරි ඉවත් කරන්නේ එය තරමක් කහ පාටට හුරු තෙල් ස්වභාවයකින් යුත් දියරයක් නිසාත් දරුවාට එය හානිකර යැයි සිතන නිසාත්යග නමුත් මෙම මුල් කිරිවලින් :කෙලෙස්ට්‍රම්* ඔබගේ කිරිකැටියාට සිදු වන්නේ යහපතක් මිස අයපතක් නොවන බව තදින් සිහියේ තබා ගත යුතුයිග

කෙසේ වෙතත් මේ තොරතුරුවලට අනුව කුලුඳුල් මවක් කලබල විය යුතු නොවිය යුතු අවස්ථා මොනවාදැයි නිවැරදිව වටහාගෙන ඒ අනුව කටයුතු කිරීමෙන් ඔබ අපහසුතාවට පත්වීම වළක්වා ගත හැකි වේග

නුවන්ති කුලරත්න

curtesy :dinamina.lk/

​සිංහල ලිපි

  • පොඩි පැටියට බත් කවන්න ගෙදර යුද්ධයක්

    2017-05-26 03:14:00 Views 25 Read More...

    අනේ ඇත්තටම හම්බ කරන්නයි උයන්න පිහන්නයි මෙච්චර අමාරු නැහැග මේ ගොල්ලන්ට බත් කවන්න ගියාම පිස්සු හැදෙනවාග බොහෝ අම්මලාගෙන් මුවින් පිට වෙන මේ මැසවිල්ල ඔබටත් පුරුදු ඇතිග ඇත්තටම දරුවාට අවශ්‍ය පෝෂණය ළමා කාලයේදී නොලැබුනොත් ඔවුන්ගේ අනාගතයේදී ඇති වෙන පෝෂණ ඌනතාවයන්ට පිලිතුරු සොයන්න ලේසි පහසු නැහැ

  • දරුවන්ගේ කකුල් බකල වීමට වගකිව යුත්තේ කවුදරෑ

    2017-05-24 03:27:00 Views 41 Read More...

    මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා භෞතචිකිත්සක ප‍්‍රතිකර්මවලට අදාළ වන ව්‍යායාම ක‍්‍රම කිහිපයකිගග‍්‍රෑම් 100ක් පමණ බර වැලි කොට්ටයක් දරුවාගේ වළලූ කරෙහි එල්ලා දරුවාට

සතියේ ලග්න පලාපල