දරුවාගේ ඇස් දෙකයි දිවයි බලලා ඩොක්ටර් කිව්වා දරුවාට ලේ නැහැ කියලා

views 2017-04-28 04:03:00 mother_New

 නිල්දණ්ඩාහින්න රෝහලේ විශ්‍රාමික ලියාපදිංචි වෛද්‍ය නිලධාරි අතුල බණ්ඩාර

ගසක් වුණත් නීරෝගීව වර්ධනය වන්නට නම් ඊට අවශ්‍ය නිසි පෝෂණය ඉතා හොඳින් ලැබිය යුතුයිග නමුත් එම සාධකවල විවිධ අඩු පාඩුකම් සිදු වුණෙත් ඉන් ඇතිවන ප්‍රතිඵලය එහි පැවැත්මට ගැටලු ඇති කරවීමට හැකියිග මේ සිද්ධාන්තය මිනිසාගේ ජීවන පැවැත්මල වර්ධනයට ද එකසේ අදාළ වූවක්ග විශේෂයෙන්ම දරුවෙකුගේ කුඩා කාලය පිළිබඳ සලකා බැලීමේදී නිසි පෝෂණයක් ලබා ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය කරුණක්ග එසේ නොවුණහොත් රක්තහීනතාව එසේත් නොමැති නම් ලේ මදකම නිසා ශාරීරික වර්ධනයේ විවිධ දුර්වලතා ඇති වීමේ වැඩි අවදානමක් ඇතිවිය හැකියිග

වර්තමානය වනවිට දරුවන්ගේ ජීවිත ඉතාමත් කාර්යබහුල අවිවේකී තත්ත්වයට පත්ව තිබීමත්ල ආහාර පිළිබඳ සැලකිලිමත්භාවය මද කමත් මීට බොහෝදුරට හේතු වී තිබේග නගරබඳව හෝ වේවා ගම්බදව හෝ වේවා පෝෂණය පිළිබඳ දරුවන් දෙමාපියන් ඇතුළු කාගේත් අවධානයල අවබෝධය ඉතාමත් අවම මට්ටමක පැවතීම වර්තමානය වනවිට බරපතල ගැටලුවක් බවට පත්ව තිබේග

කුස පිරෙන්නට ආහාරයක් ලබාගත් පමණින් එය නිසි සෞඛ්‍යමත් සමබල ආහාරයක් වශයෙන් සැලකීම තරමක් ගැටලුකාරීයිග ඇතැම් දරුවන් කෙතරම් ආහාර ලබා ගත්තත් නිසි පෝෂණයක් :සමබල පෝෂණයක්- නොමැති කම නිසා ඔවුන්ටත් නොදැනීම ඔවුන් යකඩ ඌනතාවයෙන් පෙළෙන අය බවට පත්විය හැකියිග බොහෝදෙනා නගරබඳව පමණක් මෙම තත්ත්වය පවතින බව සිතුවත් ගම්බදව ද දරුවන්ට මුහුණ දීමට සිදු වී ඇති ගැටලු අතර රක්තහීනතාව එක් ප්‍රධාන ගැටලුවක්ග ඉතා කුඩා වයස්වල පසුවන දරුවන් :පෙර පාසල් වියේ- තමාගේ උදෑසන ආහාරවේල බොහෝ අවස්ථාවල මඟහැර දමන අතර මාපියන් ද ඒ පිළිබඳ සැලකිලිමත් නොවීම වර්තමානය වන විට මෙම ගැටලුවට ප්‍රධාන හේතුවක් වශයෙන් පෙන්වා දිය හැකියිග මාපියන් ඇතැම් අවස්ථාවල කෙතරම් උනන්දුවකින් පෝෂ්‍යදායි ආහාරවේල් සකස් කර දුන්නද දරුවන් ඒවා ආහාරයට නොගැනීම නිසා ද දරුවන්ට යකඩ ඌනතාවන් ඇතිවීම සුලබව දැකගත හැකියිග

ශරීරයේ ප්‍රමාණවත් පරිදි යකඩ නොමැති බව දැකගත හැකි වයස් කාණ්ඩ අතර පෙර පාසල් වියේ පසුවන දරුවන් විශේෂිත වේග මීට අමතරව විවිධ හේතු මූලික කර ගනිමින් විවිධ වයස් මට්ටම්වල දරුවන් ද මෙම ගැටලුවට මුහුණදෙන අතර වැඩිහිටියන් අතර ද බොහෝදුරට මෙවැනි තත්ත්ව දැකගත හැකියිග

සායනික වශයෙන් විමසා බලන කල රක්තහීනතාව හඳුනා ගැනීමට රෝගියාගේ බාහිර රෝග ලක්ෂණ පිළිබඳ අවධානයක් යොමු කළ හැකියිග එහිදී ප්‍රධාන වශයෙන් රෝගියාගේ ඇස් යට තිබෙන වර්ණය වගේම දිවේ වර්ණය පිළිබඳව අවධානයක් යොමු කළ හැකියිග නිරෝගී අයෙකුගේ එම වර්ණ රත් පැහැයක් ගත යුතු නමුත් රක්තහීනතාවෙන් පෙළෙන අයෙකුගේ එම වර්ණය බොහෝදුරට සුදට හුරු රෝස පැහැයක් ගත හැකියිග බාහිර රෝග ලක්ෂණ අනුව රක්තහීනතාව එසේ හඳුනා ගත්ත ද ස්ථිර වශයෙන්ම තහවුරු කර ගැනීම සඳහා හිමොග්ලොබින් පරීක්ෂණයක් සිදු කළ යුතුයිග

යකඩ බහුල ආහාර ප්‍රධාන වශයෙන් ශාක වගේම මාංශමය ආහාර තුළත් අන්තර්ගතයිග ශාක ආහාර ලෙස පලා මැල්ලුම් ප්‍රධාන වන අතර එම ශාක ආහාරවල තිබෙන යකඩ එම ආහාරවලට දෙහි ඇඹුල් එකතු කිරිම හරහා අවශෝෂණය පහසුකර ගත හැකියිග ඉතා බහුලව යකඩ අන්තර්ගත ශාකමය ආහාර අතර මුරුංගා කොළ ප්‍රධාන තැනක් ගන්නා අතර යකඩ ඌනතාවෙන් පෙළෙන අයට එම ආහාර නිතර ලබාදීම මඟින් රෝගියා මුහුණදෙන ශාරීරික දුර්වලතා මඟහරවා ගත හැකියිග නමුත් කෙතරම් පෝෂ්‍යදායි ආහාර ලබා ගත්ත ද තවත් සමහර පිරිසක් විසින් සිදු කරනු ලබන ඇතැම් වැරදි පුරුදු නිසාද ආහාරවල යකඩ අවශෝෂණයට බාධා පැමිණිය හැකියිග එවැනි පුරුදු අතර ආහාර ගත් විගස හෝ ආහාරයට පෙර තේ කහට පානය කිරීම පිළිබඳ පෙන්වා දිය හැකියිග තවද ඇතැම් පණු රෝග මෙන්ම ඉහත පැහැදිලි කළ ආකාරයේ වැරදි පුරුදු වගේම ප්‍රධාන වශයෙන් සමබල පෝෂණයක් ලබා නොගැනීම නිසාත් රක්තහීනතාවට පුද්ගලයෙකුට මුහුණ දීමට සිදුවිය හැකියිග

ශරීරික අප්‍රාණික බවල නිතර දැනෙන නිදිමත ආදී රෝග ලක්ෂණ ද පුද්ගලයෙකුට සිරුරේ රුධිරය මදකම නිසා මුහුණ දීමට සිදුවන ගැටලුකාරී තත්ත්ව වේග

බොහෝදුරට එම රෝග ලක්ෂණ දරුවකුට බලපානවා නම් දරුවාගේ අධ්‍යාපනයට ද එය බාධා ඇති කරවිය හැකියිග කෙසේ වෙතත් වර්තමානය වනවිට ගම් ආශි‍්‍රතව පවතින මෙම රෝගී තත්ත්වය පිළිබඳ සලකා බැලුවහොත් වැඩිහිටියන්ට වඩා මේ ගැටලුවට මුහුණ දී තිබෙන්නේ පාසැල් යන වයසේ මෙන්ම පෙර පාසල් යන වයසේ දරුවන්යග මේ සඳහා බලපාන ප්‍රධාන හේතුව වන්නේ යකඩ ඌනතාව පිළිබඳ මහජනතාව නිසි පරිදි දැනුවත් නොවීමයිග විශේෂයෙන් වැඩිහිටියන්ට හොඳ දැනුමක් ලබාදීම හරහා එය දුවා දරුවන්ට ද ලබාදීම තුළින් වඩාත් නීරෝගිමත් ජනතාවක් ඉදිරියේදී බිහිකර ගත හැකි වේවිග

නුවන්ති කුලරත්න

curtesy :dinamina.lk

​සිංහල ලිපි

  • කුඩා දරුවන්ගේ මුත්‍රා ආසාදන

    ඔබේ පුංචි දරුවාට ඕනෑ ම විටක මුත්‍රා ආසාදනයක් ඇති විය හැකියි. එය ඔබටත් දරුවාටත් දෙදෙනාටම දැඩි අපහසුවක් ඇති කරනවා.
  • ඔබේ දරුවා උසකින් වැටුනොත්?

    “අනේ බලන්නකෝ!! මම පොඩ්ඩක් අනෙක් පැත්ත හැරුන විතරයි, බබා ඇඳෙන් වැටිලා නේ…. දැන් මොකද කරන්නේ…..?”
  • ඔබේ සිඟිත්තාගේ කිරි දත් පෙළ දකින්නට සූදානම්ද?

    “රන් ටිකිරි සිනා… මුව මුවා පාලා...” ඔබේ දරු පැටියාත් එසේ මුතු කැට පෙළක් වන් දත් විදහා හිනාවෙනු දකින විට සිතේ ඇති සියළු දුක් අමතක වී යනවා නේද? ඉතින් මෙසේ එන දත් දෙපළ මතුවන අයුරත්, එය කෙටි කලකින් වැටී ගියත් නිසි ලෙස ප්‍රවේසම් කරන අයුරුත් ඔබ දැනගත යුතුමයි...
  • ඔබේ දරුවාට වැසිකිළි භාවිතය පුහුණු කිරීම

    දරුවාගේ ජීවිතයේ මුල් අවධියේදී වැසිකිළි භාවිතය පුහුණු කිරීම පිළිබඳව ඔබ සිතනවා ඇති. එහෙම නැතිවුනොත් දරුවාට අවුරුදු 5 වන විටත්, නැපි එක මත මුත්‍රා කර ඔබට අඬගැසීමට පුළුවනි.
  • ඔබේ දරුවාත් අනාගතයේ දක්ෂ ලේඛකයෙක්

    රචනා ලිවීමට අද බොහෝ දරුවන් දක්වන්නේ මැලි කමකි. මන්දයත් ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාව පිරිහී ඇති නිසාය. එම නිසා රචනාවකට කරුණු ගොනු කර ඒවා නිවැරදිව පෙළ ගැස්වීම ඔවුන්ට අපහසු කාර්යයක් වී ඇත

සතියේ ලග්න පලාපල