දරුඵල ලබාගැනීමට ගතයුතු ඖෂධීය වට්ටෝරු

views 2017-04-20 01:58:00 mother_New

 ආයුර්වේද වෛද්‍ය
නන්දා කස්තුරිආරච්චි

උතුම් මාතෘත්වය අරඹයා දරුවකු ලබාගැනීමට අවැසි වටපිටාව සකස් කරගනිමින් ජිවිතයේ ඉදිරි ගමන් මග සකසා ගන්න අන්දම හා මදසරුභාවයට ඇතිවන බාධා මොනවාද යන්න පසුගිය සතියේ මදසරුභාවය පිළිබඳ ලිපියෙන් ඔබව දැනුවත් කළාග

පරිසරයේම කොටසක් වන අපි පරිසරයෙන් රැකිය යුතු නිසා ස්වභාව ධර්මයාගේ පැවැත් මේ කොටසක්ග එබැවින් මේ සම්බන්ධතාවය මත ජීවිතය ගොඩ නැගිය යුතුයිග ඕනෑම සත්ත්වයෙකුගේ ජීවන පැවැත්ම ද මේ අනුසාරයෙන් ගොඩ නැගෙන අතර ජීවන පැවැත්ම ගෙන යෑම අඩපණ වූ විට ඇතිවන දුෂ්කරතා මඟහරවා ගැනීමට සුදුසු ප්‍රතිකර්ම පවා පරිසරයෙන්ම අපට දායාද කර ඇතග මෙහිදී ප්‍රතිකාරවලදී ඖෂධ ලබාගැනීම හා ආහාරපාන ලබාගැනීම වැනි දෑ පර්යේෂණාත්මකව අත්හදා බලාල ලබාගත් ඖෂධ භාවිතය මහඟු ප්‍රතිඵල ගෙනදේග

අප ජීවත්වන්නා වු පරිසරය ඇතැම් විට අපට දරුවකු ලබා දෙන්නට පටහැනි ලෙස ක්‍රියා කරන්නේ අපගේම වරදිනිග පරිසරයේ අපට නොපෙනෙන ඇතැම් විෂමතා වළක්වා ගත හොත් දරුවකු ලබා ගැනීමට පරිසරය අපට ප්‍රතිඋපකාර කරනු ඇතග

පිරිමින්ගේ මද සරුභාවයට බලපාන හේතු

ෆ ආර්ථික හේතු

ෆ අවිවේකී බව

ෆ අවශ්‍යතාවයන් සුහදව සාකච්ඡා නොකිරීම

ෆ අන්‍යොන්‍ය අවබෝධය නැතිකම

ෆ ගන්නා ආහාරපාන වල පවතින කෘත්‍රිම බව

ෆ ඇඳුම් පැළඳුම්

ෆ පරිසරයේ පවතින විවිධ විෂමතා :කාලගුණික හා දේශගුණිකව-

ෆ නවීන උපකරණ භාවිතය :උදා -  Mobile phone

ෆ විකිරණ සම්බන්ධතාවයන් (Radio Station)

ෆ රසායනික ද්‍රව්‍ය භාවිතා කරන ස්ථානවල අනාරක්ෂිතව රැකියාවේ නියැලීම

ෆ උෂ්ණත්වය අධික ස්ථානවල රැකියාවේ යෙදීම

ෆ එක දිගට වාඩි ව සිටීම :උදා - රියැදුරන් - පිරිමි-

රියැදුරකු එවන් අවස්ථාවකදී එක දිගට යාම අතරමග පහසු තැනක නවතා සුළං වඳින ස්ථානයකට පිවිස ගිමන් හැරිය යුතුයිග

මුහුණ කට සෝදා සිසිල් ජලයෙන් තෙමා සිරුරට සිසිලසක් ලබාදීම වඩාත් සුදුසුයිග

කාන්තාවන්ට දරුඵල පමා වන්නේ මේ හේතු නිසයිග

ෆ ඔසප් අක්‍රමවත් බව

ෆ රෝම කූප ආසාමාන්‍ය ලෙස වැවීම :මුහුණේල බඩල අත්ල කකුල්-

ෆ උෂ්ණාධික වීම

ෆ සම වියළි බව

ෆ ඔසප් වීමේදී අධික වේදනා ගෙනදීම

ෆ රුධිරය රත්පැහැ නොවීම

ෆ රුධිරය කළු හෝ දුඹුරු වීම

ෆ දුර්ගන්ධයක් සහිත ස්‍රාවයක් යෝනි මාර්ගයෙන් පිටවීම

ෆ පෝෂ්‍යදායී ආහාරපාන නොගැනීම

දරුඵල සඳහා ලබාගත යුතු ආහාර වර්ග

අලුත් එළවළු හා පලතුරු වර්ග භාවිතය වඩාත් සුදුසුයිග දරු ඵල ලබාගැනීමට ඔබගේ සිරුර සිසිලසකින් තබාගත යුතු බව අනිවාර්ය කරුණක් ද වේග සිරුරේ වර්ධනයට අවශ්‍ය පෝෂක කොටස් අඩංගු ලේ වඩන එළවළු හා පලතුරු මෙහිදී ඔබේ භෝජනයට ඇතුළත් කර ගත යුතුයිග

වැටකොළුල පතෝලල බණ්ඩක්කාල රාබුල නෝකෝල්ල ගෝවාල ලීක්ස්ල කැරට්ල ලබුල වට්ටක්කාල කොහිල අලල දළුල බෝංචිල දඹල වැනි ස්වභාවික එළවළු හා අඹල ඇඹරැල්ලාල ගස්ලබුලකොමඩුල කොකෝවාල පේර වැනි නැවුම් පලතුරු සුදුසුයග දේශීය හාල් වලින් සැදු බත් අනුභවය ඉතාමත් අගනේයග සුවදැල්ල හීනනැටිල රත්හාල්ල පච්ච්පෙරුමාල්ල මඩතවාලු ඒ අතර වේග තම්බපු හාල් ද ගුණදායක වේග

නුසුදුසු ආහාර

නමුත් සිරුරේ උෂ්ණාධික බවට තවත් ගැටලු ඇතිවන උෂ්ණධික ආහාරපාන සුදුසු නැතග ඉස්සෝල දැල්ලෝල කකුළුවෝල බල මාළුල අච්චාරුල අබල විනාකිරිල අන්නාසි ල තක්කාලි වැනි ආහාර වර්ග උෂ්ණාධික නිසා ඒවා සුදුසු නැතග එසේම පාන්පිටිවලින් සකස් කරන ලද ආහාර ඉතාම අහිතකරවේග රසකාරක යෙදු ආහාරවලින් ද වැළකී සිටිය යුතුයිග බේකරි කෑම :පේස්ට්‍රිල වර්ග ඇතුළු අනෙකුත් කෘත්‍රිම ආහාර- නුසුදුසුයග

ප්‍රතිකාර

විශේෂයෙන් මෙහිදී සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු වී තමාගේ මදසරුභාවය ගැන සාකච්ඡා කිරීමෙන් ප්‍රතිකාරවලට යොමු වීම වඩාත් වැදගත් වේග

දරුඵල ලබාගැනීම ප්‍රජනන ඉන්ද්‍රීය පද්ධතිය සකස් කිරීමට අවශ්‍ය බෙහෙත් වට්ටෝරු කිහිපයක්ග

1ගනෙළුම් මල් රේණු එළිඟිතෙල් හා මීපැණි වලින් අනා ආහාරයට ගන්නග

2ගපොකුරු වද තම්බා බීම

3ගඅළු කෙසෙල් අල මාදම් පොතුල තැඹිලි මල්ල අට්ටික්කා පොතු කලං 3 බැගින් ගෙන වතුර පත 8 1 ට සිඳ පෙරා වරකට පත 1රැ2 බැගින් උදේ සවස බොන්නග

මෙය වෛද්‍ය උපදෙස් මත ගැනීම වඩාත් සුදුසුයිග

සියඹලා ඇට කන්නග මෙය ශුක්‍ර වර්ධනය සඳහා පුරුෂ පක්ෂයට ඉතාම යෝග්‍ය වේග

ස්වර්ණා ආරියවංශ


Wmqgd .ekSu �k�K mqj;a m; weiqfrks

​සිංහල ලිපි

  • ලමා කාලයේ දී ඇති වන කණේ ආසාදන

    ඔබේ දරුවාගේ කණ කොටස් තුනකට බෙදා දැක්විය හැකියි. කන් පෙත්ත හා පිටත ශ්‍රවණ නාලය (කන් බෙරය දක්වා) කොටස පිටත කණ ලෙස හැඳින්වෙනවා. කන් බෙරයේ සිට කර්ණ ශංඛය දක්වා කොටස මැද කණ ලෙස හැඳින්වෙනවා.
  • කුඩා දරුවන්ගේ මුත්‍රා ආසාදන

    ඔබේ පුංචි දරුවාට ඕනෑ ම විටක මුත්‍රා ආසාදනයක් ඇති විය හැකියි. එය ඔබටත් දරුවාටත් දෙදෙනාටම දැඩි අපහසුවක් ඇති කරනවා.
  • ඔබේ දරුවා උසකින් වැටුනොත්?

    “අනේ බලන්නකෝ!! මම පොඩ්ඩක් අනෙක් පැත්ත හැරුන විතරයි, බබා ඇඳෙන් වැටිලා නේ…. දැන් මොකද කරන්නේ…..?”
  • ඔබේ සිඟිත්තාගේ කිරි දත් පෙළ දකින්නට සූදානම්ද?

    “රන් ටිකිරි සිනා… මුව මුවා පාලා...” ඔබේ දරු පැටියාත් එසේ මුතු කැට පෙළක් වන් දත් විදහා හිනාවෙනු දකින විට සිතේ ඇති සියළු දුක් අමතක වී යනවා නේද? ඉතින් මෙසේ එන දත් දෙපළ මතුවන අයුරත්, එය කෙටි කලකින් වැටී ගියත් නිසි ලෙස ප්‍රවේසම් කරන අයුරුත් ඔබ දැනගත යුතුමයි...
  • ඔබේ දරුවාට වැසිකිළි භාවිතය පුහුණු කිරීම

    දරුවාගේ ජීවිතයේ මුල් අවධියේදී වැසිකිළි භාවිතය පුහුණු කිරීම පිළිබඳව ඔබ සිතනවා ඇති. එහෙම නැතිවුනොත් දරුවාට අවුරුදු 5 වන විටත්, නැපි එක මත මුත්‍රා කර ඔබට අඬගැසීමට පුළුවනි.

සතියේ ලග්න පලාපල